Hasee Toh Phasee (2014) Sinhala Subtitles


Hasee Toh Phasee (2014) Sinhala Subtitles
Add to Favorites
Hasee Toh Phasee (2014) Sinhala Subtitles (2 min 14 sec)
03-26-2014 at 06:56 PM
Uploaded by HEDZ

Rating: 4.66667 after 3 votes

Hindi Movies
Favorites: 128 - Views: 26527



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ







චිත්‍රපටිය - Hasee toh phasee (2014)
අධ්‍යක්ෂණය - Vinil Matthew
තිර රචනය - Harshavardhan Kulkarni
දෙබස් - Harshavardhan Kulkarni / Anurag Kashyap / Purva Naresh / Purva Naresh
සංගීතය - Vishal Dadlani / Amar Mangrulkar / Shekhar Ravjiani
සිනමාකරණය - Sanu John / Varughese
සංස්කරණය - Shweta Venkat

IMDB දර්ශක අගය - 7.3/10
වර්ගීකරණය - Comedy / Romance
තිරගත වීම ඇරඹූ දිනය - 2014 පෙබරවාරි මස 7 වන දින
ධාවන කාලය - මිනිත්තු 141

රංගනය -
Sidharth Malhotra නිකිල් ලෙසින් (Student of the Year - 2012)
Parineeti Chopra මීතා ලෙසින් (Ladies vs. Ricky Bahl - 2011 / Ishaqzaade - 2012 / Shuddh Desi Romance - 2013)
Adah Sharma කරීෂ්මා ලෙසිනුත් රංගනයෙන් දායක වෙනවා.

නිකිල් කියන්නේ ටිකක් හිතුවක්කාර තරුණයෙක්, එයාගෙ තාත්තා පොලිස් නිලධාරියෙක්, ඉතින් ගෙදරත් හරියට පොලිස් ස්ථානයක් වගේ තමයි.දවසක් මේ නිකිල් තරුණයා තමන්ගෙ කාමරේ ජනේලෙන් පැනලා එයාගෙ මුම්බයි වල ඉන්න යාළුවෙක්ගෙ මගුල් ගෙදර යනවා. ඒ වෙලාවෙ එයාට මුණගැහෙනවා එයා වගේම හිතුවක්කාර තරුණියක් එයා තමයි මීතා. මීතා නිකිල්ට මුණගැහෙන වෙලාවෙ මීතාත් ගෙදරින් පැනල යන ගමන් තමයි ඉන්නේ. දෙන්න එතනදි හිතවත් වෙනවා. හැබැයි මීතා එයාගෙ ගමන යනවා. නිකිල් ආපහු මගුල් ගෙදරට යනවා.

මනාළියගෙ නංගි තමයි කරීෂ්මා කියන්නේ, ‍කොහොමින් කොහම හරි නිකිල් කරීෂ්මාගේ මායමේ පැටළෙනවා. දෙන්නා ආදරවන්තයෝ වෙනවා.ඔහොම අවුරුදු 7ක් ගත වෙනවා. අවුරුදු 7කට පස්සෙ කරීෂ්මයි නිකිලුයි විවාහ ගිවිස ගන්නවා. හැබැයි ඉතින් දෙන්නා හැම තිස්සේම රණ්ඩු.ඔය අතරේ මීතා ආපහු කරළියට එනවා. ඒ කියන්නේ ගෙදරින් පැනල ගියපු මීතා ආපහු ගෙදර එනවා. හැබැයි ඔබත්, මමත්, නිකිලුත් අපි කවුරුත් හිතන්නෙ නැති, බලාපොරොත්තු වෙන්නෙ නැති පැතිකඩක් මීතාගේ ජීවිතයේ තියෙනවා. මීතා කියන්නෙ ඖෂධ වර්ග කිහිපයකට තදින් ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ පෙති ගත්තම ඇයගේ හැසිරීම ඉතාම අසාමාන්‍යය තත්ත්වයකට පත් වෙනවා. ඇත්තටම ඒ වෙලාවට එයා හැසිරෙන විදිය නම් බලන් ඉන්න ආසයි. අපේ භෂාවෙන්ම කිව්වොත් පට්ට ආතල්.

මීතා ආවට පස්සෙ නිකිල්ට වැඩ වැඩි වෙනවා, කරීෂ්මාගේ හිත දිනාගන්න උත්සාහ දරණ අතරේ මීතා ගැන බලන්න වෙන්නෙත් නිකිල්ටමයි.මීතාගෙ පිස්සු වැඩ නිසා නිකිල් ගොඩක් අවස්තාවල අමාරුවෙ වැටෙනවා. කොහොමින් කොහොම හරි නිකිල්ගෙ හිත මීතා දිහාවට ඇඳිලා යනවා.ඇත්තටම මීතා කියන්නෙ කවුද ? ඇයි ගෙදරින් පැනලා ගියේ? එයා අනතුරුදායක ඖෂධ වර්ග වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇයි? ඇයි ආපහු ආවේ? මීතා, නිකිල්, කරීෂ්මා තුන්කොන් ආදර කතාව කොහොම කෙළවර වෙයිද කියල ඔයාලම බලාගන්න. මම මීට වඩා විස්තරයක් කින්නේ නෑ.කොහොම වුනත් මේකනම් කියන්නම ඕන. මේක තමයි මම මේ අවුරුද්දේ බලපු ලස්සනම සිනමා නිර්මාණය. ලස්සන ආදර කතාවක් වගේම හොඳට හිනාවෙන්න පුලුවන් විහිළු ටිකකුත් තියෙනවා.IMDB අගය 7.3ක් වුනේ නිකම් වෙන්නත් බෑනේ නේද? මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන ගීත හැම එකක්ම හරිම ලස්සනයි. ඒ වගේම තිර පිටපතත් හරිම ලස්සනට රචනා වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන නළු නිළි යුවල වෙච්ච Sidharth Malhotra හා Parineeti Chopra
ගේ රංගනය උසස් මට්ටමක තියෙනවා. කට්ටිය චිත්‍රපටිය බලලම කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙනම් මම ගියා. තවත් මේ වගේම ලස්සන ආදර කතාවකින් හමුවන තුරු කට්ටියම ජය හා සතුට ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න.


මෙම චිත්‍රපටියේ BluRay හා DVD පිටපත් දෙවර්ගයටම උපසිරැසි ලබා දි ඇති අතර ඔබ ලබාගන්න පිටපතට ආදාල උපසිරැසි ලබාගන්න.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment