Imaikkaa Nodigal (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2016 වසරේදී IIFA Utsavam හි හොදම චිත්‍රපටය සදහා නිර්දේශ වෙමින් හා චිත්‍රපටය සදහා වැයවූ මුදල මෙන් දහගුණයක ආදායමක් ලැබූ හොරර් චිත්‍රපටයක් වන IMDB හි 7/10 වැනි ඉහළ අගයක් ගත් Demonte Colony (2015) චිත්‍රපටය යේ අධ්‍යක්ෂරයා වන R. Ajay Gnanamuthu ගේ මීලග ඉදිරිපත්කිරීම තමයි Imaikkaa Nodigal කියන්නෙ.පසුගිය දා ඉන්දීය රූපවාහිහිනි කතාමාලාවක් ලෙස කතාබහට ලක්වූ Sacred Games (2018) කතාමාලාවත්, Black Friday (2007),No Smoking (2007),Dev.D (2009),Gangs of Wasseypur (2012),Bombay Talkies (2013),Ugly (2014) Bombay Velvet (2015),Raman Raghav 2.0 (2016),Mukkabaaz (2018),Lust Stories (2018),Manmarziyaan (2018) වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවකම අධ්‍යක්ෂකවරයා ලෙසත්, තම වෘත්තියේ රචකයෙකු, නිෂ්පාදකවරෙකු මෙන්ම නළුවෙක් යන ඉරියව් සියල්ලෙහිම දක්ෂයෙකු වන සම්මාන උළෙලවල් කිහිපයකම ජයග්‍රහන ලබාගත් හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වන Anurag Kashyap දුෂ්ට චරිතයෙනුත්,ඇය රගපෑ පසුගිය චිත්‍රපට කිහිපයම බොක්ස් ඔෆීස් වාර්ථා හමුවට ගෙන ගිය දමිළ සිනමාවේ නැතුවම බැරි කෙනෙකු වන සුරුපි නිලි Nayanthara සමගින් Atharvaa හා Raashi Khanna රංගනයෙන් දායක වෙනවා.මෙම චිත්‍රපටය ගූගල් මනාප ප්‍රතිශතය 96%ක් ද ෆේස්බුක් මනාප 5/5 ලෙසින් IMDB හි ලැබූ ලකුණු ප්‍රමාණය 8.6/10ක් ලබාගෙන තියෙනවා.චිත්‍රපටය කොහොමද කියලා මේ මනාප වලින් වගේම රගපාන නලු නිලි පිරිස දක්කහම හිතාගත්තැකිනේ.

කතාව:
බැංගලෝර් හි යලිත් මිනිසුන් කෲර ලෙස මරා දැමෙමින් භීතිය පැතිර යන්නෙ අවුරුදු පහකට පෙර බැංගලෝර් හි භීතිය වපුරන් සිටි මියගියා යැයි සැලකෙන රුද්‍රා නම් දාම ඝාතකයෙකුගෙ යලි පැමිණීම සනිටුහන් කරමිනි.වසර පහකට පෙරාතුව රුද්‍රා නම් දාම ඝාතකයා කොටු කරගෙන ඔහුව මරා දමනු ලැබුවේ අංජලී (Nayanthara) නම් CBI නිලදාරිනිය විසිනුයි.රුද්‍රා ගෙ යලි ආගමනයත් සමගම මෙම දාම ඝාතනයන් විසදීමේ කාර්‍ය භාර්‍ය නැවතත් අංජලී හටම බාර වෙනවා.අංජලී තම දෑතින්ම දාම ඝාතක රුද්‍රාව මරා දැමුණු නිසා ඇය තරයේම කියා සිටින්නෙ මේ රුද්‍රාව අනුගමනය කරමින් මිනීමරන කොපි කැට් කෙනෙක් බවයි.ඒත් මේ මිනිමැරුම් කරන පුද්ගලයා මාධ්‍යට කියා සිටින්නෙ රුද්‍රා මියගොස් නැති බවත් යලිත් ඔහු දඩයම් කිරීමට පටන් ගන්නා බවය.මේ අතර වාරයේ අංජලී ගේ සොහොයුරා වන අර්ජුන් (Atharvaa) තම පෙම්වතියිව මුණගැහීම සදහා චෙන්නායිවල සිට බැංගලෝර් බලා පැමිණි ගමනේදී පොලීසිය විසින් අර්ජුන් යනු වෙන කවරෙකුත් නොව මෙම දාම ඝාතන වලට හේතුව වූ රුද්‍රා බවට කරුණු ගෙනහැර දක්වනවා.නොසිතන මානයන් කිහිපයක් ඔස්සේ කතාව පියබා යන මෙහි ඇත්තටම රුද්‍රා යන කවරෙක්ද,මෙම දාම ඝාතකයා කොටු කරගන්න පුලුවන් වේද කියලා බලලම දැනගන්න.ඒ වගේම කුතුහලය සපිරි චිත්‍රපටවලවලට කැමැති රසිකයෙක් නම් මේක මගහැරගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Imaikkaa Nodigal (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)