සිරුරට වඩාත් ගුණ දෙන්නේ කුරුට්ට සහිත තම්බපු හාල්


+ Reply to Thread
Results 1 to 10 of 10

Thread: සිරුරට වඩාත් ගුණ දෙන්නේ කුරුට්ට සහිත තම්බපු හාල්

  1. #1
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,637
    Likes Received
    0 times

    සිරුරට වඩාත් ගුණ දෙන්නේ කුරුට්ට සහිත තම්බපු හාල්

    ශ්‍රී ලාංකිකයන් වූ අප, සහල් පරිභෝජනයට නැඹුරු වි සිටින්නේ වසර දහස් ගණනක අනාදිමත් කාලයක සිටයි.

    එහෙත්, වත්මන් සමාජයේ වැරැදි ආහාර පුරුදු හා ජීවන රටා නිසා සහල් පරිභෝජනයේන් ඈත් වූ මිනිසා, පහසුවෙන් ලබා ගත හැකි ක්ෂණික ආහාර රටාවකට නැඹුරු වී සිටියි.

    මෙහි ප්‍රතිඵලය කෙබඳු එකක් ද ?

    ඒ පිළිබඳ අද ‘ආරෝග්‍යා’ වෙත අදහස් දක් වන්නේ, පෝෂණවේදිනී වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මියයි.

    කැකුළු හෝ නිවුඩු සහිත සහල් පරිභෝජනයේ වැදගත්කම කුමක් ද ?

    කැකුළු හෝ නිවුඩ්ඩ සහිත සහල් ලෙස හඳුන්වන්නේ, අඩුවෙන් පාහින ලද සහල් වර්ගයි. සහල් ඇට පාහින අවස්ථාවේ එහි පිටතින්ම තිබන ස්ථරය ඉවත් වෙනවා. එවැනි විටෙක එහි තිබෙන කෙඳි හෝ තන්තු ප්‍රමාණයත් ඉවත් වෙනවා. නමුත් ඉතා අඩුවෙන් හෝ සම්පූර්ණ වශයෙන් නොපාහින අවස්ථාවලදී සහල්වල තිබෙන තන්තු ප්‍රමාණය අපට එලෙසින්ම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

    ධාන්‍ය අතුරින් වඩාත් බහුලව පිෂ්ඨය තිබෙන්නේ කුමන වර්ගයක ද ?

    සහල්වලයි. වෙනත් ධාන්‍ය හා සහල් ගත් විට වැඩිම පිෂ්ඨය හෝ කාබොහයිඩ්‍රේට ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ සහල් මඟිනුයි. සහල් ග්‍රෑම් 100ක පිෂ්ඨය ග්‍රෑම් 71ක් වැනි ප්‍රමාණයක් අඩංගුයි. තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කරන පාන්වලට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ඒ අනුව සහල් මඟින් ලබා ගන්නට පුළුවන්.

    බත් වේලකින් අපට ලැබෙන අමතර වාසි මොනවා ද ?

    බත් වේලකදී අපි වැඩිපුරම කන්නේ බත්. ආහාර පිඟානේ තුනෙන් දෙකක පමණ අඩංගු වෙන්නේ බත්. එහි දී අපේ සිරුරට අවශ්‍ය වූ ප්‍රෝටීනවලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත හැකියි.

    ශරීරයට අත්‍යවශ්‍ය වූ ඇමයිනෝ අම්ල 22ක් අතුරින් ලයිසීන්, ත්‍රියොනීන්, මෙතියොනීන්, සිස්ටීන්, ටිප්ටොපෑන් වැනි වර්ග අටක් පමණ මිනිස් සිරුරේ නිපදවෙන්නේ නැහැ. මේවා සහල්වල අන්තර්ගතයි. යන්තම් පාහින ලද සහල් ග්‍රෑම් 100ක ප්‍රෝටීන ග්‍රෑම් 7.5ක් අඩංගුයි. සෙසු ධාන්‍යවල අඩංගු ප්‍රෝටීනවලට වඩා වැඩි වේගයකින් මේ ප්‍රෝටීන අවශෝෂණය වන සුළුයි. ඒ අතුරිනුත් තම්බපු සහල් මේ සියලු ගුණාංග අතරින් උසස් ම තත්ත්වයක් සහිත සහල් වර්ග විදිහට නම් කෙරෙනවා.

    තම්බපු සහල්වල විශේෂත්වය කුමක් ද ?

    සහල් තැම්බීමේ දී එහි අඩංගු විටමින් වර්ග ඉතාමත් හොඳින් සහල් ඇටයට උරා ගන්නවා. එය තමයි එහි ඇති විශාලතම වාසිය. ඒවා ඉවත් වී යෑමක් සිදු වන්නේ නැහැ. ඒ නිසයි දියවැඩියා රෝගීන් හොඳම සහල් වර්ගය හැටියට තම්බපු සහල් නිර්දේශ කරනු ලබන්නේ. තම්බන ලද සහල් දිරවන්නේ සෙමින්. කුරුට්ට සහිතයි. විටමින් B කාණ්ඩයේ විටමීන සියල්ල සහල් ඇටයේ අභ්‍යන්තරයට මුසු වී තිබෙන්නේ. ඒ නිසා වී කෙටුවත් සම්පූර්ණයෙන්ම කුරුට්ට ඉවත් වීමක් සිදු වන්නේනැහැ.

    සහල් පාරිභෝජනයට ගැනීමේ දී වෙනත් විටමින් වර්ග ලැබෙන්නේ කොහොම ද ?

    සහල් වර්ගවල වෙනත් වටමින වර්ග සුළු ප්‍රමාණවලින් අඩංගුයි. යන්තම් පාහින ලද සහල් ග්‍රෑම් 100ක කැල්සියම් මිලි ග්‍රෑම් 10ක්, යකඩ මිලි ග්‍රෑම් 3.2ක්, විටමින් A මයික්‍රො ග්‍රෑම් 2ක්, ෆොස්ෆරස් මයික්‍රො ග්‍රෑම් 190ක්, තයමින්, රයිබොෆ්ලේවින් මයික්‍රො ග්‍රෑම් 200ක් වැනි ප්‍රමාණවලින් ඇතුළත්. බත් පිඟානක ඇති වැඩිපුර බත් කොටස මඟින් අපට මේ සියලු පෝෂක ලබා ගත හැකියි.

    එය සිදු වන්නේ මෙහෙමයි.

    අපි බොහෝ අවස්ථාවල පාන් ආහාරයට ගන්නේ එක අමතර ව්‍යාංජනයක් සමඟයි. නමුත් බත් වේලක් අප එසේ ලබා ගන්නේ නැහැ. බත් වේලක් සමඟ පළා වර්ගයක්, පියලි ඇට වර්ග හා වෙනත් ආහාරයත් අප එකතු කර ගත් විට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අවශ්‍යතාව එමඟින් සම්පූර්ණ කරගත හැකියි. ඒ මඟින් ආහාරයේ විවිධාංගිකරණය වගේම රසය, ගුණය සියල්ල කැටි වෙනවා.

    පාන්වලින් අපට මෙවන් පෝෂණයක් නොලැබෙන්නේ ඇයි ?

    පාන් හඳුන්වා දුන් බටහිර ජාතීන් පවා පාන් අනුභව කරන්නේ, අප කන විදියට නොවේ. Brown Bread ලෙස හඳුන්වන ඒ පාන් ධාන්‍යවල තිබෙන කුරුට්ට සහිතව නොපාහින තත්ත්වයෙනුයි සකස් කරන්නේ. එහි දී කෙඳී නැතිනම් තන්තු ඔවුන් පාන්වලට එකතු කොට තිබෙනවා. එයිනුත් පාන් පෙති දෙකක් වැනි ප්‍රමාණයක් පමණයි ඔවුන් ආහාරයට ගන්නේ. ඒ මැදට ඔවුන් සියලු පෝෂක එනම්, සලාද කොළයක් එළවළුවක්, මස් හෝ මාළු ඇතුළත් කරනවා. ඒ ක්‍රමයේ සහ අප පාන් අනුභව කරන ක්‍රමයේ විශාල වෙනසක් තිබනෙ බව පෙනෙනවා නේ ද ? ඔවුන් අමතර තන්තු පාන්වලට එකතුªªකරද්දී, අප ආහාරයට ගන්නේ සම්පූර්ණයෙන් පාහින ලද කෙඳි ඉවත් කරන ලද සුදු පාන් වර්ගයි.

    වර්තමානයේ හඳුනාගෙන තිබෙන බෝ නොවන කායික රෝග ඇති වීමේ ප්‍රවණතාව කුමක් ද ?

    අපේ ආහාර රටාව වෙනස් වී තිබෙනවා. ඊට සාපේක්ෂව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් අඩුයි. විශාල වශයෙන් පාහින ලද නිසා පාන් පිටි ඉක්මනින් දිරවන සුළුයි. එහිදී ලේවල සීනි මට්ටමත් ඉක්මනින් වැඩිවන සුළුයි. එවිට එය පාලනය කිරීමට අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනය වේගවත් කළ යුතුයි. ඉඳහිට හෝ හදිසියක දී වැඩිපුර ඉන්සියුලින් නිපදවීම ප්‍රශ්නයක් නොවුණත්, නිතරම ඉන්සියුලින් නිෂ්පාදනය කිරීම ගැටලුවක්. නිතරම පිරිපහදු කරන ලද ආහාර ගනිද්දී සිදුවන්නේ, අග්න්‍යාශය තුළ වැඩිපුර ඉන්සියුලින් නිපදවීමට සිදුවීමයි. එවිට අග්න්‍යාශයට වැඩිපුර මහන්සි වී වැඩ කිරීමට සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්ව බිඳ වැටී, ඉන්සියුලින් නිපැදවීමද අඩු වෙනවා. ඉන්සියුලින් අවශ්‍ය තරමට නිපදවීමට බැරි වූ විට ලේවල සීනි මට්ටම පාලනය කළ නොහැකි වෙනවා. එවැනි තත්ත්වයකදී දියවැඩියා රෝගය ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. පිරිපහදු කරන ලද ක්ෂණික ආහාරවල ලුණු, තෙල් අධිකයි. ලුණු වැඩි වූ විට ශරීරයේ රඳන ජලය ප්‍රමාණය ද වැඩියි. එය රුධිරයේ පරිමාවට බලපානවා. එය දිගින් දිගටම වැඩි වූ විට අධික රුධිර පීඩනය වැනි තත්ත්ව ඇතිවිය හැකි. වැඩි පුර සිනි තෙල් විදියට තැන්පත් වී, කොලෙස්ටරෝල් මට්ටම වැඩි වී ඒවා ලේ නහරවල තැන්පත් විය හැකියි. එවිට රුධිර පීඩනය ඇතිවිය හැකියි. ඒ ඝන වූ රුධිර කැටියක් කැඩී ගොස් හෘදයේ සිරවුණොත් හෘදයාබාධයක් ඇතිවිය හැකියි. මොළයේ සිරවුණොත් Storke නැතිනම් ආඝාතය වැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමෙන් පිළිකා අවදානමක් ද මතුවිය හැකියි.

    ඔබ පවසන්නේ බෝ නොවන රෝග වළක්වා ගැනීමට සහල් මඟින් විශාල මෙහෙයක් ඉටු කෙරෙන බවද ?


    ඔව්, නිවුඩු සහිත සහල්වල කෙඳි සහිතයි. ඒවා දිරවන්නේ සෙමින්, සෙමින් දිරවීමේ දී ලේවලට සීනි එකතු වීමේ ප්‍රමාණය සිදු වන්නෙ නිවැරැදිව හා ක්‍රමානුකූලවයි. පෙර යුගලවල මේ රෝග හැඳින්වූයේ පරම්පරා ගත රෝග විදියටයි. ඒත් අද වැරැදි ජීවින රටාවන් සමඟ කුඩා දරුවන්ට පවා මේ රෝග ඇතිවීමේ අවදානම වැඩියි. ඒ නිසා, බත් ආහාරයට ගැනීමෙන් අපේ සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලියට ලැබෙන්නේ නොමඳ සහයක් බව අප හොඳීන් අවබෝධ කර ගත යුතුයි.



  2. #2
    Senior Member ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya's Avatar
    Join Date
    Oct 2012
    Location
    සංසාරේ
    Posts
    2,034
    Likes Received
    369 times
    හොද වෙලාවට මම දෙවේලක් කන්නේ රතු හාල්.. කරැමේ කියන්නේ එවත් හොද ඒවා නොවන නිසයි.. දැන් ඒවටත් ඩයි දානවා බන්.. හොද විස්කරයක්..රෙප් 2 මචෝ

  3. #3
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,660
    Likes Received
    1038 times
    You must spread some Reputation around before giving it to damithperera again.

  4. #4
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,238
    Likes Received
    0 times

  5. #5
    Senior Member gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk's Avatar
    Join Date
    Jun 2013
    Location
    ගෙදර
    Posts
    1,791
    Likes Received
    0 times
    හොඳ විස්තරයක් මචෝ...
    rep2++...


  6. #6
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,452
    Likes Received
    7945 times

  7. #7
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,637
    Likes Received
    0 times
    thanks all

  8. #8
    Senior Member Thunder will become famous soon enough Thunder will become famous soon enough Thunder's Avatar
    Join Date
    Jul 2013
    Location
    Dark Sky
    Posts
    1,073
    Likes Received
    65 times
    අවුරුදු 21ක් තිස්සේ තුන්වේලම රතු හාල් කාලා දැන් නම් සුදු හාල් දිව්‍ය බෝජනයක් වගේ මචන් !

    ඉතින් ලිපිය නම් සැහෙන වටිනවා කොල්ලො.
    ගොඩාක් ස්තුතියි මචන්.

  9. #9
    Senior Member cola is on a distinguished road cola's Avatar
    Join Date
    Oct 2012
    Location
    හැම තැනම...
    Posts
    103
    Likes Received
    0 times

  10. #10
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,637
    Likes Received
    0 times
    Quote Originally Posted by cola View Post

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts