Ready Or Not (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





කාලේකට පස්සේ නැවතත් උපසිරැසියක් අරන් ගොඩවදින්න හිතුවා... මේ පාර නම් අරන් ආවේ ''අපොයි මෙහෙමත් කසාදයක්'' කියලා කියවෙන ටයිප් එකේ චිත්‍ර‍පටියක් අරගෙනයි.. Matt Bettinelli-Olpin විසින් අධ්‍යක්ෂණ කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත විදියට Samara Weaving,Adam Brody,Mark O'Brien හා Andie MacDowell රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය ලොවපුරා තිරඟත විම ආරම්භ කලේ 2019 ජුලි මාසේ.. ඩොලර් මිලියන 6ක් යොදලා හදපු මේ චිත්‍ර‍පටිය තිරඟකිරිම් අවසානයේ ඩොලර් මිලියන 57ක ඉහල ආදායමක් උපයා ගන්නත් සමත් උනා

ඉතින් කතාව ගැන කිව්වොත්... කසාදය කියන්නේ හැම ගැණු ළමයෙක්ම දකින හිනයක්... එදාට අදින ඇදුමේ ඉදලා... හැමදේම ගැන ගොඩක් ආසාවෙන් තමයි හින දකින්නේ...එහෙම හින දැකපු යුවතියක් තමයි ග්‍රේස් කියන්නේ. ග්‍රේස්ගේ ආදරවන්තයා තමයි ඇලෙක්ස්... තමන්ගේ ආදරවන්තයාම විවාහ කරගන්න ලැබෙන එක කොහොමත් වටින අත්දැකිමක් නේ. ඉතින් වෙඩින් එක දවසේ උදේ ඉදන්ම ග්‍රේස් ගොඩක් සතුටින් තමයි ඉන්නේ... ඇලෙක්ස් කියන්නේ සල්ලිකාර වංශවත් පවුලක් මේ නිසා ග්‍රේස් ටිකක් බයෙන් තමයි ඉන්නේ. මොකද ඇයට අම්මා තාත්තා කියලා කවුරුත්ම නැති නිසා. කොහොම හරි කසාද වැඩ ටික බොහෝම චාම්ව ලස්සනට සිද්ධ වෙනවා. ඇලෙක්ස්ගේ අම්මා පවා ග්‍රේස්ට ලෙන්ගතු වෙනවා. කොහොම හරි කසාද දවසේ රාත්‍රියේ හැමෝම කරන එදාට කරන දේවල් කරන්න කියලා හිතාගෙන ග්‍රේස් ඇලෙක්ස් එක්ක කාමරයට එනවා . හැබැයි ඇලෙක්ස් බොහොම කලබල වෙලා ඉන්න බවක් ග්‍රේස් දකිනවා. නමුත් ඇයට එවා ගානක් නැහැ. අද මේ අයගේ මංගල රාත්‍රියනේ... මේ වෙලාවේ තමයි ඇලෙක්ස් ග්‍රේස්ට කියන්නේ... පවුලේ කාගේ හරි කසාදයක් වෙලා අලුතින් පවුලට එකතු වෙන කෙනෙක් එදා රෑට පවුලේ අය එක්ක ක්‍රිඩාවක් කරන්න ඕනි කියලා... ඒක සමහර විට චෙස් අදින්න.. කැරම් ගහන්න... කාඩ් ගහන්න හරි වෙන්න පුලුවන්. කොහොම හරි පවුලේ අය එකතු වෙලා කරන සෙල්ලමක්... තමන් කරන සෙල්ලම තොරගන්න ඕනි ග්‍රේස්ම තමයි. හැබැයි පොඩි මංජුසාවක් තියනවා ඒකට අතදාලා ගන්න කාඩ් එකේ තියන සෙල්ලම තමයි ඔවුන්ට කරන්න වෙන්නේ... ඉතින් ග්‍රේස් පවුලේ අය ඉස්සරහා මංජුසාවට අතදාලා කාඩ් එකක් ගන්නවා. එකේ එන්නේ හැංඟි මුත්තං සෙල්ලම. කොහොම හරි හරියටම රෑ 12ට සෙල්ලම පටන් ගන්නවා. එත් මේ සෙල්ලම ඇස් රතු වෙන එකක් කියලා ග්‍රේස් දැනගද්දි නම් සැහෙන පමා වෙලා වැඩියි. ඉතින් ග්‍රේස්ගේ මේ කසාදේ බලන්න හැමෝටම ආරාධනා කරගන ගමන් මං සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Ready Or Not (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)[/CENTER]