The Hunter (2011) Sinhala Subtitles


The Hunter (2011) Sinhala Subtitles
Add to Favorites
The Hunter (2011) Sinhala Subtitles (102 min 25 sec)
02-24-2014 at 09:14 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 109 - Views: 28894



Tags:


උපසිරැසි ගැන්වීම: අනුෂි ශමල්කා




  1. Most Popular Subtitles of this Contributor


    She is a newbie!! Encourage his to add more subtitles!!!






ඔන්න එහෙනම් මමත් සුම් ඔයාලා එක්ක එකතු උනා උපසිරැසි කරන්න. මේක මගේ පලවැනි උපසිරැසි ගැන්වීම. Hedz තමයි කිව්වේ මේ වගේ Thriller චිත්‍රපටිවලට ඔයාලා ආසා වෙනවා ඒක නිසා මේ වගේ චිත්‍රපටියක් කරන්න කියලා.මම ලස්සන රොමැන්ටික් චිත්‍රපටියක් තමයි ඉතින් කරන්න නම් ගියේ.මම කැමැති චිත්‍රපටියකුත් මම ඔයාලාට දෙන්නම් කෝ.මේ වගේ එවාට ඔයාලා ආසයි නම් ඒ වගේ එකක් දෙන්න එපැයි නේ. ඇත්තටම මේක ලස්සන චිත්‍රපටියක් කියලා කියන්නම ඕන.මගේ උපසිරැසි ගැන්විමේ වේගය නම් ගොඩාරියක් හිමින් තමයි තියෙන්නේ. ඒක නිසා ටික දවසක් යයි ඒ ගැන මුකුත් හිතන්න එපා.

මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මාර්ටින්ට එක්තරා විදියක කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා.ඒ කැලේක සිටින දුර්ළභ ගණයේ වෘකයෙක් අල්ලගෙන එන්න.මේ වෘක වර්ගය ලෝකයෙන් නැසිගෙන යන සත්තු වගයක් වගේම මොවුන් සතුව දුර්ළභ හැකියාවන් තියනවා.ඒ නිසා තමයි මේ සතෙක් අල්ලගන්න යන්නේ. මේ සත්වයෝ වදවෙලා කියලා තමයි ආරංචිය නම් යන්නේ.නමුත් පුද්ගලයන් කිපදෙනෙක් දැකලා තියනවා මේ සත්වයා කැලැවේ සැරිසරනවා.ඉතින් මාර්ටින්ව තොර්ගන්නේ ඒ වැඩේට.මොහු කැලේ තියන අසල කුඩා ගමක ගෙදරක නතර වෙනවා.මේ ගෙදර පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා නම් හරිම වද කාරයෝ දෙන්නෙක් තමයි.ඒ නවාතැන් පොළ අයිති වෙලා තියෙන්නේ ලුසි නැමැති කාන්තාවකට.ඇගේ සැමියාත් මේ කැලැවට ගිහින් තියනවා නමුත් ආපහු පැමිණිලා නැහැ. ඒ කැලැවේ යම් කිසි අභිරහසකුත් තියනවා. කොහොමින් හරි මාර්ටින්ට මේ ආව කාර්යය කරගන්න පුලුවන් වේවිද? ඒ වගේම ගමේ මිනිස්සුන් එහෙම මාර්ටින්ව පිලිගන්න ආකාරයත් හොද වෙන්නේ නැහැ.ඒ කෙනෙක් අනතුරු අගවනවා ඒ නගරයෙන් පිටවෙලා යන්න කියලාත්.මාටින්ට ඇයි එහෙම ගමේ මිනිස්සු තර්ජනය කලේ? එතකොට අර හොයාගෙන ආව දුර්ලභ වෘකයාව අල්ලගන්න පුලුවන් වෙයිද මාර්ටින්ට? මේ හැමදේම දැන ගන්න මේ චිත්‍රපටිය බලන්න. මගේ පලවෙනි උපසිරැසි ගැන්විම ගැනත් අදහසක් දාලා යන්න අමතක කරන්න එපා. හැමෝටම සිතන පතන හැමදේම සැබැවෙන දවසක් වේවා.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 600MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment