Seven Pounds [2008] sinhala subtitle


Seven Pounds [2008] sinhala subtitle
Add to Favorites
Seven Pounds [2008] sinhala subtitle (118 min 27 sec)
07-09-2013 at 07:39 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 55 - Views: 9712



Tags:


උපසිරැසි ගැන්වීම: නයනපද්ම ලියනගේ|පද්මේ




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න මං අද අරගෙන ආවේ ටිකක් විතර වෙනස් විදිහක චිත්‍රපටයක්.මේක මගේ 6 වෙනි උපසිරැසි ගැන්වීමයි. ඒත් මේක ටිකක් විශේෂ චිත්‍ර පටයක්. Will Smith කියපු ගමන්ම ඕනාම කෙනෙක්ගේ සිහියට නැගෙන්නේ, ටිකක් ක්‍රියාදාම(action) චරිත වලට ඉන්න නළුවෙක්. ඒත් මේ චිත්‍රපටයේ Will රඟ පාන්නේ හරිම සංවේදී චරිතයක්.කොටින්ම කියනවා නම්, කිසිම ක්‍රියාදාම ජවනිකාවක් නෑ.
චිත්‍රපටය ගැන කියනවානම්, මේක IMDb 7.5ක විතර ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියනවා.ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ මේක කොච්චර ලස්සනද කියලා. මුලින්ම තිර ගත වුණේ 2008 දෙසැම්බර් මාසයේ. පැය 2යි මිනිත්තු 3 ක් පුරා දිවෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් විදිහට Will Smith, Rosario Dawson සහ​ Michael Ealy රංගනයෙන් දායක වෙනවා.කථාව ගැන කෙටියෙන් කියනවානම්, ටිම් කියන්නේ වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. මෙයා එයාගේ බිරිඳත් එක්ක කාර් එකේ යනකොට දවසක්, මෙයාගේ වැරැද්දෙන් කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. මේ නිසා එයාගේ බිරිඳ මිය යනවා. මේ අනතුර නිසා මෙයා දැඩි දුකට පත් වෙනවා. මේ දුක තුනී කර ගැනීමට මෙයා, බදු එකතු කරන්නෙක් විදිහට බොරුවට වෙස් වලාගෙන අසරණ, ගතිගුණ හොඳ අය 7 දෙනෙක්​ හොයලා ඒ අයට මෙයාගේ ඇඟේ කොටස් සහ​ තමන්ගේ නිවස​ දන් දෙනවා. මේ අතරේ, අහම්බෙන් වගේ මෙයා එක්තරා තරුණියක් කෙරේ ආදරයෙන් බැඳෙනවා. මේ තරුණියට හදවතේ ආබාධයක් තියනවා. අවසානයේදී, මෙයා තමන්ගේ හදවත පරිත්‍යාග කරන්න හිතාගන්නවා.නමුත් මේ තරුණියට තමන්ගේ හදවත පරිත්‍යාග කරන්න නම් කමන්ට මැරෙන්නම වෙනවානේ.තමන්ගේ ආදරේ වෙනුවෙන් ඔහු එම තිරණය ගනිවිද? මොනා වේවිද? මං ඔය කිවුවේ හරිම කෙටියෙන්, කථාව පට්ට ලස්සනයි. ඉතින් ඔයාලම බලන්නකෝ....


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නයනපද්ම ලියනගේ|පද්මේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment