Nimirndhu Ni (2014) Sinhala Subtitles


Nimirndhu Ni (2014) Sinhala Subtitles
Add to Favorites
Nimirndhu Ni (2014) Sinhala Subtitles (149 min 37 sec)
05-22-2014 at 09:00 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 132 - Views: 28576



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor




මේ චිත්‍රපටිය ගැන මුලින්ම මට කිව්වේ අපේ ඩිලාන් තමයි. නමුත් ඩිලාන්ට සබ් ගොඩකට හිරවෙලා ඉන්න නිසා මම මේ උපසිරැසි එක කරලා දෙන්න කියලා හිතුවා.හැමදාම වගේ මේ චිත්‍රපටියේ අංකන දත්ත පිටපත හා පරිවර්තනය කරලා දෙන කෙවින් සීඩි හවුස් ආයතනයට අප සැමගේම ස්තුතිය හිමිවෙන්න ඕන.මොකද මේ දමිළ චිත්‍රපටියටත් කිසිම භාෂාවකින් උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ.ඉතින් මේ වැඩේ කරන්න අපිට උදව් කරන්නේ කෙවින් සිඩි හවුස් එකේ අපේ සහෝදරයෝ ටික තමයි.මට මතකයි සුම් එකෙන් දුන්න පළවෙනි දමිළ චිත්‍රපටිය උනේ Engeyum Kadhal චිත්‍රපටිය. එම චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නෙත් මම අද ඔයාලට ලබාදෙන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන Jayam Ravi විසිනි.මීට අමතරව ප්‍රධාන නිළිය ලෙස Deiva Thirumagal,Naayak වැනි චිත්‍රපටි වලින් ඔබ හමුවට ආව Amala Paul විසින් නිරුපණය කරනවා. පෞද්ගලිකව මමත් දමිළ සිනමාවේ ප්‍රියකරන නිළියක් ඇය.

චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් සමාජයේ සිදුවක අයුක්තිය අසාධරණය අල්ලස් ගැනිම වැනි දැ ගැන හෙළා දකින්න නිපදවපු චිත්‍රපටියක් ලෙස හදුන්වන්න පුලුවන්.මේ චිත්‍රපටියෙන් සමාජයට ආදර්ශයක් දෙන්න උත්සහා කරලා තියන බව නම් කියන්න ඕන. එත් ඇතැම් වෙලාවට තාර්කික මට්ටමකින් තොර දර්ශන තිබෙන නිසා තමයි පොඩි ගැටලුවක් වන්නේ.සටන් ජවනිකා එහෙම නමුත් චිත්‍රපටියෙන් සමාජයට දෙන්න හදන ආදර්ශය නම් අගය කරන්නම ඕන.චිත්‍රපටියේ නමම තේරුම වන්නේ යුක්තිය උදේසා නැතිනම් අසාධාරණයට එරෙහිව කියලා. චිත්‍රපටියේ වෙන දෙවල් ගැන කිව්වොත් අරවින්ද් කියන්නේ බොහොම සාධාරණ විදියට ජිවත් වෙන කෙනෙක්. ඔහු අඩුම ගානේ මාර්ගයේ යද්දි මාර්ග නිතියක් වත් කඩන කෙනෙක් නෙමෙයි.දවසක් අරවින්ද් නොකල වැරැද්දකට මාර්ගයේ පොලිස් නිලධාරියෙක් විසින් අරවින්ද්ගේ බයික් එකේ යතුර ලඟ තබාගන්නවා. අරවින්ද් පවසනවා තමන් වරදක් කලා නම් එයට දඩමුදලක් නිකුත් කරන ලෙස.නමුත් පොලිසියේ කෙනා ඇත්තටම මේ දේ කරන්නේ පොඩි අල්ලස් මුදලක් ගන්න හිතාගෙන.නමුත් අරවින්ද් මේ වගේ දෙවල් කරන කෙනෙක් නෙමෙයි. අරවින්ද් තමන්ට මුදල් නොදුන්න නිසා පොලිස්කාරයා පවා උරණ වෙලා මොහු ගේ බයික් එක අරන් උසාවි දානවා.උසාවියේ නඩුකාරයාගේ ඉදන් ඉන්නේ පගාව ගන්න මිනිස්සු.අරවින්ද් ඇත්ත කතා කලත් ඇත්තට තැනක් නැතිවෙනවා. මේ නිසා අරවින්ද් බොහෝ දුක්විදින්න වෙනවා. හිරේ පවා යන්න වෙනවා. තමන්ගේ රැකියාව අහිමි වෙනවා. මේ අතර තමයි අරවින්ද්ගේ මේ අවංක ගති ගුණ නිසාම පූමරි නැමැති තරුණිය අරවින්ද් සමඟ යාළු වෙන්නේ. අරවින්ද් තමන්ට උන අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න හිතාගන්නවා. ඔහු විසින් තමන්ට අසාධාරණයක් සිදුකල පොලිස්කාරයාගේ සිට නඩුකාරයා දක්වාම පැමිණිල්ලක් දානවා.අරවින්ද් මේ ලොකු ලොකු මිනිස්සු එක්ක හැප්පෙන්න යන නිසා අරවින්ද්ගේ පෙම්වතිය කියනවා මේ වැඩේ නවත්වන්න අසාධාරණයට විරුද්ධය සටන් කරන එක වැඩකට නැති දෙයක් කවදාවත් මේ වගේ මිනිස්සු එක්ක හැප්පිලා ඵලක් වන්නේ නැහැ කියලා.නමුත් අරවින්ද් තිරණය කරනවා තමන්ගේ ආදරය කැප කරලා හරි තමන් මේ පටන්ගත්ත වැඩේ ඉවර කරන්න.අරවින්ද් මේ වැඩේ කරගෙන යද්දි කතාව මැද්දේදි නරසීමා රේඩ්ඩි නැමැති පුද්ගලයෙක් චිත්‍රපටියට ඇතුල් වෙනවා. ඔහු විසින් අරවින්ද් කරන්න හැදු සියල්ල කනපිට හරවන්න සුදානම් වෙනවා....

ලංකාවේ වගේම ඉන්දියාවේත් අධිකරණය උත්තරිතරයි. අධිකරණයෙන් ලබා දෙන ඕනම තින්දුවක් පිළිගන්න ඕනම කෙනෙක් ලැස්ති වෙලා ඉන්න ඕන.එත් එම අධිකරණය හැල්ලු වුවහොත්? එම අධිකරණයම මුදලට විකිණිලා තිබුනොත් අහිසංක ජනතාවට මොනා වේවිද? රට ආරක්ෂාකරන පොලිසියේ ඉදන් රට පාලනය කරන අය දක්වා හැමෝම දුෂිත වෙලා තියෙන කොට මහජනතාවට කරන්නේ ඒක ඉවසන් ඉන්න එක. නමුත් මේ චිත්‍රපටියේ අපට හමුවන අරවින්ද් මේ සියල්ලට එරෙහිව නැගි සිටිනවා.හොරකම්,මැර කම්,අල්ලස්,වංචා, දූෂණ රාජකාරිය පැහැර හැරිම මේ හැමදේම පිටිපස්සේ සල්ලි තියෙන බව රහසක් නෙමෙයි.මහජනතාවට කරන්න තියෙන්නේ අමතක කරන්න ඕනි,පිරිමහාගන්න ඕනි,සමාවගන්න ඕන,දැක්කාත් නොදැක්කා වගේ ඉන්න ඕන. නමුත් මේ චිත්‍රපටියේ අරවින්ද් මේ සියල්ලම වෙනස් කරන්නයි හදන්නේ.අරවින්ද් පවසන ආකාරයට මේ සියළු වැරදි කරන්න හේතුව තමන්ගේ හෘදසාක්ෂිය මරා දැමිමයි ඔබත් ඔබගෙන්ම අසාබලන්න ඔබ කරන දේවල් වලට ඔබගේ හෘද සාක්ෂිය ඉඩ දෙනවාද කියලා. තව විස්තර උවමනා නැති වේවි කියලා හිතනවා ඔබගේ යෝජනා චෝදනා අදහස් උදහස් සේරම දන්වලා එවන්න.තව කැමැති දමිළ චිත්‍රපටි තියනවා නම් ඒ ගැනත් කියලා එවන්න.එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් හොද චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


සිංහල උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment