All in all Azhagu Raja (2013) Sinhala Subtitles


All in all Azhagu Raja (2013) Sinhala Subtitles
Add to Favorites
All in all Azhagu Raja (2013) Sinhala Subtitles (164 min 26 sec)
04-15-2014 at 07:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 126 - Views: 37942



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor




හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. මේක ලබා දෙන්න හිටියේ අවුරුදු දවසේ උනත් ඉතින් අවුරුදු කාලේ නිසාම ටිකක් දෙන්න පරක්කු උනා. මට මේකේ සබ් ෆයිල් එක ලැබුනේ 13වැනිදා. ඉතින් චිත්‍රපටිය අරගෙන කරන්න ටික දවසක් ගියා. ලයින් 1600කට ආසන්න ගානකුත් තිබුන නිසා. හැමදාම වගේ මේ චිත්‍රපටියටත් අන්තර්ජාලයේ කිසිදු භාෂාවක උපසිරැසියක් නිකුත් කර නැහැ.මේ විදියට ඔයාලාට සබ් එක දාලා දෙන්න අපිට අංකන දත්ත පිටපත සපයන්නේ කෙව්න් විඩියෝ ආයතන මගින්. ඔවුන්ටත් ස්තුතිය පුදකරන්න ඕන අනිවාර්යෙන්ම.


මේ චිත්‍රපටියේ ඇත්තටම මම දැක්ක ගමන් දාන්න හිතුවේ මම ආස කරන නළු නිලි දෙපලක්ම ඉන්න නිසා. කාර්තික් කියන්න දමිළ සිනමාවේ මම කැමැතිම නළුවන්ගෙන් කෙනෙක්. ඔහුගේ ALEX PANDIAN [2013],Biriyani (2013) වගේ චිත්‍රපටි ඔබට සිංහල උපසිරැසි සමගින්ම දුන්නා මතක ඇති නේ. ඒ වගේම දමිළ තෙලෙගු සිනමාවේ නැතුවම බැරි චරිතයක් වෙන කාජල් මෙහි රංගනයෙන් දායක වෙනවා.තව දමිළ චිත්‍රපටිවලට නැතුවම බැරි සන්තානම් ගේ රංඟනයෙන් මේ චිත්‍රපටිය තවත් හැඩවෙලා තියෙන බව අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන.මම මේ උපසිරැසි ගන්වන තෙවැනි දමිළ චිත්‍රපටිය. කලින් මම දුන්න Jilla (2014) හා THUPPAKKI [2012] චිත්‍රපටි වලට ඉහළ ප්‍රතිචාර ලැබුනා.දෙකටම 5000කට අදික ප්‍රතිචාර ලැබිලා තියෙනවා ඒ ගැන සතුටුයි. එහෙනම් මේ චිත්‍රපටියේ කතාවට අපි මොකක්ද කියලා බලමුකෝ.

අලඟු රාජා (Karthi) කියන්නේ දකුණු ඉන්දියාවේ ත්‍රිබල් ඒ රුපවාහිනි නාලිකාවේ සභාපති. මෙයාගේ විශ්වාසවන්ත යාළුවා තමයි කල්යානම් (Santhanam) කියන්නේ දෙන්නාගේම චැනල් එක වැටිලා තියෙන්නේ වෙළද දැන්විමක් වත් නැති නිසා. මේ නිසා මේ දෙන්නා යනවා දැන්වීම් හොයන්න.මොවුන්ට රත්තරන් කඩේක මුදලාලි කෙනෙක් හම්බවෙනවා ඔහු කැමැති වෙනවා දැන්විමක් කරලා ප්‍රචාරය කරගන්න. හැබැයි ඔහුට ඕන වෙනවා හින්දි නිලියක් දාලා දැන්වීම කරන්න.හැබැයි ගෙවන්නේ රු5000යි.සල්ලි නැතුව හතේ හත වැදිලා හිටිය අලඟු රාජායි කල්යානමුයි මේකට කැමැති වෙනවා.හැබැයි 5000කට කොහේද හි්න්දි නිලියෝ ගෙන්නේ.මේ දෙන්නා පොඩි උප්පරවැටිටියක් දාලා කරීනා චොප්රා කියලා කෙනෙක්ව ගෙන්වනවා.කවුද මේ කරිනා චොප්රා කියලා ඔයාලටම දැක්කොත් හිනායාවි.ඒක මම කියන්නේ නැහැ.කොහොම හරි මෙහෙම දවස් ගෙවිලා යද්දි රජායි,කල්යානමුයි දවසක් වෙඩින් එකකට යනවා.මේ තනදි අලඟු රාජා දකිනවා චිත්‍ර දේවි ප්‍රියා (Kajal Aggarwal) කියලා ලස්සනගැණු ළමයෙක්.මැය දැක්ක ගමන් ඇයට හිත යනවා අලඟු රජාගේ.හැබැයි ඇය වෙඩින් එකේ සිංදුවක් ගායනා කරන්න ස්ටේජ් එකට නැග්ගා විතරයි රජාට ගැණු ළමයත් එපා වෙලා යනවා සිංදුව කියපු කැත දැකලා.අලඟු රාජා ගැණූ ළමයා හම්බවෙලා කියනවා එයාට සිංදු කියන්න බැහැ සිංදු කියන එක නවත්වන්න කියලා හැබැයි මේ ප්‍රියා දෙන උත්තරයෙන් රජාට කට උත්තර නැති වෙනවා ඇය ඒ වෙද්දි සිීඩි තැටි 3කුත් කරලා තියෙනවා. අලඟු රාජා දැනගන්නවා මැයගේ සල්ලි නිසා තමයි මේ වගේ දෙවල් කරන්නේ වගේම මිනිස්සුත් කටවහගෙන එවා පිලිගන්නේ ඇයගේ සල්ලි නිසා කියලා.ඉතින් මේ ගැණු ළමයා පස්සෙන් ගිහින් නිතරම මේ ගැණු ළමයා කරන හැම වැඩකටම බාල්දි පෙරලනවා.දෙන්නා අතර වෙන සිදුවිමනුත් කියනවාට වඩා බලන එකමයි වටින්නේ..ආදර කතාවක් වගේම ඇති වෙනකම් හිනා වෙන්න මේ චිත්‍රපටිය බලන්න පුලුවන් කොමඩි චිත්‍රපටියක්. අවුරුද්දට පවුලේ හැමෝම එක්ක එහෙනම් විනෝදෙන් බලන්න කියන ගමන් මම සමුගන්නවා. හැමෝටම පැතුම් ඉටුවෙන සුභ අවුරුද්දකට ආසිරි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
690MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
690MB Direct Link File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


690MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


සිංහල උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment