Red Riding Hood (2011) Sinhala Subtitles


Red Riding Hood (2011) Sinhala Subtitles
Add to Favorites
Red Riding Hood (2011) Sinhala Subtitles (105 min 29 sec)
03-30-2014 at 10:15 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 141 - Views: 23773



Tags:


උපසිරැසි ගැන්වීම: අනුෂි ශමල්කා



  1. Most Popular Subtitles of this Contributor






කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම ඔයාලා වෙනුවෙන් අරන් ආවා. පලවෙනි එකට ලැබුන ප්‍රතිචාර ගැන හුගක් සතුටුයි.අපේ ඇඩ්මින්ගේ තේරීම හරි කියලා හිතුනේ පලවෙනි එකටම ලැබුන ප්‍රතිචාර නිසා. ඒ නිසා ආපහු අපේ ඇඩ්මින්ම දුන්න චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා අරගෙන ආවා.පලවෙනි නිර්මාණය බලලා අදහසක් දාපු වගේම මට මැසේජ් කරපු හැම කෙනාටම ස්තුතියි.මේ චිත්‍රපටිය අරන් සති දෙකක් විතර වෙනවා මම අද කොහොම හරි දෙන්න හිතාගෙන පල්ලියට යන්නෙත් නැතුව උදේ ඉදන් දාලා තමයි හවස වෙද්දි ඉවර කලේ.ෆිල්ම් එක ගැන කියනවා නම් අපි කවුරුත් අහලා ඇති නේ රතු හැට්ටකාරිගේ කතාව. ආච්චිලා ගෙදර යද්දි වෘකයෙක් එහෙම ඇවිල්ලා වෙන සිදුවිම් පෙල. මේ කතාව ඒක නම් නෙමෙයි හැබැයි.ඒ කතාවේ අභාෂය අරගෙන තියෙනවා.නමුත් ටිකක් වෙනස් කතාවක්.කතාව ගැන කියන්නම් කෝ එහෙනම් මම...

ඩ්‍රැගන්හොන් කියන්නේ අඳුරු වනාන්තරයක් ඇතුලේ පිහිටි කුඩා ගම්මානයක්. හරියටම පසලොස්වක සඳ නැගෙන දවස් වල මේ ගමට වෘකයෙක් එනවා.ඔහු මිනිස් වෘකයෙක්.හරියට Teen WOLF කතාමාලාවේ ඉන්නේ අන්න ඒ වගේ කෙනෙක්.ඉතින් ගමේ අයට කරදරයක් නොකරන්න හැම පසලොස්වක සඳ නැගෙන දවසකම මේ ගමේ අය බිලි පුජාවකට සතෙක් තියලා නිවාස වලට වෙලා ඉන්නේ.මේ ගමේ ජිවත් වෙන කෙනෙක් තමයි වැලරී (Amanda Seyfried) කියන්නේ වැලරී කුඩාකාලයේ ඉදන්ම ආදරය කරන කෙනා තමයි පීටර් නමුත් වැලරී ගේ දෙමව්පියන් වෙනත් කසාදයක් කරලා දෙන්න හදන්නේ.එකට වැලරී සිත් අමනාපෙන් ඉන්නේ.කොහොම හරි එක් දිනක් විසින් වෘකයා ගමේ කෙනෙක්ව ඝාතනය කරනවා.ඒ වෙන කවුරුත් නෙමෙයි වැලරී ගේ සහෝදරිය. මේ ගැන ගමේ මිනිස්සු කුපිත වෙනවා.මොකද වෘකයා වෙනුවෙන් වෙනම කෑමට දෙවල් ඔවුන් ලබාදිලාත් ගමේ කෙනෙක්ව දඩයම් කිරිම ගැන.මේ නිසා ගමේ හැමෝම තීරණය කරනවා වෘකයාව දඩයම් කරන්න.නමුත් ඒක ලේසි පහසු දෙයක් වෙන්නේ නෑ මොකද මේ මිනිස් වෘකයෙක්.ඔහු ගමේම අය එක්ක ගමේ කෙනෙක් වගේම ජිවත් වෙන්නේ. ඉතින් මේ වෘකයාව අල්ලන්න සැලසුම් හදද්දි අනිවාර්යෙන් එවා ඔහුත් දැනගන්නවා...ඇත්තටම මේ වෘකයා කවුරුන් වෙයිද? ඇයි ඔහු වැලරී ගේ සහෝදරියව මරා දැම්මේ...ඔබ ඇත්තටම පුදුම වේවි මේ කතාවේ ඇත්ත වෘකයා කවුද කියලා දැනගත්තාම ඒක ඔබගේ කුතුහලයට ඉතිරි කරලා තියනවා ඒ නිසා චිත්‍රපටිය අරන් බලන්න මේකත් ඔයාලා ආසම කරන ත්‍රිලර් ගණයට අයත් චිත්‍රපටියක් වේවි.


මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Amanda Seyfried රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මතකනේ Revolution කතාමාලාවේ මයිල්ස් මැතිසන් ගේ චරිතයට පණ පොවන Billy Burke ඔහු තමයි වැලරිගේ පියාගේ චරිතයෙන් රංගනයෙන් දායක වෙන්නේ.ඒ එක්කම මම අපේ උපසිරැසි ගන්වන ටීම් එකේ හැමෝටම ස්තුති වන්ත වෙනවා. ඔයාලා නිසා තමයි ඇත්තටම ටිවි සිරිස් බලන්න පුරුදු උනේ.අලුත් කතා සේරම ඩිලාන්,නවීන්,නිසල් ,සුපුන්,ප්‍රසාද් අතහරින්නේ නෑනේ.ඒ වගේම හින්දි චිත්‍රපටි අරන් එන ගයාන්,දර්ශන,සුලාන් කියන 3දෙනාටටත්(හැමෝගේම නම් මතක නෑ ඒ නිසා කිව්වේ නැත්නම් සමාවෙන්න) ඒ වගේම හැමදාම මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්න ඇඩ්මින්ටත් ස්තුති වන්ත වෙනවා. මම මුලින්ම සබ් දාද්දි මම කිව්වේ''අනේ මම idx හදන්න දන්නේ නෑ එතකොට මට ෆිල්ම් එකේ ලස්සන තැනක නම් දාන්නත් තේරෙන්නේ නෑ කියලා''.ඇඩ්මින් දිපු උත්තරේ මට ඔයාගේ සබ් එක විතරක් එවන්න සේරම මම කරන්නම්.අපි හදන හැම සබ් එකක්ම එතකොට ලස්සන බැනර් එකක් හදලා නම් දාලා දාන එකට ගොඩක් ස්තුතියි.තනියම මට නම් මේ වගේ දෙයක් කරන්න ගියොත් පිස්සු හැදෙයි.තනියම මේ වගේ ලොකු සයිට් එකක් කරන එකම ඇත්තටම ලොකු දෙයක් එකට මට උදව් කරන්න පුලුවන් විදිය උපසිරැසි දෙන එක නිසා මම දිගටම උපසිරැසි පුලු පුලුවන් විදියට අරන් එන්නම්.එහෙනම් තවත් ලස්සන කතාවකින් හමුවෙන කම් හැමෝටම සතුටින් ඉන්න.


ආ...තව පොඩ්ඩෙක් කියන්න බැරි වෙනවා. මේ චිත්‍රපටියේ අවසානය විදිදෙකකින් සිද්දවෙනවා.ඒ කියන්නේ බුලුරේ පිටපතේ අවසානය ටිකක් වෙනස්.ඒ වගේම ඉස්සරම ආව කොපි වල අවසානය ටිකක් වෙනස්.මට නම් ලස්සනට තිබුනේ චිත්‍රපටියේ ඩිවිඩි (R5) කොපියේ තිබුනු අවසානයට.ඒක ලස්සනයි.නමුත් බුලුරේ පිටපතේ අවසානයත් නරකම නැහැ.බුලුරේ පිටපතේ අවසානය ටිකක් ඇඩ්වාන්ස්. මම උපසිරැසි නම් කොපි දෙකටම හරියන්න කලා.කවුරු හරි කැමැති නම් එකත් දෙන්න පුලුවන්.අන්තිම කියන්න බැරි නිසා නොකියා ඉන්නම්.වැඩිය හිතන්න එපා ඒක ගැන නිකමට ඒක කිව්වේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
650MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment