Veeram (2014) Sinhala Subtitles


Veeram (2014) Sinhala Subtitles
Add to Favorites
Veeram (2014) Sinhala Subtitles (148 min 59 sec)
03-15-2014 at 09:58 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 132 - Views: 31165



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor








2013 සැප්තැම්බර් 8 වෙනිද තමයි මම සූම් එක එක්ක එකතුවෙලා මුලිම උපසිරැසිය ලබාදෙන්නෙ, එදා ඉදල උපසිරැසි 50 වෙනකම් සූම් එකත් එක්ක දිගු ගමනක් එන්න මට අවස්ථාව ලැබුනා, ඇත්තටම මගේ උපසිරැසි ගාන මම හරියටම දන්නෙ නෑ, හොයාගත්ත ටිකේ එකතුව 50ට වැඩිවුන නිසා මේක දෙන්න හිතුවා, ඉතින් මම මුලින්ම මතක් කරන්න කැමතියි සූම් එකට මට සම්බන්ද වෙන්න අවස්තාව ලබාදුන්න අපේ HEDZ සහෝදරයව, එයා නැත්නම් මට මෙච්චර දෙයක් කරන එක හීනයක්ම තමයි, එයාට ගොඩක් ස්තූතියි මට මේ වගේ අවස්තාවක් ලබා දුන්න එකට ඇත්තටම මට උපසිරැසි 50ක් ගන්න ඕනෙ කියල කිසිම වෙලාවක උවමනාවක් තිබුනෙ නෑ, මට ඕනෙවුනේ එකම එක උපසිරැසියක් කරන්න, ඒත් ඉතින් සූම් එකේ සහෝදරයො ටික මට එකක් කරල නිකම් ඉන්න දුන්නෙ නෑ,
ඉතින් මම මේ වෙලාවෙදි සූම් එකේ සහෝදර උපසිරැසි කණ්ඩායම මතක් කරන්න කැමතියි, එයාල හැමවෙලේම සයිට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා, සහ අපිත් එක්ක නිතරම ඉන්න අපේ සමාජිකයන්ටත් මම මේ වෙලාවෙදි ස්තූතිවන්ත වෙනවා, ඒ වගේම මට මේකෙන් ලැබුන හොදම දේ තමයි, පට්ටම යාලුවො ටිකක් සෙට් වුන එක, ඒක ගැන තමයි මට ගොඩක්ම සතුටු, ඉතින් වැඩි දෙයක් කියන්න නෑ, අපිත් එක්ක දිගටම එකතුවෙලා ඉන්නවනම් මේ වගේ අලුත් වැඩ දිගටම බලාගන්න පුලුවන්, අදත් මම අරගෙන ආවෙ දමිල නිර්මානයක්, මම දෙමල ඒව දෙන නිසා කට්ටිය හිතනව ඇති මම කැමති දෙම ඒවට විතරයි කියලා, එහෙම විශේෂයක් නෑ, හොද ඕනෙම ෆිල්ම් එකකට මම කැමතියි

ෆිල්ම් එක ගැන කියනවනම්, මේකත් අපි කලින් දුන්න ජිල්ලා ෆිල්ම් එකත් නිකුත් වුනේ එකම දවසෙදි, අජිත් විජේ මේ දෙන්න තමයි දෙමල සිනමාවෙ තරඟ කාරයො දෙන්නා, ඉතින් සුපුරුදු විදියටම අපිට මේ ටයිම් ලයින් ටික හදල අපිට උපකාර කලේ අපේ යාලුවො සෙට් එකම තමයි, එයාල කවුද කියල ගොඩක් දෙනෙක් අහනවනෙ, ඒ තමයි KEVIN CD HOUSE ආයතනය, ඒ ආයතනයෙ අපේ සහෝල තමයි ඔයාලට මේ විදියට උපසිරැසි ලබාදෙන්න අපිට උපකාර කරන්නෙ, මේ උපසිරැසි වල ගෞරවය හිමිවෙන්න ඕනෙ ඒ සහෝදර කණ්ඩායමට තමයි, ඉදිරියටත් මේ වගේ දමිල නිර්මාන රසවිදින්න ඕනෙනම් අපි එක්ක දිගටම රැදිලා ඉන්න,

මේක ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ, කාලෙකට පස්සෙ රසවිදින්න පුලුවන් හොද නිර්මාණයක් කියල කියන්න පුලුවන්, ක්‍රියාදාම, හාස්‍ය, ආදරය හැමදේම මේකෙ නොඅඩුව තියෙනවා, මෙහි රංගනය වෙනුවෙන් Ajith Kumar, Tammannaah, Vidharth, Santhanam දායක වෙලා තියෙනවා, මේකෙ IMDB අගය විදියට සටහන් වෙන්නෙ 7.3ක්, මෙච්චර කාලෙකට ලියපු දිගම ලිපිය වෙන්න ඇති, මේ උපසිරැසි එකකවත් මම අදහසක් දාල යන්න කියල ඉලීමක් කරල නෑ වගේ තමයි මතක, ඉතින් අද ඉල්ලීමක් කරන්නම් පුලුවන් අය අදහසක් දාල යන්න, ඉතින් තාරක අයියා කියනවා වගේ බල කරලා දාගන්න කමෙන්ට් 1000කට වඩා ඔබේ හිත ඇතුලෙන් ලැබෙන කමෙන්ට් එකක් අපට ඇති! එහෙනම් ගිහින් එහෙන්නම් ඔබට සදා ජය!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


සිංහල උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment