2 Hours Love (2019) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


කලින් හින්දි චිත්රපටියක් දුන්න නිසා මේ පාර හිතුවා තෙලෙඟු චිත්රපටියක් අරන් එන්න. මේක මේ වසරේ සැප්තැම්බර් මස නිකුත් උන චිත්රපටියක්. මෙය අධ්යක්ෂණය කරන්නේ Sri Pawar විසින්.. ඔහු තමයි මේ චිත්රපටියේ ප්රධාන නළුවාගේ චරිතයටත් පන පොවන්නේ... මිට අමතරව ප්රධන නිළියගේ චරිතයට Kriti Garg විසින් රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කියන්නම්කෝ... මේකේ නම දැක්කාම පේනවා ඇති නේ පැය දෙකේ ආදරයක් වගේ එකක් ගැන කියන්නේ කියලා... අදිත්ට අවිකාව අවන් හලකදි හම්බවෙන්නේ අහම්බෙන් වගේ... අදිත් කෙලින්ම දැක්ක ගමන්ම ගිහින් අවිකා එක්ක කතා කරලා ආදරය ප්රකාශ කරනවා. මේකට අවිකාගෙන් මුලදි හොද ප්රතිචාරයක් හම්බුනේ නැතත් යාළුවෙක්ගේ අතේ අදිත්ට පනවිඩයක් එවනවා අහවල් පාක් එකට 4 වෙද්දි ඇවිල්ලා ඉන්න කියලා. අදිත් හොදට ලැස්ති වෙලා එහෙම යනවා පාක් එකට ඇයව හම්බවෙන්න. ඇය හම්බවුන පලවෙනි දවසේම අමුතු යෝජනාවක් දානවා. ඒ කියන්නේ මේ දෙන්නාට ආදරය කරන්න පුලුවන් හවස 4 - 6 වෙනකම් විතරයි කියලා. එතැනින් එහාට අඩුම ගානේ කොල් කරන්නවත් බැහැ කියලා. මේක අහපු ගමන් ඔයාලා වගේම අදිත්ටත් මේ මොන මලවිකාරයක්ද කියලා හිතෙනවා.. හැබැයි අදිත් කැමැති වෙනවා ඒ ක්රමයට. ඔහු හිතනවා කාලයක් යද්දි අවිකාගේ මේ පැය දෙකේ ආදර කතාව නැවතිලා දවසේම දෙන්නාට හම්බවෙලා ආදරය කරන්න පුලුවන් වේවි කියලා. එහෙම දවසකුත් උදා වෙනවා දෙන්නාම දවසේම හම්බවෙලා කතා කරන්න පුලුවන් වෙන... එතකොට තමයි අදිත්ටත් තේරෙන්නේ අවිකා ඇයි මේ පැය දෙකක් විතරක් ආදරය කරන්න වෙලාව දාගත්තේ කියලා... ඉතින් ඇයි අවිකා මේ පැය දෙකක් විතරක් ආදරය කරන්නේ... ඒකට හේතුවෙන අතීත කතාව මොකක්ද කියන එක ඔයාලට ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුලුවන්..
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .
Due to copyright issues, we do not provide any Movies torrent links.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
2 Hours Love (2019) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Bookmarks