The King of the Streets [2012] sinhala subtitle


The King of the Streets [2012] sinhala subtitle
Add to Favorites
The King of the Streets [2012] sinhala subtitle (96 min 10 sec)
07-31-2013 at 07:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Various Movies
Favorites: 102 - Views: 14107



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




ඔන්න පහුගිය ටිකේම තුවක්කු, බෝම්බ, න්‍යෂ්ඨික අවි වගේ ආයුධත් එක්කනේ කට්ටිය ගැවසුනේ.ඉතින් ඒවයින් පොඩ්ඩක් ඈත් වෙලා කුන්ෆු සටන් (අපේ භාෂාවෙන් කියනවනම් අතින් පයින් ගහගැනිලි) පිරුණු චීන චිත්‍රපටියක් අරගෙන ආවා කට්ටියට බලන්න. චිත්‍රපටිය තමයි the king of the streets මේකෙ වර්ෂය 2012 විදියට සඳහන් වුනාට මේකෙ හොඳ පිටපතක් නිකුත් වුනේ පසු ගිය දවස්වල තමයි. ඉතින් මම මේක සඳුදා තමයි බැලුවේ. මේක බලපු ගමන් මට හිතුනා මේකට සබ් දෙන්න ඕන කියලා. ඉතින් සඳුදා රෑම මම නිකමට වගේ ලයින් 150 ක් විතර දාලා තියල තමයි නිදා ගත්තේ. පහුවෙනිදට ඇඩ්මින්ට කියල මේකට සබ් එක දානවා කියලා හිතාගෙන. ඉතින් ඊයේ උදේ මම ඇඩ්මින්ගෙන් මේක ගැන ඇහුවම තමයි දැනගන්න ලැබුනේ මේක කෙනෙක් බාර අරගෙන කියලා.
කොහොම වුනත් මම ලයින් 150ක් විතර දාලා තිබුන නිසාත්, බාර ගත්තු සහෝ මේක පටන් අරන් තිබුනෙ නැති නිසාත් මටම මේක කරන්න කියල ඇඩ්මින් තුමා කිව්වා. මේක මුලින් බාර ගත්ත සහෝට මම ස්තූතිවන්ත වෙනවා මේක මටම දීපු එක ගැන.

IMDB මීටරේ 6.3/10 විදියට සනිටුහන් කරගෙන තියෙන මේ චිත්‍රපටය Action, Drama ගණයට තමයි වැටෙන්නේ.මුල ඉදන් අවසානය වෙනකම් ආසාවෙන් බලන්න පුලුවන් අඩුවක් නැතිව සටන් පිරුණ චිත්‍රපටයක් තමයි මේක.ට්‍රේලර් එක බැලුවම ඔයාලටත් තේරෙයි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Jared Cohn කියන අධ්‍යක්ෂකවරයා.මේක ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ සුපිරි සටන් නළු Yue Song විසින්. සෙසු චරිත වලට Li Yufei, Kang En එක්ව සිටිනවා.

කතාව ගැනත් පොඩ්ඩක කියන්නම් ෆෙන්ග් යූ කියන්නේ පොඩි කාලෙ සිටන්ම සටන් කලාව හදාරලා පස්සේ වීදි සටන්කරුවෙක් විදියට නමක් දිනාගන්ත කෙනෙක්. ඔහුට අවු.16දී ඔහු තවත් පිරිසක් එක්ක කරපු සටනකදි වැරදීමකින් වගේ ඔහු අතින් කෙනෙක් මිය යනවා. ඉතින් ඒ වෙනුවෙන් ෆෙන්ග් අවු.8 කට හිරේ යනවා. ඒ අවු. 8 ඇතුලත ඔහු සම්පූර්ණයෙන් වෙනස් වූ පුද්ග‍ලයෙක් හැටියටයි එලියට එන්නේ. බොහෝම නිවුන පුද්ගලයෙක් හැටියට. ඔහු ඔහුගේ යාලුවා ආහයිව සොයාගෙන යද්දි තරුණියක් මැර පිරිසකට මැදි වෙලා ඉන්නව දකිනවා, ඔහු ඇයව ඔවුන්ගෙන් බේර ගන්නවා.

මේ තරුණියව අහම්බෙන් වගේ අනාථ නිවාසෙකදි ඔහුට නැවත මුණගැහෙනවා. ඇය සේවය කරන්නේ ඒ අනාථ නිවාසයේ. එහිදි ඔහුට දැනගන්න ලැබෙනවා ඒ අනාථ නිවාසය තියෙන ඉඩම බලෙන් ගන්න සමාගමක් උත්සාහ කරනවා බව. එතනින් පස්සේ ෆෙන්ග්ගේ ජීවිතය ආපහු වෙනස් වෙනවා. ඔහු අර සමාගමත් එක්ක සටන් කරනවා මේ ඉඩම බේරගන්න. ඉතින් ඔහුට මේ ඉඩම බේරගන්න පුලුවන් වෙයිද ? ඔහු සොයන ඔහුගේ මිත්‍රයා ආහයිව ඔහුට මුණගැහෙයිද? ෆෙන්ගෙ ජීවිතය මොන වගේ පැත්තකට යයිද කියල
ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්න. මම මේ බොහෝම කෙටියෙන් තමයි කිව්වේ. එහෙනම් මගේ 10 වෙනි උපසිරැසි ගැන්වීමෙන් හමුවනතුරු මම සමුගන්නවා. ඔබට සුභ දවසක් සතුටින් ඉන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent Link එක මෙතැනින් ලබාගන්න
300MB BRRIP Torrent Link එක මෙතැනින් ලබාගන්න
550MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB BRRIP Torrent Link එක මෙතැනින් ලබාගන්න
300MB BRRIP Torrent Link එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment