Queen (2014) Sinhala Subtitles


Queen (2014) Sinhala Subtitles
Add to Favorites
Queen (2014) Sinhala Subtitles (156 min 57 sec)
05-01-2014 at 09:01 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 101 - Views: 24055



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor








තම විවාහයට එක් දිනක් තිබියදි තම පෙම්වතා හැරයාම නිසා කම්පනයට දුකට පත්වෙන රාණි නම් තරුණිය තමන්ගේ මධුසමය වෙනුවෙන් සැලසුම් කර තිබු පැරිසියේ සංචාරය තනියම ගත කිරිමට සිතාගනී.මෙසේ කාත් කවුරුත් නොදන්නා දේශයක තමන්ගේ අනන්‍යතාවය හෙළිදරව් කරගන්නා ආකාරය...ඔවුන් සමගින් හැසිරෙන ආකාරය ඇයට පැරිසියේදි අහම්බෙන් හමුවන මිතුරිය වන විජයලක්ෂ්මි ගේ ගති පැවතුම් හා ඇය සමගින් ගත කරන සුන්දර කාලය එහෙන්ම තවත් අනෙපේක්ෂිත ලෙස ඇයට හමුවන අනේක් මිතුරන් තුන්දෙනා සමගින් ගත කරන අපුරුව අත්දැකිම මිනිත්තු 135ක් පුරා දිව යන ක්වීන් චිත්‍රපටය ඔබට සමීපකරදෙයි.

ක්වීන් චිත්‍රපටිය මේ වන විට බොලිවුඩය කලබා අවසන්ය. ඒ ඉන්දියානු රුපියල් කෝටි 20කටත් වඩා අඩු නිශ්පාදන වියදමකින් නිම කර මාර්තු 7වැනිදා ප්‍රදර්ශනය ඇරඔු මෙම චිත්‍රපටිය සති තුනක් තුල ඉන්දිය රුපියල් කෝටි 100යේ කඩඉම පාස් කරමින් බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වෙමින් සුපර් හිට් තත්වයට පත්ව ඇති නිසාය.මේ චිත්‍රපටියේ අප කවුරුත් දන්නා කන්ගනා රනාවෝත් හැරෙන්නට සෙසු චරිත සියල්ලම කරන්නේ ආධුනික ශිල්පින් විසිනි. විකාස් බාල්ගේ අධ්‍යක්ෂනයක් වන මෙම චිත්‍රපටියේ කන්ගනා විසින් කලකට මතක සිටින රංගනයක නියැළිම මෙම චිත්‍රපටියේ සාර්ථකත්වයට හේතුවක් වි ඇති බව අධ්‍යක්ෂකයගේ මතයයි.කන්ගනා රනාවොත්, රාජ්කුමාර් රායි,ලීසා හේඩීන්,අල්කා බදෝලා,කෞෂල්,යෝගෙන් ද්‍රන්,ටීකු,මින්මා යා අග්‍රවාල් වැනි බොලිවුඩ් හි ජනප්‍රියත්වයක් නොලද රංගන ශිල්පින්ගේ රංගනයෙන් ක්වින් චිත්‍රපටිය ජිවය ලැබුනද එය අතිසාර්ථක තත්වයට පත්විමම චිත්‍රපටියේ සාර්ථකත්වය විදහාපායි. බොලිවුඩ් හි ආධුනික ශිල්පිනියන්ගේ ක්වින් චිත්‍රපට උත්සහාය බොලිවුඩ් සුපිරි රංගන ශිල්පින් කිහිප දෙනෙක්ටද අතුල්පහරක් වු බව බොලිවුඩ් තුලින් වාර්තා වෙයි.ක්වින් චිත්‍රපටියේ රාණි ගේ චරිතයට මුලින් තොරාගනු ලැබුවේ කරිනා කපුර් විසිනි.නමුත් ඇය එය ප්‍රතික්ෂේප කිරිමෙන් පසු කන්ගනා විසින් මෙම චරිතයට කැමැත්ත පල කර ඇත.කෙසේ වෙතත් ඇය විසින් මේ චිත්‍රපටිය සාර්ථකත්වයේ හිනිපෙත්තටම ඔසවා අවසන්ය.ක්වීන් සමගින් තරඟ කිරිමට එකම දින තිරගත විම ඇරබු මහත් බලාපොරොත්තු තැබු මධුරි දික්ෂිත් හා ජුහි චව්ලා ගේ බොලිවුඩ් පුනරාගමය ලෙසින් හැදින්වු ගුලාබී හැන්ග් චිත්‍රපටියේ මේ වන විට අසාරථක චිත්‍රපටියක් බවට පත්කිරිමට මෙම ක්වීන් චිත්‍රපටිය සමත් වී ඇත.සැබැවින්ම චිත්‍රපටි අතර රැජිනක් (ක්වින්) විමට ක්වින් චිත්‍රපටිය සමත්වි ඇත. ඒ නිසා මේ වටින චිත්‍රපටිය ඔබගේ චිත්‍රපටි ගොන්නට එකතු කරගන්න ලෙස අනිවාර්යෙන්ම මතක් කරනවා. තවද හින්දි චිත්‍රපටි වලට අකමැති ඔබ සැමට මේ චිත්‍රපටිය අරගෙන නැරඔුවහොත් හොද වින්දයනයක් ලබා ගැනිමට හැකිවනු ඇත.

ඒ වගේම මට සමාවෙන්න ඕන ගොඩක් කල් මේ චිත්‍රපටිය දෙන්න පරක්කු කලාට.මගේ උපසිරැසි වේගය හුඟක් බැහැලා. එක ඉක්මනින්ම හදාගන්න ඕන.අනිත් කාරණාව චිත්‍රපටියේ ලයින් වලින් වැඩි ගණනක්ම තිබුනේ ගීත වල උපසිරැසි එවාත් ටිකක් අමාරුම විදියට.කෙසේ හෝ ඒ සියල්ල පරිවර්තනය කලා.ඒ වගේම මම වැඩිය කැමැති නිළියක් නෙමෙයි කන්ගනා රනාවත් කියන්නේ.නමුත් මේ චිත්‍රපටියේ ඇයගේ රඟපැම මගේ හිතඇද බැදලා තියාගන්න සමත් වුනා කිව්වොත් නිවැරිදියි.ඒ වගේම දෙයක් කියන්නම ඕන මේක මම බලපු ගමන් මට හිතුනේ දෙයක් ඔබට ලැබෙන්න තියෙනවා නම් එය හිමිවෙනවාම තමයි.ඒ වගේම සමහර දෙවල් වෙන්නේ හොදටයි.ඒ වගේම තමන් කොච්චර උඩට ගියත් තමන් එක්ක මුල ඉදන්ම හිටිය අයව අමතක කරන්න එපා.ඒ අයව ගැලපෙන්නේ නෑ කියලා හිතන්න එපා කවදා හරි ඔබටම පසුතැවෙන්න වේවි.විශේෂයෙන් හිතට ආදරය කරන්න බාහිර දෙවල් වලට නැතුව.මේ චිත්‍රපටියේ ගැණු ළමයාට උන දේ වගේම සමාන සිදුවිමක් මටත් සිදුවෙලා තියෙනවා.ඇත්තටම එදා හිටියාට වඩා අඩිගානක් අද මම ඉස්සරහින් ඉන්නවා.ජිවිතේ කවුරුත් අය නිසා විදවන්නේ නැතුව තමන් ජිවිතේ විදින්න බලන්න.එතකොට හැමදේම හොදින් සිද්ද වේවි.ගිහින් එන්නම් තවත් හොද චිත්‍රපටියක් අරගෙන.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Links එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment