Pompeii (2014) Sinhala Subtitles


Pompeii (2014) Sinhala Subtitles
Add to Favorites
Pompeii (2014) Sinhala Subtitles (129 min 35 sec)
05-03-2014 at 11:55 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 109 - Views: 25438



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක හා ඉසුරු මධුසංඛ







ඔන්න යාළුවනේ අපි තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආයෙමත් ආවා. මේ සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න මගේ පරණ යාළුවා (DilanH) සෑහෙන්න මහන්සි වුනා. ඉතින් ඊයේ තමා අද අපි ගෙනාපු චිත්‍රපටියේ හොද පිටපතක් නිකුත් වුනේ. මෙය ඉතිහාසගත නගරයක් වන පොම්පෙයි නගරය පිළිබදව නිර්මාණය වූ ලස්සන චිත්‍රපටියක්.2014 පෙබරවාරි 21වන දින කැනඩාවෙන් තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 6.1ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත්වෙලා තිබෙනවා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙන්නේ Paul Anderson මහත්මයායි. ඔහු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? Death Race,Alien Vs. Predator, The Three Musketeers වැනි චිත්‍රපටිත් ඔහුගේ අතින් අධ්‍යක්ෂණය වූ ප්‍රසිද්ධ නිර්මාණයන් ලෙස හදුන්වාදෙන්න පුළුවනි. ඉතින් අපි මේ අපූරු චිත්‍රපටිය ගැන පුංචි විග්‍රහයක් කරන්නම්.

පොම්පෙයි නගරය හා විසූවස් ගිනිකන්ද ගැන ඔයාලා දන්නවා ඇති නේද? ඉතිහාස ග්‍රන්ථ වලට අනුව පොම්පෙයි නගරය එකළ රෝම අධිරාජ්‍යයට යටත්ව තිබූ නගරයක්. නමුත් අද වන විට එය ඉතාලියට අයිති නගරයක්. මෙය පිහිටා තිබෙන්නේ ඉතාලියේ නේපල්ස් ප්‍රදේශයෙයි. ඉතින් චිත්‍රපටියට අනුව එකළ සිටි රෝම සෙනට් සභිකයෙක් වන කෝර්ව්ස්, සෙල්ටික් ගෝත්‍රයක්ම කැරැල්ලක් ඇතිකිරීම නිසාවෙන් ඝාතනය කරනවා. එම ගෝත්‍රයෙන් ඉතුරු වෙන්නේ මයිලෝ නමැති ළමයෙක් විතරයි.ඉතින් මේ ළමයා වහලෙක් විදියට ඇති දැඩි වෙලා අති දක්ෂ කඩුගත් රණශූරයෙක් බවට පත්වෙනවා. ඉතින් මයිලෝ පසුකාලීනව පොම්පෙයි නගරයේ කුමාරිකාවක් වන කැසියා හට ආදරයෙන් බැදෙනවා. ඉතින් මේ ආදර කතාන්දරය ඇතුළේ සිද්ධවෙන සිදුවීම් අපමණයි. මේ ආදර කතාන්දරය හරහාට සූවියස් ගිනි කන්ද පැමිණෙයිද? ඔවුන්ගේ ආදරය ජය ගනියිද? මයිලෝගේ ජනතාව ඝාතනය කළ රෝමන් සෙනට් සභිකයාට කුමක් වෙයිද? මෙවැනි ප්‍රශ්න රාශියක් විසදා ගැනීමට ඔබත් මේ අපූරු සළරුව නරඹන්න.

මේ චිත්‍රපටියේ උපසිරැසි නිර්මාණයට දායක වුන ඩිලාන් මේනක සහෝදරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කවදත් අපේ පිටුපස ඉදන් නිහඩ සේවයක් ඉටුකරන HEDz අයියාටත් ස්තූතිවන්ත වෙනවා. මෙවැනි අපූරු සළරුවක් සමගින් අපි ආයෙමත් හමුවෙමු.කට්ටියටම සුභම සුභ සති අන්තයක් වේවා!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment