The Wolverine (2013) Sinhala Subtitles


The Wolverine (2013) Sinhala Subtitles
Add to Favorites
The Wolverine (2013) Sinhala Subtitles (118 min 56 sec)
08-31-2013 at 10:17 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 141 - Views: 39181



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු මධුසංඛ පෙරේරා හා ප්‍රභාත් මිලින්ද ප්‍රනාන්දු







ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ මාත් ආපහු සූම් එක්ක එකතුවුනා. මේ අවුරුද්දේ උ/පෙළ ලිව්ව නිසා මාස හතරකින් පහකින් උපසිරැසියක් දෙන්න ලැබුනේ නෑ.මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයට දායක වුන ප්‍රභාත් මිලින්ද (Green Arrow) සහෝදරයා එක්ක එකතුවෙලා අද මම ඔයාලට ගෙනාවේ බොහෝ දෙනෙක් බලන්න නොඉවසිල්ලෙන් හිටපුThe Wolverine චිත්‍රපටියේ සිංහල උපසිරැසියයි. X-Men චිත්‍රපටි මාලාව සුපිරි වීරයන් රැසක් සිටින ලෝකයේ අතිශයින් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටි පෙළකි. මේ චිත්‍රපටිය X-Men මාලාවේ එන සුපිරි වීරයෙක් පිළිබදව නිර්මාණය වූ චිත්‍රපටියකි. ඔහු නමින් ලෝගන් වන අතර කා අතරත් ඔහු ප්‍රසිද්ධ වී සිටින්නේ Wolverine යන අනුවර්ත නමින්ය. මොහු විශාල බලයක් සහිත පුද්ගලයෙකි. තුවාලයක් සිදු වූ විට ක්ෂණිකයෙන් සුව වීම හා වයසට නොයෑම ඒ අතරින් කැපී පෙනේ. එහෙත් මේ බලය පිළිබද Wolverineගේ හිතේ තිබෙන්නේ කළකිරීමකි. ඉතින් මේ සුපිරි වීරයා ජපානයේ නාගසාකි වලට බෝම්බ දාන කාලයේ ජපන් සොල්දාදුවෙක්ව බේරාගන්නවා. ඔහුගේ නම යෂීඩා. ඒ සිද්ධියෙන් අවුරුදු ගාණකට පසු Wolverineට යෂීඩාගෙන් පණිවිඩයක් එනවා. ඒ ඔහු මියයාමට ආසන්න බැවින් තම ජීවිතය එක් වරක් බේරාගත් කෙනාට පෞද්ගලිකව තම ස්තූතිය පිරිනැමීමට අවශ්‍ය නිසා ජපානයට පැමිණ තමා හමුවෙන්න කියාය. ඉතින් Wolverine ඔහුව බලන්න ජපානයට යනවා. ඊටපස්සේ Wolverineට ජපානයේදී ගොඩක් භයානක සිද්ධීන්ට මුහුණපාන්න වෙනවා. ඒ මොනවද කියලා ඔයාලා මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න.

එහෙනම් ඔයාලට චිත්‍රපටියේ අන්තර්ගතය පිළිබදව පුංචි අදහසක් දැනෙන්න ඇති නේද? මේ උපසිරැසිය නිර්මාණයට දායක වූ මගේ අල්ලපු ගෙදර යාළුවා ප්‍රභාත්ටත් ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මේ චිත්‍රපටියට උපසිරැසි දැම්මේ ඔහුගේ අදහස නිසායි. එහෙනම් තවත් අපූරු චිත්‍රපටියකින් දවස් කිහිපයකින් හමුවෙමු
.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 2.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 976MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1GB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 976MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා සමඟ ප්‍රභාත් මිලින්ද ප්‍රනාන්දු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment