වැඩිහිටියනි අපි ගැනත් සිතන්න..!


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 11

Thread: වැඩිහිටියනි අපි ගැනත් සිතන්න..!

  1. #1
    Member Crazy Buddy is on a distinguished road Crazy Buddy's Avatar
    Join Date
    Oct 2011
    Posts
    42
    Likes Received
    0 times

    Exclamation වැඩිහිටියනි අපි ගැනත් සිතන්න..!

    රටක අනන්‍යතාව ලොවට සාක්ෂාත් කරන සංස්කෟතික සදාචාරය වනාහී අපේ කම ලොවට පිළිබිඹු කරන අපේ ලේ ඥාතීන් සේ සැලකිය හැක.මීට ඉපැරණි වසර ගණනාවකට පෙර සිට පැවත එන්නා වූ අපේ සිරිත් විරිත්,සංස්කෘතිය හා සදාචාරයට අපි එකහෙලාම ගරු කරන්නෙමු.එහි විසංවාදයක් නැත.

    පෘථිවි ගෝලය අංශක 360කින් වසරක් පුරා භ්‍රමණය වෙද්දී තරුණ සිත් තුල නව අදහස් , ආකල්ප , චින්තන රටාවන් බිහි වන්නේ හතු පිපෙන්නාක් ලෙසය.ජාති, කුල, ආගම්, ලිංග භේද, වැඩවසම්වාදී දුරුමතයන් සුන්නද්දූලි වී යන විට ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව සියල්ලෝම එකම රේඛාවක ගමන් කරතී.ලෝක මතය එසේ වුවත් ලාංකේය වැඩිහිටි සමාජය තවමත් වැඩවසම්වාදී බ්‍රහ්මණ අතීත කාමයන් තුල ජීවත් වෙතී.

    ලාංකේය වත්මන් සමාජ සන්දර්භය තුල ආශ්වාස ප්‍රශ්වාස කරන තරුණ පරම්පරාව උගත්ය.බුද්ධිමත්ය.එකට එක් වී කටයුතු කරන්නට කැමැත්ත දක්වන්නා වූහ.එහෙත් අපිට එසේ කල නොහැක්කෙමු.අංග විකල සමාජයේ විකලාංග අදහස් දරන බොහෝ වැඩිහිටියන් අප දෙස බලන්නේ වපරැසින් ය.

    එදා මෙන් නොව වත්මන් තරුණියෝ බුද්ධිමත්ය.තව නෙත් දෙකෙන් ලෝකය දැක ඇත්තෝ වූහ.දෙසවන් වලින් ලෝකය අසා ඇත්තෝ වූහ.තමන්ගේ සීමා මායිම් දැන සිටින්නෝ වූහ.එවන් ලෝකයක තරුණියකට වැරදීම යනු වැඩිහිටයන් විසින් තරුණ පරම්පාරාවට සීමා මායිම් බන්ධන පැනවීමෙන් තරුණ තරුණියන් වෙන් කිරීමට දරන උත්සාහයේ අහිතකර ප්‍රතිඵලයක් නොවන්නේද ?

    කොල්ලෙක් කෙල්ලෙක් එක්ව ගමන් කළ පමණින්,ඔවුන්ගේ දෑත් ලං වී තිබුණ පමණින්,සිනහ සී කතා කප මණින් වල් මත් අදහස් මොළ ගෙඩි තුල ගැබ්ගත් වැඩිහිටියන්ට සිතන්න දේත් කියන්නට දේත් බොහෝ ඇත.එහෙත් තරුණ තරුණියන්ට දහෝදර බැදීමක් ගොඩනැගිය නොහැකිද? මිතුරු මිතුරියන් විය නොහැකිද?හැක්කේ පෙම්වතුන් වීම පමණ ද.....?

    වැඩිහිටියන් තම ජීවිත අත්දැකීමෙන් ඔවදන්,උපදෙස් දෙමින් තාරුණ්‍ය හරි මගට යැවීමට ඔහෝපකාරී වන බව සැබැය.එහෙත් අලකලංචි චින්තනයකින් වැඩිහිටියන් අප දෙස බලන්තාක් තරුණ පරම්පරාවේ ඔළු ගෙඩි තුල කැකෑරෙමින් පවතින නැවුම් අදහස් චින්තනයන් විකසිත නොවී ඔළු ගෙඩි තුලම අකලට මිලින වී යාවී.

    වැඩිහිටියනි...! ලෝකය දිනන්නට නැවුම් දෙයක් කරන්නට රට තුල චින්තන විප්ලවයක් ඇතිකරන්නට අපට ඉඩ දෙන්න.අරුමැසිවාදී සිහින ලෝක තුල අප අතරමං වුවහොත් පමණක් අපට යතාර්ථය කියා දෙන්න.වැඩවසම්වාදි බර කරත්ත කරපින්නා අපේ සිතුම් පැතුම්වලට තහංචි නොදමන්න.

  2. #2
    Senior Member Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax is just really nice Demax's Avatar
    Join Date
    Mar 2011
    Posts
    2,526
    Likes Received
    209 times
    කොල්ලෙක් කෙල්ලෙක් එක්ව ගමන් කළ පමණින්,ඔවුන්ගේ දෑත් ලං වී තිබුණ පමණින්,සිනහ සී කතා කප මණින් වල් මත් අදහස් මොළ ගෙඩි තුල ගැබ්ගත් වැඩිහිටියන්ට සිතන්න දේත් කියන්නට දේත් බොහෝ ඇත.එහෙත් තරුණ තරුණියන්ට දහෝදර බැදීමක් ගොඩනැගිය නොහැකිද? මිතුරු මිතුරියන් විය නොහැකිද?හැක්කේ පෙම්වතුන් වීම පමණ ද.....?
    aththa machan
    nikamata hari kellek kollek pare katha kara kara giyoth dakina aya hethanne wena ekak.gedarata kelam kiyalath iwarai ethakota

  3. #3
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    නියම කතාවක් මචන්.මේවා අපි නෙමෙයි ඉතින් වැඩිහිටියන්මයි කියවන්න ඕන

  4. #4
    Senior Member බොරලුගොඩ will become famous soon enough බොරලුගොඩ will become famous soon enough බොරලුගොඩ's Avatar
    Join Date
    Jan 2011
    Location
    ගිරිපුර
    Posts
    1,091
    Likes Received
    54 times
    අනිවාර්යෙන් පටු අදහස් නැතුව ලෝකය ගැන අලුත් විදියට හිතන්න වැඩිහිටියන් දැන ගන්න ඕන

  5. #5
    Top Contributor *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi*'s Avatar
    Join Date
    Jan 2011
    Location
    ***find me if u can***
    Posts
    4,619
    Likes Received
    349 times
    හැබැයි දැන් හුගක් වැඩිහිටියන් තරුණ තරුණියන්ට හිතිමේ රටාවට ඉඩදෙන බව පෙනවා.හැබැයි නිදහස දුන්නම සමහර අය නිදහස බාවිතා කරන්න යන්නේ වැරදියටනේ.එක නිසා සමහර වැඩිහිටියන් නිදහස දෙන්න බය වැඩියි.
    මොනවා උනත් ඇත්තටම වටින අදහසක් තමයි ලියලා තියෙන්නේ
    REP+

  6. #6
    Senior Member RaviTH is a jewel in the rough RaviTH is a jewel in the rough RaviTH is a jewel in the rough RaviTH's Avatar
    Join Date
    Jun 2011
    Location
    CMB
    Posts
    958
    Likes Received
    64 times
    aththa apia asa widiyata hethanna apiatath nidahask ona karanawa

  7. #7
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times

  8. #8
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    aththa kathawa machan
    rep+

  9. #9
    Senior Member sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa's Avatar
    Join Date
    Nov 2011
    Location
    ආගාදය
    Posts
    2,332
    Likes Received
    308 times
    සමහර වැඩිහිටියන් නිදහස දෙන්න බය වැඩියි

  10. #10
    Senior Member ESPN is on a distinguished road ESPN's Avatar
    Join Date
    Aug 2012
    Location
    SL
    Posts
    245
    Likes Received
    17 times
    aththa kathawa..

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts