සුම් වෙබ් අඩවිය කාලයක් පටන් අපි හැමෝටම ලොකු සේවයක් සපයමින් කරගෙන ආවා කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේම එක එක කාලේට විවිධ විවිධ බාධක ආවත් ඇඩ්මින් තුමා ඇතුලු කට්ටිය සුම එක ගොඩ දැම්මා. ගොඩක් අය දන්නවා සුම් කියන්නේ ෆොරම් වෙබ් අඩවියක් එයට විශාල මුදලක් වැය වෙනවා.නමුත් කිසිම වෙලාවක ඒ සදහා කාගෙන් වත් මුදල් ලබාගැනිමක් වත් ලබා දෙන උපසිරැසි වලට මුදල් අය කිරී වත් වෙබ් අඩවියෙන් සිදු කළේ නැහැ.මතක ඇති මුල්ම කාලේ සුම් එකෙන් අපිට නොමිලේ ඩිවිඩි පවා එව්වා. මෝටර් ෂෝ පවා බලන්න ලෝභ නැතුව ටිකට් බෙදුවා..
උදාහරණ- http://www.zoom.lk/forums/showthread.php?t=1176
- http://www.zoom.lk/forums/showthread.php?t=1239
කොහොම හරි ඉතින් අපි හැම වෙනුවෙන් උපසිරැසි නොමිලේ හදලා දුන්නත් වෙබ් අඩවිය නොමිලේ කරගෙන ගියත් වෙබ් අඩවියේ හොස්ටින් ඇතුලු සියළු කාරණා වලට විශාල මුදලක් වැය වෙන බව අපි කවුරුත් දන්නවා. සමහර අය ප්‍රශ්න කළා ෆොරම් එකේ සමහර තිබුන දේවල් අයින් කළේ ඇයි කියලා.එහෙම කර තිබෙන්නේත් සර්වර් ලොඩ් එක දැන් මේ පාවිච්චි කරන එකට දරාගන්න බැරි නිසා. ඉතින් හොද සර්වර්ස් වලට ගිහින් සයිට් එක තවත් ලස්සන වෙනවාට කවුරුත් කැමැති නේ. ඒ වගේම සමාන්‍ය ඩොමෙන් නාමයකටත් වඩා 4ගුණයක් පමණ .Lk වෙබ් නාමයකටත් අය කරන බවයි දැන ගන්න ලැබුණේ.ඉතින් මේ හැමදේම කරගෙන තනියම යන සුම් එකට හයියක් වෙන්න කියලා අපි තිරණය කලා.
සූම් වෙබ් අඩවිය සමගින් සැමදා රැදී සිටි යාව ජීව සාමාජිකයන් හැටියට සුළුවෙන් හෝ මේ වෙබ් අඩවියේ යහපැවැත්ම උදෙසා යමක් කළ යුතුම යැයි හැඟුණු නිසා ඇඩ්මින්ගේ පුර්ණ අනු දැනුම ඇතිව අපි විසින් ලංකා බැංකුවේම ගිණුමක් ආරම්භ කලා. අපි බැර කරන රුපියල් 100කින් පවා සූම් වෙබ් අඩවියේ පැවැත්ම සඳහා ලොකු රුකුලක් ලැබේවි. ඉදිරියේදි හොඳ ධාරිතාවකින් යුතු සර්වර් එකක් සඳහා යොමු වෙලා හොඳ සේවාවක් ලබා දෙන්න පුලුවන් තත්ත්වයකට සූම් වෙබ් අඩවිය පත් වුනාම අපිටත් අවංකව සතුටු වන්න පුලුවන් අපිත් ඒ සඳහා සුළුවෙන් හෝ දායක වුනා නේද කියලා. ගොඩක් අය සුම් එකෙනුත් මුදල් හොයාගෙන ඇති..අපි දැක්කා පසුගිය කාලයේ PTC ත්‍රේඩ් ගොඩක් පල උනා.එවායින් මුදල් හොයාගත්ත දැනුමට දේවල් හොයාගත්ත අය ඇති. ඒ සේරම ඔයාලට ලැබුනේ සුම් අඩවිය තිබුන නිසානේ. ඉතින් අපිත් මේ දේට සහාය උනොත් අවංකව කලින් කිව්වා වගේම සතුටු වෙන්න පුලුවන්
බැංකු ගිණුමකට අමතරව ඩයලොග් Ezcash හරහාත් මේ අරමුදල සඳහා දායක වෙන්න ඔබටත් පුලුවන්.ඔබට හැකි ක්‍රමයක් උපයෝගී කර ගනිමින් හැකි පමණකින් මේ අරමුදල සඳහා දායක වෙන්න කියලා මතක් කර සිටිනවා. ආරම්භ කළ ගිණුමේ තොරතුරු පහත සඳහන් කරල තිබෙනවා.ඔබ සැමට ස්තූතියි.
බැංකු ගිණුමේ විස්තර
BOC (ලංකා බැංකුව - දළුගම ශාඛාව)
W.G.G.B.Sampath (ගිණුම් හිමියාගේ නම)
76571657 (ගිණුම් අංකය)
එහෙමත් අමාරු නම් ගොඩක් අය සම්පත් බැංකුවේ ඔන්ලයින් බැංකින් පාවිච්චි කරන නිසා සම්පත් බැංකුවටම මුදල් යවන්නත් පුලුවන් වේවි.
SAMPATH BANK (පිටකෝට්ටේ ශාඛාව)
T D N PEIRIS (ගිණුම් හිමියාගේ නම)
109154458689 (ගිණුම් අංකය)
Ezcash ගිණුමේ විස්තර
0773263765 Ezcash number
(වැඩි විස්තර සදහා මෙහි ඇති අංකයටම අමතන්න පුලුවන්)
කිසිම බලකිරිමක් නැහැ ඔබට හැකිනම් මේ ගිණුමට මුදල් එකතු කරලා සහාය දක්වන්න. ගිණුමට ලැබෙන මුදල් ගැන සම්පුර්ණ විස්තරයක් අපි ඔයාලට ලබා දෙනවා.ඒ වගේම ඔබ යම්කිසි මුදලක් බැර කලොත් ඒ බව මේ ත්‍රේඩ් එක තුල පලකරනවා නම් අපිට සතුටුයි. ස්තුතියි හැමෝටම අපි හැමෝම එකතු වෙලා සුම් එක හොද තැනකට අරන් එමු.වැඩිවිස්තර දැන ගැනිමට අවශ්‍ය නම් පෞද්ගලිකව ඇඩ්මින්වරයාව අමතන්න පුලුවන් / [email protected] වෙතිනුත් විස්තර දැනගන්න පුලුවන්.
Bookmarks