City of God [2002] Sinhala Subtitles


City of God [2002] Sinhala Subtitles
Add to Favorites
City of God [2002] Sinhala Subtitles (130 min 08 sec)
04-10-2013 at 07:15 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Various Movies
Favorites: 95 - Views: 18184



Tags:


උපසිරැසි ගැන්වීම: චලිඳු දේශාන්




  1. Most Popular Subtitles of this Contributor






ගොඩක් කාලෙකින් තමයි තනියම උපසිරැසියක් දෙන්නේ. ඒ වගේම ඉංග්‍රීසි එකකුත්.. දවස් දෙකකට තුනකට විතර කලින් තාරකත් එක්ක සම්බන්ද වෙලා චිත්‍රපටි දෙකකට සබ් දුන්නනේ.. ඒ මේ චිත්‍රපටිය බාලා සබ් එකේ ලයින් දෙසීයක් විතර දාල තියෙද්දී මගේ User account එකට කෙලවුනා.. මොනව කරන්නද ඉතිං. වෙන administrator user account එකක් හදල තිබ්බෙත් නැති හංද ඉතිං ෆෝමැට් කරලා ආය චිත්‍රපටිය බෑවා. මම හිතුවේ මට අද මේක දීගන්න බැරිවෙයි කියලා. හරි.. දැං ඒවගෙන් වැඩක් නෑ..

චිත්‍රපටිය City Of God. එලියට ආවෙනං 2002 වර්ෂයේඳී.. කොහොම නමුත් මේ චිත්‍රපටිය IMDB දර්ශකය අනුව userලා 311,142කින් මේ චිත්‍රපටිය 8.7කට Rating කරල තියෙනවා. සත්‍ය කතාවක් තුලින් නිෂ්පාදනය කරනු ලැබූ මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ හොඳම චිත්‍රපටි 250 අතරින් 21වෙනි තැන ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටිය Crime, Drama කියන ඝනයන් වලටයි අයත් වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටිය හොඳම සම්මාන කිහිපයකටම අයිතිවාසිකම් කියනු ලබනවා.

චිත්‍රපටිය දිහාට හැරුනොත්... කලින් කිව්ව වගේම මේ චිත්‍රපටි 100%ක්ම සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච චිත්‍රපටියක්. බ්‍රසීලයේ රියෝ ඩී ජෙනිරෝ නගරයෙන් ටිකක් ඈතින් වෙන්න නැවත පදිංචි කරවීමේ නගරයක් තියෙනවා. ඒක හඳුන්වන්නේ 'දෙවියන්ගේ නගරය' (City of God) කියලා. ඉතිං මේ නගරය කොටින්ම කිව්වොත් ගන්නම දෙයක් නෑ. මත්ද්‍රව්‍ය විකුණන එක තමයි මෙයාලගේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ. කොටින්ම කිව්වොත් කුඩා වයසේ සිටින දරුවාගේ පටන් වැඩිහිටයන් දක්වාම මේ ජාවාරමේ නියලෑ ඉන්නවා. ඒක මේ චිත්‍රපටියේ හොඳට පෙන්වලා තියනෙවා. ඒ වගේම තමයි ආයුධ. හැම කෙනෙක් ගාවම ආයුධ තියෙනවා. ප්‍රධාන චරිත වෙන්නේ රොකට්, ලිල් ඩයස්, බෙනී, කැරට්, නොකවුට් නෙඩ් යන අයයි. රොකට් තමයි කතා නායකයා වෙන්නේ. ලිල් ඩයස් සහ බෙනී යනු හොඳම මිතුරන්ය. ඉතිං පොඩි කාලෙ ඉදංම ලිල් ඩයස්ගේ, බෙනීගේ සහ රොකට්ගේ සහෝදරවරුන් තුවක්කු අමෝරාගෙන හොරකම් කරමින් තමයි ඉන්නේ. ඔය අතර ලිල් ඩයස්ටත් හොරකම් කරන්න හිතිලා කොහොම හරි ඔහු තම සහෝදරයන්ට ඔහුගේ සැලැස්ම කියලා එකතු වෙනවා ඔවුන් එක්ක නවාතැන්පලක් මංකොල්ල කන්නට. ඉතිං කොහොම හරි මොවුන් ඒ මංකොල්ලය හොඳින් කරනවා. ඒත් ඒ සහෝදරයො ටිකට නොයෙක් අන්දමින් බාධා එල්ල වෙන්න පටං ගත්ත නිසා ඔවුන් මැරකම් අතෑරලා වෙනත් රැකියාවන් කරන්න පටං ගත්තා. නුම්ත ඔවුන්ට අවසානයේදී මැරුම් කන්න සිද්ධ වෙනවා. ලිල් ඩයස් තම සඟයා බෙනිත් එක්ක එකතු වෙලා ලිල් ඩයස්ට අවුරුදු දහඅට වෙද්දී කොහොම හරි දෙවියන්ගේ නගරයේ ඉන්න හොඳම මැරයා බවට පත්වෙනවා. රොකට් ඉගෙනීම පැත්තතෙන් ඉදිරියටම යනවා. කොහොම නමුත් ලිල් ඩයස් ඔහුගේ නම ලිල් සී විදිහට මාරු කරගන්නවා. ඉතිං ලිල් සීගේ එකම බලාපොරොත්තුව උනේ දෙවියන්ගේ නගරයේ ලොක්කා වෙලා ජාවාරම් හැම එකකම අයිතිකාරයා වෙන්නයි. ඒත්... දවසක් උත්සවයකදී ලිල් සී කෙල්ලෙක්ව දූෂණය කරනවා. මේ දූෂණය කිරීම නිසා ඒ කෙල්ලගේ පෙම්වතාට පහර දෙනවා. පෙම්වතා තමයි නොකවුට් නෙඩ්. නොකවුට් නෙඩ්ව හොයාගෙන ගෙදර යද්දි නොකවුඩ් නෙට්ගේ මල්ලි තමයි එලියට යන්නේ. කොහොම හරි එතන වෙන සිද්ධියක් නිසා නොකවුට් නෙඩ්ගේ මල්ලිව මරා දමනවා. මේක ඉවසගන්න බැරි නොකවුඩ් නෙට් කැරට් සමඟ එකතුවෙනවා. ඉතිං මොවුන් දෙපිල යුද්ධයක් ආරම්භ කරනවා. දැකපු දැකපු තැං වල වෙඩිතායාගන්නවා. දෙවියන්ගේ නගරය අන්තිමේඳී අපායක් බවට පත්වෙනවා.අවසානේදී ලිල් සී හා කැරට් කියන්නේ සියළු ගැටුම් අවසානයේ ඉතිරිවන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන් දෙන්නා වෙනවා. බෙනී කියන්නේ හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. නමුත් ඔහුට ජීවිතයෙන් සමුදෙන්න වෙන්නේ කැරට්ගේ කණ්ඩායම් ඉන්නේ බ්ලැකී නම් පුද්ගලයෙක් ලිල් සීට තබන වෙඩි උණ්ඩය එයාට වැදිලයි. ලිල් සී කියන්නේ අමුම අමු තිරිසනෙක්. බෙනී නිසා ලිල් සීගේ සහ කැරට්ගේ ජාවාරම් සාමදානව සිඳුකරගෙන ගියා. ඒත් මේ යුද්ධය පටං ගත්තේ ඔහුගේ මරණයත් සමඟ.

අවසානයේ මොකක් වෙයිද? ලිල් සී දිනයිද? නැත්නම් නොකවුට් නෙඩ් සහ කැරට් දිනයිද? මේ සියළු දෙනා අතර කතාවේ ප්‍රධානියා වෙන රොකට්ගේ ජිවිතය මොන වගේ වෙයිද?බය වෙන්න එපා මුළු කතාවම කිව්වා කියලා පැය 2යි විනාඩි 10ක් පුරා දිව යන මේ චිත්‍රපටිය අනිවාර්යෙන් නරඔන්න කියලා ඉල්ලිමක් කරනවා.අපි දකින්නේ ටයි කෝට් ඇදගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, ආයුධ ජාවාරම් කරන අය. ඒත් ඇත්ත තත්වෙ ඒක නෙමෙයි. මෙ ජාවාරම් කෙරෙන්නෙ කොහොමද?, පාතාලය කියන එක කොච්චර භයානකද?මේ පුද්ගලයන් මේවාට යොමු වීම කොතරම් සාධාරනද?, නීතියේ දුර්වල තැන් මොනවද? මේ හැම එක්කටම උත්තර හොයාගන්න වෙන්නේ මේ චිත්‍රපටිය බැලුවට පස්සේ.

එහෙනම් අලුත් චිත්‍රපටියකින් හම්බවෙමු... කට්ටියටම ජයවේවා!!
(#ChalinduDeshan)


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 800MB BRRRIP Torrent file එක මෙතනින් ගන්න.
1GB Direct Links මෙතනින් අරගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB BRRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන්

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment