Bully (2001) (+21) Sinhala Subtitles


Bully (2001) (+21) Sinhala Subtitles
Add to Favorites
Bully (2001) (+21) Sinhala Subtitles (89 min 59 sec)
05-05-2014 at 08:04 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 32 - Views: 6775



Tags:


උපසිරැසි ගැන්වීම: නිරෝශන් හේවගේ






සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මානය වෙච්ච ටිකක් වෙනස් විදියේ චිත්‍රපටයක් අරගෙන තමයි මම ඔයාල බලන්න ආවෙ. IMDB 7/10 වගේ හොද අගයක් ලැබිලා තියෙනවා. මේක වැඩිහිටියන්ට පමනයි චිත්‍රපටයක්. ලිංගික දර්ශන, අතවර, අසබ්‍ය වදන් ඉතා විශාල වශයෙන් ඇතුලත් වෙන නිසා. 18 ට අඩුනම් කොහෙත්ම මේක ගැලපෙන්නෙ නෑ.

1993 ජුලි 14 වෙනිදා ඇමරිකාවෙ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදි, බොබි කෙන්ට් කියන අවුරුදු 20 ක තරුණයා ඝාතනයට ලක්වෙනවා. ඒ සිද්දිය තමයි චිත්‍රපටයේ විස්තර වෙන්නෙ වෙන්නෙ. ඒ සිදුවීම ගැන විස්තරාත්මක ලිපියක් බොබි කෙන්ට් ගේ චායාරූපයක් සමග මේ විකිපීඩියා පිටුවෙන් කියවන්න පුලුවන් Murder of Bobby Kent

චිත්‍රපටය යොදාගෙන තියෙන්නෙත් ඇත්ත අයගේ නම් ගම් තමයි. පුන්චි වෙනස්කම් විතරයි වෙලා තියෙන්නෙ සමහර බලපෑම් නිසා.චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නෙ බොබි සහා එයාගෙ යාලුවා මාර්ටි. බොබී කියන්නෙ විකෘති කාමාශාවන් සහිත අනිත් අයට කරදරයක් වෙන විදියට ජීවත් වෙච්ච කෙනෙක්. ඉගෙනීමටත් දක්ශයි. පෝසත්. බොබීත් මාර්ටිත් අසල්වැසියෝ. ඒක නිසා පොඩිකාලෙ ඉදලම යාලුවෝ. මාර්ටිගෙ පෙම්වතිය වෙන්නෙ ලීසා. ලීසගෙ යාලුව වන ඇලි බොබී සමග සම්බන්ද කමක් පටන් ගත්තත් සති කීපයකින් ඇලි ඒක නවත්තනවා බොබීගෙ වද හින්සා නිසා. බොබීත් මාර්ටිත් එකතු වෙලා කරන්න පුලුවන් විදියේ හැම දෙයක්ම වගේ කරලා තියෙනවා වගේ තමයි පේන්නෙ. දෙන්නත් එක්ක එකතු වෙලා නිල් චිත්‍රපටයක් හදලා කඩ වලට විකුනන්න හැදුවත් කවුරුත් ඒක අරගෙන නැහැ.

මේකෙට තිබිච්ච ඉංග්‍රිසි සබ් එකනම් එච්චර හොදට තිබුනෙ නෑ. හැබැයි ඒක තමයි හොයාගන්න පුලුවන් උන හොදම එක. timeline ටිකක් එහාට මෙහාට වෙලා සමහර තැන් වල. සමහර පොඩි වචන ලියලා තිබුනෙත් නෑ. වෙලාව අරගෙන ගොඩක් තැන් හරිගැස්සුව. චිත්‍රපටයේ මුල ඉදලා අගටම තිබුනේ තරුන තරුනියන් අතර භාවිතා වෙන විදියේ අසබ්‍ය වදන් පිරිච්ච බාශාවක්. සම්මත ඉංග්‍රිසි නෙමෙයි. වෙලාව අරගෙන කලත් අඩුපාඩු කම් නම් ඉතින් ඇති. හැබැයි ඒක චිත්‍රපටයේ රසයට බාදාවක් වෙන එකක් නෑ. ඒක ගනන් ගන්න එකක් නැතිවෙයි කියලා හිතනවා.
මේක බලන්න වටින චිත්‍රපටයක් කියුවොත් නිවැරදියි. එහෙනම් 18 ට වැඩි අය අරන් බලන්න. අපි ගියා. ජයෙන් ජය.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


සිංහල උපසිරැසි ගැන්වුයේ නිරෝශන් හේවගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment