Limitless (2011) Sinhala Subtitles


Limitless (2011) Sinhala Subtitles
Add to Favorites
Limitless (2011) Sinhala Subtitles (117 min 29 sec)
04-26-2014 at 11:32 AM
Uploaded by HEDZ

Rating: 4 after 4 votes

English Movies
Favorites: 103 - Views: 22612



Tags:


උපසිරැසි ගැන්වීම: අනුෂි ශමල්කා



  1. Most Popular Subtitles of this Contributor





කොහොමද කාලේකට පස්සේ තමයි ඔන්න තවත් චිත්‍රපටියක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවේ.මේ මගේ 3වැනි උපසිරැසි ගැන්වීම.මේක සෙනුරි අක්කා ලයින් 200ක් වගේ කරලා තිබ්බ ෆිල්ම් එකක්.එයා මේ දවස් වල රෙවලුෂන් කතාමාලාව කරගෙන යන නිසා මට මේක කරන්න කියලා දුන්නා.මේකත් කලින් චිත්‍රපටි වගේම ත්‍රිලර් ගණයට අයත් චිත්‍රපටියක්.මේකේ වයිෆයි වල කොපි දෙකක් නිකුත් වෙලා තියෙනවා.මේක 750 කොපි එකට සබ් හොදටම ගැලපෙනවා.මොකද නෙට් එකේ 750කොපි එකට තියන සබ් එකක්වත් අඩුමගානේ චිත්‍රපටිය එක්ක දිලා තියෙන සබ් එකවත් ගැලපෙන්නේ නැහැ.ඉතින් උපසිරැසි එක හොයන්නත් ඇඩ්මින්ට මම ලොකු වදයක් දුන්නා.මේක ගැලපෙන්නේ නෑ මේක ගැලපෙන්නේ නෑ කිය කිය.කොහොම හරි හොදටම ගැලපෙන උපසිරැසි එකක් හදාගත්තා.

චිත්‍රපටිය ගැන කියනවා නම් ඔයාලා කවුරුත් හොදින් දන්න නළුවෙක් වෙන Bradley Cooper තමයි ප්‍රධාන රංගනයෙන් දායකත්වය දක්වන්නේ.The Hangover,Silver Linings Playbook ,චිත්‍රපටිවලින් එයාගේ රංඟනය ඔයාලා දැකලා ඇතිනේ.මේ චිත්‍රපටිය දාද්දි මට හිතුනේ මේ වගේ පෙත්තක් ඇත්තටම තිබ්බා නම් මොනවා වෙන්න පුලුවන්ද කියලා.කතාව මෙහෙමයි එඩී මොර්රා කියන්නේ බලාපොරොත්තු කඩවෙලා ඉන්න ඒ වගේම දික්කසාද වෙලා ඉන්න. එතකොට තමන්ගේ අලුත්ම පෙම්වතියත් තමන්ව අතහැරලා ගිය තරුණයෙක්.මොහු ජිවත් වෙන්නම් වාලේ තමයි ජිවත්වෙන්නේ. රස්සාවක් නැහැ අතේ සල්ලි නැහැ.දවසක් මොහුට තමන් කසාද බැදලා හිටපු බිරිදගේ මල්ලිව මුණ ගැහෙනවා.ඒ කියන්නේ මස්සිනාව.ඔහු විසින් මොහු එක්ක කතා කරලා නිකම් පෙත්තක් දෙනවා පැකට් එකක දාලා මේක අරන් බලන්න කියලා.එඩී නිකම්ම ඒක සාක්කුවේ දාගෙන යන ගමන් ඇගටත් ටිකක් හරි නැතුව හිටිය නිසා ඒ පෙත්ත බොනවා.මේක එකේ මෙසේ පෙත්තක් නෙමෙයි කියලා දැනගන්නේ මේක බිව්වාම තමයි.එඩී අවුරුදු ගානක් ඉදන් පොතක් ලියන්න හිත හිත හිටපු එක දවසින් පැයගානින් ලියාගන්න පුලුවන් වෙනවා.ඒ මේ පෙත්ත නිසා.එඩී පහුවෙනිදාම තමන්ගේ මස්සිනාව බලන්න යනවා මේ පෙතිටිකක් ඉල්ලගන්න.එත් අවසනාවට එඩීව කට්ටියක් විසින් ඝාතනය කරනවා මේ පෙති නිසා.හැබැයි පෙති බැග් එකක් එඩීට මුණ ගැහෙනවා...එඩී තමන්ගේ ජිවිතේ හදාගන්න මේ පෙති භාවිතා කරනවා.හැබැයි හැමදේකම අතුරු ප්‍රතිඵල තියෙනවා වගේම මේ පෙති වල අවදානමක් තියනවා වගේම මේ පෙති පස්සේ පන්නන කට්ටියක් ඉන්නවා.එඩිට ජිවිතයත් මරණයත් අතර මොවුන් එක්ක සටන් කරන්නත් වෙනවා...මේ දෙවල් ගැන හොදටම බලන්න පුලුවන් ඔයාලා චිත්‍රපටිය බැලුවොත්...


එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක් එක්ක ඉක්මනටම හමුවෙන්න පොරොන්දු වෙනවා. ටීවිසිරිස් එකක් දෙන්න අදහසකුත් තියෙනවා. බලමු පුලුවන් උනොත් ඒකත් දෙන්නම්.හැබැයි චිත්‍රපටි දෙන්න තමයි ගොඩක් ආස නම්.බලමුකෝ නේද..එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු. හැමෝටම සුභදවසක්.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment