Saravanan Irukka Bayamaen (2017) සිංහල උපසිරැසි සමඟින්


Saravanan Irukka Bayamaen (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Saravanan Irukka Bayamaen (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
09-07-2017 at 12:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 9 - Views: 30475



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට අතගහන්නත් බැරි වුනා. කොහොම හරි ආපහු හින්දි චිත්‍ර‍පටි කිහිපයක් දිලාම තමයි දෙමළ වලට අත ගහන්නේ කියලා හිතාගත්තා...

මේ චිත්‍ර‍පටිය ගැන කියනවා නම් මේ චිත්‍ර‍පටිය Ezhil ගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ කලින් චිත්‍ර‍පටි වලින් Vellaikaara Durai, Velainu Vandhutta Vellaikaaran චිත්‍ර‍පටි දෙකම අපි ලබා දිලා තියනවා. මේ චිත්‍ර‍පටියත් කොමඩි ඇක්ෂන් පැත්තට බර එකක්. ඊට අමතරව හොල්මන් කතාවකුත් ඇතුලේ යනවා. මෙහි ප්‍ර‍ධන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Udhayanidhi Stalin හා Regina Cassandra විසිනි. හැමදාම වගේ දමිළ චිත්‍ර‍පටි වලට දැන් නැතුවම බැරි Soori මෙහි රංඟනයෙන් දායක වෙනවා...

කතාව ගැන කියනවා නම් සර්වනන් කියන්නේ ගමේ හැම දෙයක්ම හොයලා බලලා පැනලා වැඩ කරන කෙනෙක්. සරවන්ගේ මාමා තමයි කල්යානම් කියන්නේ. කල්යානම් අලුත් පක්ෂයක තමිල්නාඩුවේ නායක කම ඉල්ලගන්නවා ඉදිරි ඡන්දයේදි තරඟ වදින්න. එත් සරවනන් පොඩි පටලැවිල්ලක් හදලා කල්යානම්ගෙන් මේ පක්ෂ නායක කම උදුරගන්නවා. ඒ කොහොමද කියලා චිත්‍ර‍පටිය බලලා දැනගන්න පුලුවන්. මෙහෙම කාලය ගත වෙලා සර්වනන් පක්ෂ නායක කම දරාගෙන ඉද්දි සර්වනන්ගේ පොඩි කාලේ මිතුරියක් උන තේන්මෝලී ආපහු ගමේ පදිංචියට එනවා පවුලේ අය එක්ක. තේන්මෝලී මිතුරියක් කිව්වාට සර්වනන් හා තේන්මෝලී පොඩි කාලේ නයයි මුගටියයි වගේ තමයි ඉදලා තියෙන්නේ. දෙන්නාට දෙන්නා කොයි වෙලාවෙත් රණ්ඩු. කොහොම හරි සර්වනන් තමන්ගේ පක්ෂ කාර්යාලය දාගෙන ඉන්නේ තේන්මෝලීලා කලින් පදිංචි වෙලා හිටිය ගෙදර. දැන් මේ අය ගමට එන නිසා සර්වනන් ලොකු අවුලක වැටෙනවා තමන්ගේ පක්ෂයට කාර්යාලයක් නැතුව. සර්වනන්ගේ තාත්තා හා තේන්මෝලීගේ තාත්තා හොද යාළුවෝ නිසා තේන්මොලීගේ තාත්තා නම් කැමැති වෙනවා සර්වනන්ලාගේ නිවසේ නතර වෙන්න සර්වනන් පක්ෂ කාර්යාලයට තැනක් හොයාගන්නකම්.. එත් අර තේන්මෝලී නම් සර්වනන්ට කියලාම ඉන්නවා එයාලගේ ගෙදර දවස් දෙකක් ඇතුලත හිස් කරලා දුන්නේ නැත්නම් එයාටයි පක්ෂයටයි විරුද්ධව පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දානවා කියලා. සර්වනන් දන්නවා තේන්මෝලී කියන්නේ කියන දේ කරන කෙල්ලෙක් කියලා. මේ නිසා සර්වනන්ට කරකියාගන්න දෙයක් නැති වෙනවා. ඔහු අන්තිමට ගිහින් දෙවියන්ගෙන් ඉල්ලනවා මොකක් හරි දෙයක් කරලා තමන්ට පක්ෂ කාර්යාලය ඒ ගෙදරම තියාගන්න දෙන්න කියලා... මේ ප්‍රාර්ථනාව නිසා තමයි සර්වනන්ගේ උදව්වට භූත ආත්මයක් එන්නේ. මේ ආත්මය කවුද එතකොට එයා ඇයි සර්වනන්ට උදව් කරන්න එන්නේ? එතකොට සර්වනන් හා තේන්මෝලී අතර සිද්ද වෙන රණ්ඩුවල ඇත්තම විස්තරේ දැනගන්න චිත්‍ර‍පටිය බලන්න වෙනවා... මේක 100%ක්ම කොමඩි පැත්තට බර එකක්. ඉතින් හිත නිදහස් කරගන්න ලොකු කතාවක් හොයන්නේ නැති අයට මේක නිර්දේෂ කරනවා. කැමැති අය ට්‍රේලර් එක බලලාම ගන්න.... එහෙනම් අපි ගියා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment