Nil Battey Sannata (2016) සිංහල උපසිරැසි සමගින්


Nil Battey Sannata (2016) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Nil Battey Sannata (2016) සිංහල උපසිරැසි සමගින් (125 min 53 sec)
06-30-2016 at 01:12 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 39 - Views: 24250



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




මවු සෙනෙහස අර්ථ දක්වන්න යැයි කිවුවොත් එක් එක් අයට විවිද මට්ටමේ අර්ථ කථනයන් තිබෙන්නට පුලුවන්. අපි කුඩා කාලයේ කිවුවේ 'අම්මාගේ ආදරේ අහස වගේ' කියලා. එහෙමත් නැත්නම් 'අම්මාගේ ආදරේ මහා මුහුද තරම්' කියලා. නොමේරූ මනසිකින් යුතු වයසකදි වුනත් එහෙම කියන්නට තරම් අපිට අම්මාගේ ආදරය දැනුනා..ඒ ආදරේ වින්දා. මෙළොව උපත ලබන සියල්ලෝම පළමුවෙන්ම සෙනෙහස කියන දේ අත් විඳින්නේ තමන්ගේ මවගෙන්. ඒක මනුෂ්‍යයාට වගේම සතා සිවුපාවාට පවා පොදු කාරණයක්. අම්මා කෙනෙක්ගේ ආදරේට සම කළ හැකි ආදරයක් තවත් කෙනෙකුගෙන් ලබන්නට බැහැ. ඇති හැකි දා ලඟින් ඉන්න හැමෝම නැති බැරි දා තමන්ගෙන් ඉවත් වෙලා යද්දි ඇති දාටත් වඩා නැති දාට තමන්ගේ ලඟින්ම ඉන්නේ තමන්ගේ ආදරණීය අම්මා. වැටි වැටි ඇවිදින කාලයේ පටන් ජීවිතයේ සියලු අභියෝග ජය ගෙන ජීවිතය දිනන්නට අත්වැල් අල්ලපු අම්මාව සමහර දරුවන්ට පසු කාලීනව අමතක වෙලා යනවා. ජීවිතයේ ලබපු සෑම ජයග්‍රහණයකම ලොකුම කොටස්කාරයා බට පත් වුනු තමන්ගේ අම්මාව නොසලකාහරින දරුවන් අද සමාජයේ සුලභව දකින්න පුලුවන්. හැබැයි අම්මලා කිසි දිනෙක දරුවෝ එක්ක තරහා වෙන්නේ නෑ. ඒ තමයි අම්මලාගේ ආදරේ හැටි. එවැනි දහසක් මවුවරුන් අතරේ කොන්දේසි විරහිතව තමන්ගේ දරුවාට ආදරේ කරපු තවත් එක් අම්මා කෙනෙකුගේ සංවේදී කතාවක් තමයි nil battey sannata චිත්‍රපටය හරහා දිග හැරෙන්නේ.

අපේක්ෂා (රියා ශුක්ලා) 10 වසරේ ඉගෙනුම ලබන දැරියක්. තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විය පැහැදැම් දරන්නට තරම් නිවෙසක මෙහෙකාර වෘත්තියේ යෙදෙන තමන්ගේ මවට වත්කමක් නොමැති බව දන්නා නිසාවෙන් අපේක්ෂා අධ්‍යාපනය කෙරෙහි එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙහෙකාරම් කරන මවකගේ දියණියකට අනාගතයේ උරුම මෙහෙකාර වෘත්තියම පමණයක් බවයි ඇයගේ විශ්වාසය. නමුත් ඊට හාත්පසින්ම වෙනස් වූ අදහසක් දරණ ඇයගේ මව චන්දාගේ (ස්වරා බාස්කර්) ඒකායන බලාපොරොත්තුව වන්නේ අනාගතයේ දිනෙක තමන්ගේ දියණිය සමාජයේ පිළිගත් රැකියාවක් කරනු දැකීමයි. එම නිසාවෙන් දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපමණ වෙහෙස මහන්සි වී කටයුතු කරන චන්දා තමන්ගේ දියණිය ගණිතය විශයට ඉතාමත් දුර්වල බව දැන ඇයව ගණිත විෂය සඳහා උපකාරක පංතියකට යොමු කිරීමට උත්සාහ කරනවා. නමුත් ඒ සඳහා ගෙවිය යුතු ගාස්තුව දරාගත හැකි මට්ටමක එකක් නොවන නිසාවෙන් ඇය තීරණය කරනවා තමා විසින්ම දියණියට ගණිතය ඉගැන්විය යුතු බව. නමුත් හරි හැටි අධ්‍යාපනයක් නොළඳ තමන්ට එය කළ නොහැකි බව පසක් කරගන්නා චන්දා මෙම කාරණය ගැන තමන් සේවය කරන නිවසේ ස්වාමි දියණිය වන වෛද්‍ය දිවාන්ගෙන් (රත්නා පථාක්) උපදෙස් පතනවා. කරුණාවන්ත හදවතක් ඇති ඇය අපේක්ෂාගේ පාසලේ විඳුහල්පති හරහා චන්දාට උදා කර දෙන්නේ චන්දා සිහිනෙන්වත් නොසිතූ විරූ අන්දමේ අවස්තාවක්. ඒ තමයි තමන්ගේ දියණිය අපේක්ෂා සමගින් ඇයගේම පන්තියේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්තාව.

මෙතනින් එහාට චිත්‍රපටය ගලායන ආකාරය හරිම අපූරුයි. එය කොයිම මො‍හොතකවත් චිත්‍රපටයෙන් ඇස ඉවතට ගන්නට සිත් නොදෙන තරමේ අපූර්වත්වයක්. දියණිගේ දැඩි විරෝධතාවය මැද පාසලට යන චන්දා මුල්ම දිනයේදී තම දියණිය‍ගේ යහළු යෙහෙළියන් ඉදිරියේ උපහාසයකට ලක්වන අයුරු, කල් ගතවත්ම ඔවුන් චන්දා හා මිත්‍ර වන අයුරු, චන්දා විශයානුබද්ධ කරුණු පහසුවෙන් වටහාගන්නා අයුරු, පාසලේදී සහ පාසලෙන් පිටතදී චන්දා හා අපේක්ෂා අතර ඇතිවන ගැටුම් සහ තම දියණිය වෙනුවෙන් චන්දා විසින් සිදු කරන්නා වූ අනේකවිද කැපකිරීම් බෙහොම ආකර්ෂණීය ලෙස චිත්‍රපටය තුළ පෙළගස්වා තිබෙනවා. දියණිය සමගින් මවකට එකම පන්තියේ අධ්‍යාපනය ලබන්නට ලැබීම තරමක් අභව්‍ය සිද්දියක් වන නමුත් එවැනි සාමාන්‍යයෙන් සිදු විය නොහැකි සිදුවීමක් හරහා මවකගේ ආදරයේ තරම මෙතෙකැයි කියා ප්‍රේක්ෂකයන්ට ඉතාමත් සංවේදීව දනවන්නට තරම් අශ්විනී අයර් තිවාරිගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය ප්‍රබල වී තිබෙන බව සඳහන් කළ යුතුමයි. ස්වරා බාස්කර්, රත්නා පථාක්, රියා ශුක්ලා ඇතුළු සියළුම රංගන ශිල්පීන්ගෙන් සහ ශිල්පිනියන්ගෙන් ලැබි තිබු ප්‍රශස්ත දායකත්වයත් චිත්‍රපටයට මහත් ආලොකයක් එක් කර තිබෙනවා. චිත්‍රපටයේ IMDB දර්ශක අගය 8.5/10ක් ලෙසිනුයි සටහන් වන්නේ. එසේනම් චන්දා සහායිගේ අසීමිත මවු සෙනෙහස ඔබත් අත්විඳන්න, නරඹන්න Nil Battey Sannata.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 920MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 920MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment