Eragon (2006) Sinhala Subtitles


Eragon (2006) Sinhala Subtitles
Add to Favorites
Eragon (2006) Sinhala Subtitles (104 min 00 sec)
09-20-2013 at 10:05 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 32 - Views: 7687



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රවීන් මහේෂ්







ඔන්න මම මගේ 6 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා.

මේ පාර මම අරගෙන ආවේ ලස්සනම ලස්සන Film එකක්. ඒ තමයි Eragon කියන Film එක. මේක 2006 වසරේදී තිරගත වුණු Action | Adventure | Family වර්ග වලට අයත් Film එකක්. මේක කිසිම අවුලක් නැතුව පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් Film එකක්.

ඔයාලා The Lord of The Rings, The Chronicles of Narnia වගේ චිත්‍රපටි බලලා තියෙනවානේ. මේකත් ඒ වගේම චිත්‍රපටයක්. ඒ චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් නවකතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙම චිත්‍රපටියට පදනම් වී ඇත්තේ Christopher Paolini විසින් රචනා කරන ලද Eragon නම් නවකතාව යි.

මම චිත්‍රපටයේ කතාව ගැන ටිකක් කියන්නම්.

අතීතයේ ඇලගේෂියා නමින් සමෘද්ධිමත් රාජධානියක් තිබුණා. මේ රාජධානිය බොහොම සශ්‍රීක රාජධානියක්. ඇලගේෂියාව පාලනය කළේ Dragon Riders නමින් හඳුන්වන රණශූරයන්. ඔවුන් ගමන් කරන්නේ මකරුන්ගේ පිටේ නැගලා. ඒක නිසා තමයි "මකරු පදවන්නෝ"යන තේරුමෙන් Dragon Riders ලෙස ඔවුන්ව හඳුන්වන්නේ. ඒත් ඔවුන් අතරම හිටපු ගැල්බටෝරික්ස් නම් Dragon Rider කෙනෙක් ඔවුන්ට ද්‍රෝහි වෙනවා. ඔහු Dragon Riders ලා විශාල ප්‍රමාණයක් ඝාතනය කර රජු බවට පත්වෙනවා.

Dragon Rider කෙනෙක් වෙන එක පහසු දෙයක් නෙමෙයි. මකර බිත්තරයක් පුපුරලා මකර පැටියෙක් එළියට එන්න අවුරුදු ගණනාවක් ගතවෙනවා. සමහර විට අවුරුදු දහස් ගණනක්. මකර බිත්තරයක් පුපුරන්න නම් තමන්ට ගැලපෙන Dragon Rider තමන් ළඟම ඉන්න බව බිත්තරය ඇතුළේ ඉන්න මකර පැටියාට තේරෙන්න ඕනේ.

අපේ කතාව පටන් ගන්නේ එක රාත්‍රියකදී. ඇලස්මේරා රාජධානියේ ආර්යා කුමරිය ගැල්බටෝරික්ස් රජුට අයත් මකර බිත්තරයක් රැගෙන පලායනවා. අතරමගදී ඇය සතුරන්ට අහුවෙනවා. නමුත් ඇය ඊට කළින් මකර බිත්තරය ආරක්ෂිත තැනකට යවනවා. ඒ කාවහෝල් කියන ගොවි ගම්මානයට. මේ ගමේ සිටින එරගෝන් නම් තරුණයෙක් මැදියම් රාත්‍රියේ දඩයමේ යන කොට මේ මකර බිත්තරය දකිනවා. ඒක මැණිකක් කියලා හිතන එරගෝන් මකර බිත්තරය ගෙදර ගෙනියනවා. දවස් කීපයකට පසුව රාත්‍රියේ මකර බිත්තරය එරගෝන් ඉදිරියේදී පුපුරලා මකර පැටියෙක් එළියට එනවා. අවුරුදු 1000 කට පසුව මකර බිත්තරය පුපුරන්නේ නිකම්ම නිකම් ගොවි කොල්ලෙක් ඉදිරියේදී.

පසුව බ්‍රොම් නමැති කෙනෙක් එරගෝන්ට Dragon Rider කෙනෙක් වීමට උදව් කරනවා. ඉතින් ඔවුන්ට නැවතත් Dragon Riders යුගයක් උදාකරන්න පුළුවන් වේවිද? නැවතත් ඇලගේෂියා රාජධානිය නිදහස් කරගැනීමට පුළුවන් වේවිද? ඒ ගැන දැනගන්න නම් මේ ලස්සනම ලස්සන චිත්‍රපටිය බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

තව දෙයක් කියන්නම ඕනේ. The Lord of The Rings, The Chronicles of Narnia චිත්‍රපටි වගේම මෙම චිත්‍රපටියේත් වනාන්තර සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිත සටන් දර්ශන වලින් අඩුවක් නෑ.

ඉතින් ඔයාලත් Film එක බලලා Comment පාරකුත් දාගෙනම යන්නකෝ.

නැවත තවත් මෙවැනි ලස්සනම ලස්සන Film එකක් සමඟින් හමුවෙමු.






සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.55GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.55GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවින් මහේෂ් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
[/CENTER]
Submit Comment