The Wolf of Wall Street (2013) (+18) Sinhala Subtitles


The Wolf of Wall Street (2013) (+18) Sinhala Subtitles
Add to Favorites
The Wolf of Wall Street (2013) (+18) Sinhala Subtitles (179 min 10 sec)
04-02-2014 at 08:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 92 - Views: 22294



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක






ඔන්න අදනම් අරගෙන ආවේ BLACK Comedy ගණයට අයත් වෙන සත්‍ය ජීවිත කතාවක් ඇසුරින් නිපදවූ කතාවක් අරගෙන .මේක ගැනනම් අමුතුවෙන් කියන්න ඕනේ නැ මොකද මේක 2013/2014 අවුරුදු වල ලොකු අවධානයක් දිනා ගත්තු චිත්‍රපටයක්..මුලින ්ම කියන්න දෙයක් තියෙනවා ඒ මේ චිත්‍රපටියේ තිබුණු ලයින් ගාන 3960 ! 4000 කට කිට්ටුයි ඉතින් මේක අරගෙන එන්න මට සම්පුර්ණයෙන්ම දවස් දෙකා හමාරක් ගත වුනා ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදිලා ඇති එහෙම තිබුනොත් සමාවෙන්න..එහෙනම් අපි චරිත දෙස බලමු නේ

Leonardo DiCaprio as Jordan Belfort
Jonah Hill as Donnie Azoff (i.e. Danny Porush)
Margot Robbie as Naomi Lapaglia
Matthew McConaughey as Mark Hanna
Kyle Chandler as Patrick Denham
Rob Reiner as Max Belfort
Jon Bernthal as Brad Bodnick
Jon Favreau as Manny Riskin

අධ්‍යක්ෂණය Martin Scorsese ගේ කතාව ගන කිව්වොත් ජෝර්ඩන් බෙල්ෆෝර්ට් කියන්නේ සාමාන්‍ය කෙනෙක් ගොඩක් සාර්ථක වුනු ඉතින් මේ චිත්‍රපටය පුරා තියෙන්නේ මොහුගේ ජීවිත කතාව ඒ කියන්නේ කොටස් වෙළද පල ආශ්‍රිත දේවල් ඒ වගේම ඔයාලට හොයල බලන්න පුළුවන් අන්තර්ජාලයේ ඕනෙනම් සැබෑ චරිතය ගැන තවත් විස්තර තියෙනවා .. ඉතින් මොහු ස්ට්‍රැටන් ඔක්මාර්ට්
කියන ආයතනය පටන් ගන්නේ කොහොමද ? ඒ වගේ දේවල් බලාගන්න පුළුවන් ! ඒ වගේම මොහු ගොඩක් සල්ලි හම්බකරන නිසා මොහු ආදායම් බදු වලින් එහෙම හොරෙන් තියන් ඉන්නේ ඒ වගේම මොහු හොරෙන් කූට තොග පාලනය කරනවා මේ වගේ මුල්‍යමය වශයෙන් කරන්න පුළුවන් හැම ප්‍රෝඩාවක්ම වගේ කරනවා කළු සල්ලි පිරිපහදුව වගේ ... ඉතින් මේ දේවල් කොච්චර කරත් අන්තිමේදී වෙන්නේ පුදුම දයක් ඉතින් ඒ දේ කියලා වැඩක් නැ ඔයාලම අරගෙන බලන්න මතක තියාගන්න මේකේ සමහර ජවනිකා නිසා මෙය වැඩිහිටියන්ට පමණක් උචිත වෙන බව ..

Martin Scorsese ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන පහකට නිර්දේශ වුනා වගේම ඒ හැරෙන්න වෙන සම්මාන උළෙලවල් වලදී 62 වතාවක් නිර්දේශ වී එයින් 17 ජයග්‍රහණය කරලා තියෙනවා ..ඒ වගේම ඇමෙරිකානු ඩොලර් මිලියන 390.5 උපයාගන්න සමත් වෙලා තියෙනවා .. තවත් දෙයක් නම් මේකෙන් බැලු බැල්මට පෙනෙන්නේ තවත් සාමාන්‍ය චිත්‍රපටයක් ලෙස වුනත්
මෙයින් අපේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා .. ඉතින් ලොකු ලිපියක් අරන් එන්න බැරි වුන එකට සමා වෙන්න මොකද ඇත්තටම ගොඩක් කාර්යබහුල කාලසීමාවක තමා මේක අරගෙන ආවේ ...තව දෙයක් කියන්න ඕනේ මම ත්‍රෙඩ් එහෙකත් දැක්කා උපසිරස ලබා දෙන එක ගැන කතා කරලා අපි වෙන මහන්සිය ගැන ඉතින් ඒ ගැන අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්නම් කවුරු උපසිරසියක් කරත් අපේ කණ්ඩායමේ හරි එහෙම නැත්තන් සහෝදර වෙබ් අඩවියක හරි හැමෝම මේක කරන්නේ යම් කැප කිරීමක් කරලා .. ඉතින් මම කියන්නේ උපසිරැසි කරුවන් බහුතරයක් ඔක්කොම වගේ හොද සාධාරණයක් ඉටු කරනවා .. මට ඒ ගැන විශ්වාසයි ! ඉතින් මේකට අපි කාටවත් ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැ ! අපේ හිතේ සතුට හා ඔබලාගේ අදහස් උදහස් තමා ලැබෙන එකම දේ ..
මේ වෙලාවේ අපේ ඇඩ්මින් ගේ උත්සහය ගැන අගය කරන්නේ ඕනේ ඔහු තමා හැමෝගෙම උපසිරස IDX බවට හැරවීම ,බැනර් හදන එක හා වෙබ් අඩවියේ කළමනාකරණ තනියෙන් කරගෙන යන්නේ .. අපිට වඩා ඔහුට මේ දේන් අහිමි වෙන දේවල් බොහෝයි ඔහු ඔහුගේ දවසේ වැඩි හරියක් කැප කරන්නේ ඔබ වෙනුවෙන් ඉතින් මම ඔහුට මේ වෙලාවේ මගේ ප්‍රණාමය පුද කර සිටින්න ඕනේ ...
ඒ වගේම හැමෝම මේ චිත්‍රපටිය රසවිදින්න හැකිනම් පමණක් අදහසක් දක්වලා යන්න ! ජයවේවා චිත්‍රපටයේ කියමනකින්ම නික්ම යන්නම්


"කුකුල්ලු ගෙදරට එන්නේ රෑට ලගින්න විතරයි"


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1GB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment