Trollhunters Season 02 සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ මේ පැත්තට ආවා. මුලින්ම සොරි වෙන්න ඔනේ මේ වැඩ ටික ගොඩක් පරක්කු වෙච්ච එකට.ඉන්න කාර්යබහුල කාලයත් එක්ක ටිකක් අමාරුවෙන් වැඩ බැලන්ස් කරගන්නෙ.ගොඩක් සබ් මිස් උනා,සීරිස් ටික ඉවරකරගන්න උත්සහ කරන්නෙ හැමොම බලපු නිසා.ඒ වගෙම ඉතින් ඇනිමේෂන් එකක් දැක්කම අතාරින්න ආසාවක් නෑ.ඔන්න ඒ නිසා පුළුවන්
ඉක්මනට දෙවනි සීසන් එකත් අරගෙන ආවේ.එහෙනම් අපි හැරෙමු කතාව පැත්තට.මේක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Trollhunters season 02 එක තමයි අරගෙන ආවේ.පලවෙනි
සීරිස් එකේ සාර්ථකත්වයත් එක්ක guillermo del toro කතාවෙ අධ්‍යක්ෂක netflix එක්ක එකතුවෙලා සීසන් තුනකට කතාව ගෙනියන්න හදන්නෙ.

මේ කොටස නම් කරල තියෙන්නෙ Trollhunters: Tales of Arcadia part 1 කියල. එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.පලවෙනි සීසන් එකෙදි කට්ටියට මතකයිනේ ජිම්ට පලකය හම්බෙලා ලෝක දෙකක ආරක්ෂකයා වෙන්න වෙනවා.කුරුමිටි ලෝකයෙ සහඔවුන් ජීවත් වෙන ආර්කේඩියාවේ. මුලින්ම බූලර් එක්ක සටන් කරල බූලර් මැරුවට පස්සෙ කතාවට අලුත් සතුරෙක් එකතුවෙනවා.
ඒ තමයි ඇන්ගර් රොට්.බූලාර් වගේ ලේසියෙන් බේරෙන්න බැරි සතුරෙක් තමයි.ස්ට්‍රික්ලර් ජිම්ගෙන් පලිගන්න ඇන්ගර් රොට්ව පාලනය කරන්න පේල් ලේඩි හදපු ඉන්ෆර්නෝ මුද්ද දාගෙන ඇන්ගර් රොට්ව පාලනය කරනවා.කොහොමහරි අන්තිමේදි ජිම්ව විනාශ කරන්න ඇන්ගර් රොට් කුරුමිටි නගරයට හොරෙන් ඇතුළුවෙලා හොද සටනක් ගෙනියනවනේ.ඒ වගේම අවේෂකයන් පෘතුවියට ගේන්නනම් අපේ ලොකෙ පුංචි ලමයි එහෙට යවන්න ඔනෙ කියල තියෙනවනේ.ක්ලැරිගේ මල්ලිත් ඒ වගේම
අදුරු දූපත් වලට යවනවා.නොමුරා එකතුවෙලා.ඇන්ගර් රොට් එක්ක තිබුනු අන්තිම සටනෙදි ඇන්ගර් රොට්ගෙ විෂ පිහියෙන් ඇනලා ආර්ග්ව ගල් පිළිමයක් වෙනවා.අන්තිම සටනෙන් ජිම් ටෝබි ක්ලැරි තුන්දෙනාම එකතුවෙලා ඇන්ගර් රොට්ව විනාශ කරනවානේ.ආර්ග් නැතිවෙච්ච දුකත් එක්ක ජිම් තනියම අදුරු දුපත් වලට යනවා ක්ලැරිගේ මල්ලිව බේරගෙන එන්න.එතනින් නෙ කතාව නැවතුනේ.හොදම තැනින් නේ.එතකොට මේ සීසන් එකෙදි ජිම් ඇත්තටම ක්ලැරිගේ සහෝදරයා බේරගන්නවා.ඒ වගෙම අපෙ කට්ටියට අදුරු දුපත් වලට යන්න වෙනවා ජිම්ව බේරගන්න.බ්ලින්කි ආර්ග් ටෝබි ක්ලැරි යනවා ජිම්ව් බේරගන්න අදුරු දූපත් වලට.එහෙදි කට්ටියට ලොකු කරදර ගොඩකට මුහුණදෙන්න වෙනවා.ඒ වගේම මේ සීසන් එකෙදි කතාවේ ප්‍රධාන චරිතයක් අපිට නැතිවෙනවා.ඒ වගේම නැති වුනු චරිතයක් ආපහු එනවා.කතාවෙ අවසානය තමයි රසවත්.ගිය වතාවෙ වගේම.කතාව අලුත් තැනකට අරගෙන නවත්තන්නෙ.පේල් ලේඩි කතාවට ආපහු එකතුවෙනවා.ඉතින් මේකෙන් සීසන් දෙක ඉවරයි.ඊලග සීසන් එකත් රීලීස් වෙලා තියෙන්නෙ.මේ සීසන් එක කොටස් 13කින් තමයි තියෙන්නෙ.ඒ වගෙම සීසන් තුනත් පුළුවන් ඉක්මනටම අරගෙන එන්නම්.

සීසන් තුනෙන් trollhunters කතාමාලාව අවසන් වෙනවා,ඒත් අපේ කතාවේ අධ්‍යක්ෂක Tales of Arcadia Trilogy එකක් අරගෙන ඇවිත් ආර්කේඩියාවෙ සිදුවෙන තවත් අමුතු සිද්ධින් මාලාවක් අලුත් සීසන් දෙකක් විදියට ගේන්න හදන්නෙ.මේක හරියටම පැහැදිලි trollhunters වෙන්නෙ සීසන් තුනෙන්.දෙවනි සීසන් එකෙ මැද හරියෙදි ඊලයි කතාවේ වෙනසක් කරනවා.ප්‍රධාන චරිත දෙක පසෙක තියල ඊලයි සහ ස්ටීව් ගේ කතා කොටසක් කරනවා.ඒකෙදි මේ ගැන ටිකක් පැහැදිලි කරයි. ඉක්මනට සීසන් තුනත් ඉවර කරල කට්ටියට ගේන්නම්.ඊලගට එන්න තියෙන සීසන් තමයි 3BELOW(2018),Wizards(2019) මේ දෙකෙන් පලවෙනි එකනම් මේ අවුරුද්දෙ අග වගේ රිලීස් වෙවි.ඒ වගෙම මගෙ තව වැඩ ටිකක් තියෙනවනේ. dragon race to the edge එකෙ අන්තිම සීසන් එක තමයි ඊලගට දෙන්න ඉන්නෙ.ෆිල්ම් එක මාර්තු එන නිසා.එකත් බලාපොරොත්තුවෙන්ඉ න්ට. ඩවුන්ලෝඩ් ලින්ක් වල මොකක්හරි අවුලක් තියෙනවනම් [email protected] මේකට මේල් එකක් දාන්න.එහෙනම් ඊලග සීරිස් එකෙන් ඉක්මනටම හමුවෙනතුරු කට්ටියටම ජය.........



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Trollhunters Season 02 සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)