The Hobbit The Desolation of Smaug (2013) සිංහල උපසිරැසි සමගින්
(
click here to watch and comment)
ඔයාලාට මතක ඇති The Hobbit: An Unexpected Journey චිත්රපටිය ඔයාලාට මම ගෙනාවා. මෙහි දෙවැනි චිත්රපටිය වන The Hobbit: The Desolation of Smaug (2013) චිත්රපටිය වෙබ් අඩවියෙන් දිලා නැති නිසා ඒ අඩුව සම්පුර්ණ කරන්නයි මම හදන්නේ. මෙහි තෙවැනි චිත්රපටිය වන The Hobbit: The Battle of the Five Armies නිකුත් වෙන්නත් තව මාස කිහිපයක කාලයක් තමයි තියෙන්නේ. ඉතින් දෙවැනි චිත්රපටිය නරඔලා ඉන්න එක හොදයි නේ. ඒක නිසා ඔන්න මේ චිත්රපටිය අරන් ආවා.
වැඩි කතාවක් නැතුව පසුගිය චිත්රපටියේ සාරංශය කියන්නම් The Lord of the Rings කතාමාලාවට පෙර සිදුවු සිදුවිම් පෙලක් අනුසාරයෙන් සැදු කතාවක් තමයි හොබිට් කියන්නේ.තෝරගේ රාජධානියට කඩා පනින් මකරෙකු විසින් මේ රාජධානියේ සියළු දෙනා බලහත්කාරයෙන් ඉවත්කර ආක්රමණය කරගන්නවා.ඒ එක් හේතුවක් නිසා ඒ මේ රාජධානියේ බහුල වශයෙන් රත්තරන් හා වටින පාෂාන වර්ග තිබෙන නිසා.මේ නැතිවු රාජධානිය මකරාගෙන් බේරාගැනිමට යන ගමනක් තමයි මේ චිත්රපට මාලාවේ ගෙන හැරෙන්නේ.මේ යන ගමන ලේසි පහසු ගමනක් නම් වෙන්නේ නෑ.ඔවුන්ට නපුරු සතුන් අමුනුෂයන්, මිනිමරුවන්ගෙන් බේරි ඉතාමත් දුෂ්කර ගමනක් තමයි යාමට සිදුවන්නේ.පළමු චිත්රපටිය ඔවුන් මකරා සිටින තැන සොයාගත්ත තැනින් තමයි නතර වෙන්නේ. මේ චිත්රපටියේදි ඔවුන් මකරා සිටින තැන හොයාගන්නවා වගේම පළමු චිත්රපටියේ මෙන්ම මේ ගමන මහා දුෂ්කර එකක් වෙනවා.ඒ වගේම මේ ගමනට තවත් කිප දෙනෙක් එකතුත් වෙනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව දෙවැනි චිත්රපටිය රසවිදින්න කියලා ඉල්ලන ගමන් සමුගන්නම් මේ චිත්රපටියේ තුන්වැනි එකත් නිකුත් උනාම සමිප කරන බලාපොරොත්තුවෙන්ම.
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
The Hobbit The Desolation of Smaug (2013) Sinhala Subtitles
(
click here to watch and comment)
Bookmarks