Yaariyan (2014) Sinhala Subtitles


Yaariyan (2014) Sinhala Subtitles
Add to Favorites
Yaariyan (2014) Sinhala Subtitles (148 min 41 sec)
02-24-2014 at 08:53 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 109 - Views: 21700



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ





ලක්ෂ්‍යය, නීල්, ජියා, පාඩි, සැලෝනි කියන්නේ සික්කම් වල එකම කොලේජ් එකේ ඉගෙනුම ලබන හොඳ යාළුවො 5 දෙනෙක්. මේ අය ඉගෙන ගන්න කොලේජ් එක පිහිටි ඉඩම ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙක් මිලදී ගන්නවා. මොකද ඒ සම්පූර්ණ ඉඩම පාසලට අයිති එකක් නෙවෙයි. මේ මිලදී ගැණීම නිසා ක්‍රීඩාපිටිය, ශ්‍රවණාගාරය සහ බාලිකා නේවාසිකාගරය පාසලට අහිමි වෙන්නයි යන්නේ. හැබැයි ඒ දේවල් බේර ගැනීමට අවස්ථාවක් මේ පාසලට හිමිවෙනවා. ඒක එක්තරා විදියක අභියෝගයක්. ඒ අභියෝගය තමයි ඕස්ට්‍රේලියානු සිසුන් සමග යම් තරඟ කිහිපයකට මුහුණ දීලා ඒ තරඟ වලින් ජයග්‍රහණය කරන එක. ඉතින් ‍ඕස්ට්‍රේලියානු සිසුන් එක්ක තරඟ කරල මේ පාසල බේර ගැනීමේ මහඟු කරතව්‍යට උර දෙන්න සිද්ද වෙන්නෙ ලක්ෂ්‍යය, නීල්, ජියා, පාඩි, සැලෝනි කියන යාලුවො පස් දෙනාට.ඉතින් මේ 5 දෙනා ඒ අභියෝගයට කොහොමද මුහුණ දෙන්නෙ කිය දේ තමයි මේ චිත්‍රපටිය පුරාවට දිවෙන්නේ. ඒ අතරේ සුන්දර ආදර කතාවකුත් ගලාගෙන යනවා.මිත්‍රත්වය ගැන, මව් සෙනෙහස ගැනත් බොහොම සංවේදීව කතා කරන චිත්‍රපටියක් තමයි මේක. උපසිරැසි ගන්වන මොහොතෙ පවා මේ චිත්‍රපටියෙ සමහර දර්ශණ දකිද්දි මගේ ඇසට කඳුළක් උනපු අවස්තා ‍බොහෝමයි.

ඒ පොඩි හැඳින්වීමක් කළේ අද මම උපසිරැසි අරගෙන ආපු Yaariyan චිත්‍රපටිය ගැනයි. Divya Khosla Kumar කියන අධ්‍යක්ෂකවරිය විසින් අධ්‍යක්ෂණය කළ මේ සිනමා නිර්මාණයට ලැබී තියෙන IMDB අගය පහළ මට්ටමක පැවතුනත් මගේ නම් අදහස මේකට 6/10 ක වත් IMDB අගයක් හිමිවිය යුතුයි කියන එකයි.මොකද මේක කිසිම කම්මැළිකමකින් තොරව බලන්න පුලුවන් ජීවිතේට යම් ආදර්ශයක් එකතු කර ගත හැකි චිත්‍රපටියක්. නවක නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය තිරගත කිරීම ඇරඹුවේ 2014 ජනවාරි මස 10.ඒ වගේම මේ චිත්‍රපටියෙ අන්තර්ගත වෙලා තියෙන ගීත සියල්ලක්ම පාහේ අතිෂය ජනප්‍රිය වුන හරිම ලස්සන ගීත. Baarish ගීතය තමයි පෞද්ගලිකව මමනම් කැමතිම ගීතය. මේ චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ Pritam Chakraborty
සහ Mithoon කියන ජනප්‍රිය අති දක්ෂ සංගීතඥයන් දෙපළ. Mithoon කියන්නේ Aashiqui 2 චිත්‍රපටියටත් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙච්ච බොහොම දක්ෂ සංගීතඥයෙක්. එහෙනම් තවත් අපූරු සිනමා නිර්මාණයක් එක්ක හමුවෙන බලාපොරොත්තුව ඇතිව මම ඔබෙන් සමුගන්නවා. සැමට ජය හා සතුට! සතුටින් ඉන්න!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment