Vishwaroopam [2013] Sinhala Subtitles


Vishwaroopam [2013] Sinhala Subtitles
Add to Favorites
Vishwaroopam [2013] Sinhala Subtitles (148 min 00 sec)
04-10-2013 at 01:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 63 - Views: 13651



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු මධුසංඛ පෙරේරා,ඩිලන් මේනක







පසුගිය දවස්වල කාගෙත් කතාබහට ලක් වූ චිත්‍රපටියක 100%ක ගුණත්වයකින් යුතු සිංහල උපසිරැසි අරගෙන අද මම ආවා! IMDB දර්ශකයේ 9.4ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගත් මේ චිත්‍රපටියේ නම Vishwaroopam! චිත්‍රපටිය ගැන කතාකරන්න කළින් පොඩි අදහසක් දක්වන්න හිතුවා. මේ දවස්වල තමිල්නාඩුව එක්ක තියෙන තරහා නිසා දෙමළ චිත්‍රපටි වර්ජනය කරන්නන් බිහිවෙලා. හැබැයි ඉතින් අපි ටොරන්ට් හරහා බාගන්න මේ කිසිම චිත්‍රපටියකින් එහි නිෂ්පාදකවරුන්ට, නළුවන්ට හෝ වෙනත් චිත්‍රපටියට අදාළ පාර්ශවයන්ට සත පහක ආදායමක් ලැබෙන්නේ නෑ! ඉතින් ඒ හින්දා දෙමළ චිත්‍රපටි වර්ජනය කරන්නන්ට ටොරන්ට් හරහා එවැනි චිත්‍රපටි බාගෙන බැලුවාට අවුලක් වෙන්නේ නෑ! තමිල්නාඩුවේ පටු දේශපාලනික අදහස් නිසා ශ්‍රී ලංකා රජය තමිල්නාඩුවේ චිත්‍රපටි ඉක්මනින්ම තහනම් කරයි වගේ! අපි නම් ඉතින් එදා ඉදලාම ටොරන්ට් බාගන්න නිසා අවුලක්ම නෑ! ඉතින් දැන් අපි මේ චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කතා කරමු...

චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන්නේ විශ්වනාත් කියන පුද්ගලයා! විශ්වනාත්ගේ චරිතයට පණ පොවන්නේ සුප්‍රසිද්ධ දෙමළ නළුවෙකු වන කමල් හසන්! චිත්‍රපටියේ ආරම්භයේදී විශ්වනාත්ගේ බිරිද වෛද්‍යවරියක් සමග කතාබහක නියැලී සිටිනවා.ඇයගේ නම නිරූපමා! විශ්වනාත් කියන්නේ හරිම පුදුම චරිතයක් කියලා ඔයාලට මුලින් හිතෙයි. හැබැයි විශ්වනාත් කියන්නේ ඔහුගේ අනන්‍යතාවය ලෝකයාගෙන් හංගාගෙන ජීවත්වෙන, අභිරහස් අතීතයක් තියෙන පුද්ගලයෙක්! ඉතින් මෙයාගේ බිරිද වන නිරූපමා මෙයාව බදින්නේ ඇයගේ වාසියට මිසක් ආදරයක් නිසා නෙවෙයි. ඉතින් දැන් ඇයට විශ්වනාත්ව දික්කසාද කරන්න හේතුවක් අවශ්‍ය නිසා, ඇය විශ්වනාත්ගේ වැරැද්දක් අල්ලගන්න ඔත්තුකාරයෙක්ව අරිනවා. ඉතින් මේ ඔත්තුකාරයා විශ්වනාත් පස්සේ යන්න ගිහින්, අන්තිමේදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඝාතනයට ලක්වෙනවා. මේ මිනීමැරුමත් සමග වැළලී ගිය අභිරහස් අතීතයක් නැවතත් ඉස්මතුවෙනවා. ඉතින් මේ අභිරහස් අතීතය කුමක්ද? විශ්වනාත් කියන්නේ කවුද? ත්‍රස්තවාදී කණ්ඩායමේ අභිප්‍රාය කුමක්ද? මෙවැනි ප්‍රශ්නවලට
පිළිතුරු හොයාගන්න මේ චිත්‍රපටිය දැන්ම ඔබත් සිංහල උපසිරැසි සමග නරඹන්න!

මේ චිත්‍රපටියේ උපසිරැසි ලබාදෙන්න ටිකක් පරක්කුවුනාට සමාවෙන්න! හැබැයි ඊයේ චම්පික අයියා කිව්වා වගේ, ගුණත්වයෙන් ඉහළ උපසිරැසි මුළින්ම ලබාදෙන්නේ සූම් තමයි! ඒ හින්දා දිගටම ඔබත් සූම් එක්කම ඉන්න. මේ චිත්‍රපටිය ඉක්මනින්ම ඔයාලට දෙන්න ඕනා නිසා ඩිලාන් මේනක සහෝත් මේකේ ලයින් 200ක් විතර කෙරුවා. ඉතින් ඔහුටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරැසිය හා චිත්‍රපටිය අන්තර්ජාලයට අප්ලෝඩ් කිරීම පිළිබදව Thanseen සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා! ඔහු නොහිටින්න අපිට ඉංග්‍රීසි සබ් එකක් හොයාගන්න ලැබෙන්නේ නෑ!එහෙනම් හැමෝම මේ දැවැන්ත සිනමා නිර්මාණය නරඹන්න! තවත් අපූරු චිත්‍රපටියක් සමග නැවතත් හමුවෙමු!
[email protected]


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා සමඟ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment