CHIPS (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: CHIPS (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,499
    Likes Received
    1475 times

    CHIPS (2017) සිංහල උපසිරැසි සමඟින්

    CHIPS (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    මේ චිත්‍ර‍පටිය ඊයේම ලබා දෙන්න තිබ්බා එත් කොහේද මං මේල් කරද්ද සබ් එක attach කරලා යවලා නැහැ... ඉතින් ඇඩ්මින් සබ් එක නැහැ නැහැ නැහැ කියලා එව්වාත් ඔෆිස් ගියාම ආයේ කොහේ එවන්නද ඒ නිසා සබ් එක එවන්න උනේ ඊයේ රෑ. අනිවාර්යෙන් අද (11) ඔයාලට සබ හම්බවේවි.... මේක මං බාරගෙන හිටපු චිත්‍ර‍පටියක් නෙමෙයි. නමුත් කරන්න ගත්ත කෙනා ප්‍ර‍තිචාරයක් නැති නිසා මගෙන් කරමුද ඇහුවා. ඉංග්‍රිසි කොමඩි ෆිල්ම්ස් වලට කොහොමත් මං ආස නිසා දෙපාරක් හිතන්නේ නැතුව වැඩේ කරන්න අරන් ඉවරයක් කලා...


    මේක අධ්‍යක්ෂණය කරන්නේ Dax Shepard විසින් Hit and Run චිත්‍ර‍පටියත් ඔහුගේම නිර්මාණයක්... ඒ විතරක් නෙමෙයි Dax Shepard තමයි මෙහි ප්‍ර‍ධාන චරිතයක් වෙන ජොන්ගේ චරිතයටත් පණපොවන්නේ.... මිට අමතරව Michael Peña,Rosa Salazar,Kristen Bell රංඟනයෙන් දායක වෙනවා... එතකොට මේ කතාවේ ප්‍ර‍ධාන චරිත කරන Dax Shepard හා Kristen Bell සැබැ ජිවිතේදිත් සැමියායි බිරිදයි විමත් විශේෂත්වයක්. කතාව ගැන කිව්වොත් ජොන් කියන්නේ කලින් මෝටර් බයික් ධාවන ශුරයෙක්. නමුත් ඔහුට සිදුවුනු අනතුරු කිහිපයක් නිසා ඔහුට අපහු තරඟ කරන්න වෙන්නේ නැහැ... මේ නිසාම ඇයගේ බිරිදත් ඇයගෙන් දික්කසාද වෙන්න යනවා. ඒ නිසා ඔහු තිරණය කරනවා රථවාහන පොලිසියට බැදෙන්න. කොහොම හරි මේ දවස් වලම බැංකු වල මුදල් ගෙනියන රථ කිහිපයක් කොල්ලකනවා.. මේකට පොලිසියෙත් සම්බන්ධයක් ඇතැයි කියලා FBI එක සැක කරනවා. මේ නිසා ඔවුන් තිරණය කරනවා ඔවුන්ගේ නිලධාරියෙක්ව පොලිසියට එවලා ඒ කවුද කියලා හොයාගන්න. ඔහුගේ නම තමයි පොන්ච්. පොන්ච් හා ජොන්ව තමයි එකට වැඩ කරන්න වැටෙන්නේ. ජොන් කියන්නේ ටිකක් අමුතු පුද්ගලයෙක්... හැමවේලේම ඇත්ත කතා කරනවා... ආයේ හොර බොරු වංචාවක් නැහැ... ඉතින් මේ දෙන්නාගේ විකාර වැඩ වගේම අර කිව්ව මුදල් කොල්ල කන කට්ටිය අල්ලගන්න දෙන ගේම තමයි චිත්‍ර‍පටිය පුරාවටම ගෙතෙන්නේ. මේක ටිකක් විතර +18 වගේ... මොකද පින්තුර දෙක තුනක් ෆොන් චැට් වලින් පෙන්වන එවා තියනවා ඒ ඇරෙන්න චිත්‍ර‍පටියේ වෙන අවුලක් නම් නැහැ.... එහෙනම් හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්. මේ පාර මං දාපු හොදම කොමඩි චිත්‍ර‍පටි ටික දකුණු පැත්තේ දාලා ඇති... එහෙනම් ගිහින් එන්නම්.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    CHIPS (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Location
    wrestling ලෝකෙ
    Posts
    158
    Likes Received
    0 times
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts