Highway (2014) Sinhala Subtitles


Highway (2014) Sinhala Subtitles
Add to Favorites
Highway (2014) Sinhala Subtitles (144 min 31 sec)
04-27-2014 at 10:44 PM
Uploaded by HEDZ

Rating: 3.66667 after 3 votes

Hindi Movies
Favorites: 160 - Views: 27469



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ






චිත්‍රපටිය - Highway (2014)
අධ්‍යක්ෂණය - Imtiaz Ali
තිර රචනය - Imtiaz Ali
සංගීතය - A.R. Rahman
සිනමාකරණය - Anil Mehta
සංස්කරණය - Aarti Bajaj

IMDB දර්ශක අගය - 7.8/10
වර්ගීකරණය - Drama / Romance
තිරගත වීම ඇරඹූ දිනය - 2014 පෙබරවාරි මස 21 වන දින
ධාවන කාලය - මිනිත්තු 133

රංගනය -
Alia Bhatt වීරා ලෙසින් (Student of the Year - 2012)
Randeep Hooda මහබීර් බාටි ලෙසින් (Once Upon a Time in Mumbai - 2010 / Cocktail - 2012 / Jism 2 - 2012 / Murder 3 - 2013 / Bombay Talkies - 2013,JohnDay 2013)

වීරා කියන්නේ බොහෝම ධනවත් පවුලක ළමයෙක්. ඇයගේ විවාහයට ඔන්න මෙන්න කියා තිබියදී වීරා එයාගෙ අනාගත මනමාළයත් එක්ක ගෙදර අයටත් හොරෙන් කාර් එකක නැගලා ඇවිදින්න යනවා. ඒ එයා නිදහසේ ඇවිදින්න ගොඩක් කැමති කෙනෙක් නිසා. මෙහෙම යද්දි කාර් එක තෙල් පිරවුම්හලක් ගාව නවත්වනවා. මේ වෙලාවෙම ඒ තෙල් පිරවුම්හල කොල්ල කන්න ආපු කොල්ල කල්ලියක් වීරාව ප්‍රාණ ඇපකාරියක් විදියට පැහැරගෙන යනවා. පස්සෙ කොල්ල කල්ලියේ අය දැන ගන්නවා වීරා කියන්නේ ඉතාම ධනවත් පවුලක දුවක් බවත්, ඇයගේ පියා රට තුළ ලොකු පිළිගැනීමක් ඇති බලපුලුවන්කාරයෙක් බවත්. කොල්ල කණ්ඩායම තීරණය කරනවා වීරාව ආපසු ලබා දීම වෙනුවෙන් ඇයගේ පවුලෙන් කප්පම් මුදලක් අය කරගන්න. වීරාව පැහැරගෙන ආපු කණ්ඩායමේ ප්‍රධානියා තමයි මහබීර් බාටි කියන්නේ, ඔහු මේ පැහැර ගැනීම පිළිබඳව ‍මුළු කොල්ල කණ්ඩායමටම නායකත්වය දෙන පුද්ගලයා සමග වාදයක පැටලෙනවා. කල්ලියේ ප්‍රධානියා මහබීර් බාටි සමග උරණ වෙනවා මේ වගේ බලපුලුවන්කාරයෙක් ගේ දුවක් පැහැර ගත්තු එක ගැන. ඔහුගේ අදහස වෙන්නේ මේ වගේ ධනවත් පවුල්වල අයත් එක්ක පැටලෙන එක තමන්ගෙ කණ්ඩායමට අනතුරුදායක වෙන්න පුලුවන් කියන එකයි.

කොහොමින් කොහොම හරි මහබීර් බාටි තමන්ගෙ සගයන් කිහිප දෙනෙක් සමග එකතු වෙලා වීරාව වෙනත් පළාතකට රැගෙන යනවා. ඒ වගේම වීරාව නැවත ලබා දීම වෙනුවෙන් වීරාගෙ පවුලෙ අයගෙන් කප්පම් මුදලක් ඉල්ලා සිටිනවා. වීරා මුලදි ගොඩක් බියට පත්වෙලා සිටියත් දවසක් දෙකක් ගත වෙද්දි ඇයගේ හිතේ තිබුන බිය මුළුමනින්ම පහ වෙලායනවා. ඇයට මේ වෙද්දි නිවසේ හිටියට වැඩිය ‍නිදහස් බවක් දැනෙන්න ගන්නවා. මේ අතර වීරාගෙ පවුලෙ අය වීරාව සොයන්න ලොකු පරිශ්‍රමයක් දරණවා. පොලීසිය වගේම හමුදාවත් වීරාව සොයන්න සෝදිසි මෙහෙයුම් දියත් කරනවා. මහබීර්ගෙ සහ වීරාගෙ ඡයාරූප මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ක්‍රමයෙන් මහබීර් බාටි සමග කුළුපග වෙන වීරා තමන්ගෙ ජීවිතයේ අඳුරු පැත්තක් ගැන මහබීර්ට හෙළි කරනවා.

එතනින් එහාට සිද්ද වෙන දේවල් මම කියන්නෙ නෑ. වීරා නිසා මහබීර්ගෙ ජීවිතේ කොහොම වෙනස් වේවිද? මහබීර් නිසා වීරාගෙ ජීවිතේ මොන දිසාවකට යයිද? වීරාගේ ජීවිතේ සැඟවුනු අඳුරු පැතිකඩ කුමක්ද? වීරාව සොයාගෙන එන පොලීස් බලඇණි වලින් මහබීර් බේරෙවිද? මේ අමුතු කතාවෙ අවසානය කෙබදු වේවිද කියලා ඔයාලම බලන්න. මේ සුන්දර සිනමා නිර්මාණයේ ඇතුළත් වෙලා තියෙන මියුරු සප්ත ස්වර නාද රටා වල හිමිකාරයා තමයි සම්මානනීය සංගීත අධ්‍යක්ෂක ඒ.ආර් රහමාන්. ඒ ගැනත් සිහියේ තබාගෙන චිත්‍රපටිය රසවිඳින්න කියලා අරධනා කරන ගමන් මම සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්, සතුටින් ඉන්න.



[DDR] පිටපත් සදහා වෙනම උපසිරැසි ගොනුවක් ලබා දි ඇති අතර.700MB කොපිය ඩවුන්ලොඩ් කරගන්න ඔබ ඒ උපසිරැසි ගොනුව ඩවුන්ලොඩ් කරගන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment