Matilda (1996) Sinhala Subtitles


Matilda (1996) Sinhala Subtitles
Add to Favorites
Matilda (1996) Sinhala Subtitles (105 min 18 sec)
06-12-2014 at 09:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 121 - Views: 12277



Tags:


උපසිරැසි ගැන්වීම: කවිදු චාමිත්






ඔන්න එහෙනම් මගේ 23වැනි උපසිරැසියත් අරගෙන ආවා. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ Roal Dahl කියන ලේඛකයාගේ Matilda කියන පොත පදනම් කරගෙන. මේ පොතේ සිංහල පරිවර්තනය නොකියවපු කෙනෙක් නම් නැතුවත් ඇති. මොකද ඒ තරමටම රසවත් කතාවක්. මේ චිත්‍රපටියත් එක දිගට නවත්වන්නනේ නැතුව කිසිම කම්මැළිකමක් නැතුව නරඹන්න පුළුවන් එකක්.
මැටිල්ඩා පොත් වලට ආදරය කරන, කෙළවරක් නැති තරමට පොත් කියවන්න ආසා කරන, වයසට වඩා බොහෝම අසාමාන්‍ය දස්කම් ඇති, පුංචි කෙල්ලෙක්. ඒත් එයාගේ දෙමව්පියන් ඒ කියන්නේ වෝම්වුඩ් නෝනයි මහත්තයයි නම් මැටිල්ඩා ගැන හිතන්නේ වෙනස් විදිහට. ඒ දෙන්නා හිතන්නේ මැටිල්ඩා කියන්නේ මහ කරදරකාරියක්, හරිම හිසරදයක් කියලයි. මැටිල්ඩා නම් ඒ දෙන්නා ගැන හිතන්නේ දවස පුරාම ටීවී බලන්නටත්, මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරන්නටත් විතරක් දන්න දෙන්නෙක් හැටියටයි. මැටිල්ඩා තීරණය කරා මේ දෙන්නාට දඬුවම් කරන්න, මේ කරන නරක වැඩ නිසා. වැඩි දවසක් යන්න ඉස්සර මැටිල්ඩාට තේරුම් ගියා, එයාට මොකක්දෝ අත්භූත බලයක් තියෙන බව. ගෙදරදී විතරක් නෙමෙයි, එයාගේ ක්‍රන්චම් හෝල් ඉස්කෝලෙදිත් නොයෙකුත් දේවලට ඒ බලය උදව් වෙන බව මැටිල්ඩාට තේරුම් යනවා. මැටිල්ඩාගේ පාසලේ ඉන්න හැමෝම එයාලගේ විදුහල්පතිනියට බයයි. දන්නවද ඒ පාසලේ විදුහල්පතිනිය කවුද කියලා. එයා තමයි මිස් ට්‍රන්ච්බුල් ....හම්මේ එයාගේ හැටියි එයාගෙ වැඩ ගැනයි දැනගන්න එහෙනම් මැටිල්ඩාගේ කතාව නරඹන්කෝ. සැමට ජය!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment