සිත්සතන් සනහන අසිරිමත් නත්තල


+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast
Results 1 to 10 of 32

Thread: සිත්සතන් සනහන අසිරිමත් නත්තල

  1. #1
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,353
    Likes Received
    2538 times

    Post සිත්සතන් සනහන අසිරිමත් නත්තල

    සිත්සතන් සනහන අසිරිමත් නත්තල


    ජේසු බිළිඳුන්ගේ උපත සමරන නත්තල, ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් සමරනු ලබන්නේ මහත් භක්තියකි. සෑම වසරකම දෙසැම්බර් මස 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දේව මෙහෙයන්ට සහභාගි වෙමින් පවත්වනු ලබන නත්තල, ඒ ඒ රටවලට ආවේණික වූ සිරිත් විරිත්වලට අනුව පවත්වති. එදා ජේසු බිළිඳුන් උපත ලැබූ ගවලෙන, අද අලංකාර දෙව්මැදුරක් බවට පත්ව ඇත. බෙත්ලෙහෙමේ පිහිටි මේ දේව මන්දිරයේ පැය බාගෙන් බාගෙට දේව මෙහෙයයන් පවත්වති. එම දේව මෙහෙයයන්ට විවිධ රටවලින් පැමිණෙන පූජකතුමන්ලාට ද අවස්ථාව ලැබේ. ඒ අසිරිමත් දේව මෙහෙයන්ට සහභාගි වීමට ද කිතුනුවන් දසදහස් ගණනින් රැස්වේ. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12 ට පැවැත්වෙන දිව්‍ය පූජාව, නත්තලේ අසිරිමත්ම අවස්ථාවයි.



    ජේසුස් වහන්සේගේ උප්පත්තිය

    මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ මරිය තුමිය නැමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් නත්තල් කතාව ලූක් සහ මතෙව් යන බයිබල් කතුවරුන්ගේ අනුශාසනා මත බිහි වූවකි. ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට සහ තම සුරැකි පියා වන ජුසේ තුමාට ඉපදුණු බව මෙම අනුශාසනා වල කියැවේ. ප්‍රසිද්ධ සම්ප්‍රදායට අනුව මෙම උපත ගවලෙනක දී (stable) සිදුවූ බව කියැවෙන නමුත් බයිබල් අනුශාසනා වලට අනුව එය ගව ඔරුවක දී (manger) සිදුවී ඇත. ආදිකාලීන ප්‍රතිමා ශිල්පයට අනුව මෙම ගවලෙන සහ ගව ඔරුව එකම ගුහාවක පිහිටා ඇත. (එය අදටත් බෙත්ලෙහෙම් නුවර දේවස්ථානයට පහළින් පිහිටා තිබේ). දේවදූතයකු විසින් මෙම ගවලෙන අසල සිටි එ‍‍ඬේරුන්හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. ඉන්පසු ඔවුන් බිළිදු ජේසු තුමන් බැහැදැකුමට ගොස් ඇති අතර එතුමන් දුටු පළමු කණ්ඩායම ද වෙති. ජේසුස් වහන්සේගේ උපත තුළින්, එතුමාගේ උපතට වසර ගණනාවකට පෙර පිහිටා තිබූ අනාවැකි සම්පූර්ණ වී ඇති බව ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.

    සිහිපත් කිරීම, කිතුනු බැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි සභාව ජේසු තුමන්ගේ උපන් දිනය උදා වන තුරු, සූදානම් වීමේ කාලය තුල, විවිධ ආගමික කටයුතු වල නිරත වේ. කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් ගීත ( Christmas Carols) ගායනා කිරීමේ කටයුතු වල නිරත වෙති. සමහර නිවෙස් වල ජේසු තුමන් ඉපදුණු ගවලෙන සහ අදාල චරිත කලාත්මක ප්‍රතිරූප වලින් නිරූපණය කෙරෙයි. මෙම ප්‍රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුව වැදගත් වේ. ඔවුන් බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන තාරකාව පසුපස පැමිණ, ජේසු තුමන් වෙත රත්තරන්, සුවඳ ලාටු සහ සුවඳ දුම් පුද කර ඇත.


    බැසිලිකා දෙව්මැදුර


    ඉතාලියේ රෝමයේ පිහිටි බැසිලිකා දෙව්මැදුර, ආගමික පිළිවෙත් මධ්‍යස්ථානය වශයෙන් ද සැළකේ. එහි, වතිකානුවේ ශුද්ධෝත්තම පාවුළු පාප්වහන්සේ වැඩවසති. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12 ට පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජා හා 25 වැනි දින පැවැත්වෙන දේව මෙහෙය ද ලොව පුරා රූපවාහිනි මඟින් ප්‍රචාරය කෙරේ. දේවස්ථානයේ නත්තල් මහා දිව්‍ය පූජාව පවත්වනු ලබන්නේ පාප්වහන්සේ විසිනි. පූජාවෙන් අනතුරුව පාප්වහන්සේ, ආශීර්වාද සුබ පණිවිඩය කියවයි.

    නත්තල් සීයා සහ තෑගි ගෙනෙන අනෙකුත් අය


    නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන් අතර තෑගි හුවමාරු කර ගැනීමේ කටයුතු සිදු වේ. මෙම නත්තල් සිරිත බටහිර සංස්කෘතියෙන් පැවත එන අතර එය නත්තල් සීයා (නත්තලේ පියා, සාන්ත නිකලස්, සින්ටක්ලාස්, ක්‍රිස් ක්‍රින්ගල්, පියේර් නොයෙල්, බැබෝ නටාලේ, සාන්ත බැසිල්, ෆාදර් ෆ්‍රො‍ස්ට් යන විවිධ නම් වලින් හැදින්වෙන) නමැති චරිතයට ආරෝපිත කර ඇත. නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කර ඇත්තේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් (1840-1902) විසිනි. ඔහු 1863 පටන් සෑම වසරකදී ම නත්තල් සීයාගේ නව ප්‍රතිරූපයක් නිර්මාණය කර ඇති අතර, 1880 දශකයේ දී අප අද හඳුනන ප්‍රතිරූපය නිම කර ඇත. මෙම රූපය 1920 දී ප්‍රචාරකයින් විසින් ප්‍රමාණ කර තිබේ. නත්තල් සීයා‍ට පෙර පැවති චරිතය, එනම් නත්තලේ පියා, 15 වන සියවසේදී වාර්තා වී ඇති නමුත්, එම චරිතය සිනහ උපදවන සහ බීමත්කම සමඟ සම්බන්ධ වී ඇත. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින‍ගේ කාල වකවානුවේ දී එම චරිතය වර්තමාන නත්තල් සීයාගේ චරිතයට පරිවර්තනය කර ඇත. ප්‍රංශ ජාතික පියේර් නොයෙල් ගේ චරිතය ද මෙලෙස පරිණාමනය වී ඇත. ඉතාලියේ දී බැබෝ නටාලේ නම් තැනැත්තා නත්තල් සීයා ලෙස පෙනී සිට ඇති අතර, ලා බෙෆානා නම් කාන්තාව (ඉතාලි ජනප්‍රවාදයේ පැවත එන චරිත‍යකි) ආවීර්භාවයේ සන්ධ්‍යා කාලයේ දී තෑගි ගෙන තිබේ. ඇය ජේසු බිළිඳා වෙත තෑගී ගෙනෙන අතරේ දී අතරමං වූ බව කියැවේ. දැන් ඇය සෑම දරුවෙකුට ම තෑගි ගෙන එන බවට විශ්වාස කෙරේ. විවිධ සංස්කෘතීන් වල නත්තල් සීයාගේ සහායකයන් ලෙස මිට්ටන් හඳුන්වා ඇති අතර ඔවුන් විසින් තෑගි සාදනු ලබන බව පැවසේ.

    ඇතැම් ලතින් ඇමරිකානු රටවල් වල පවතින සංස්කෘතියට අනුව, නත්තල් සීයා තෑගී සාදා ජේසු බිළිඳා හට බාර දෙන අතර, ජේසු බිළිඳා එම තෑගී දරුවන් අතර බෙදා හරින බව කියැවේ. මෙම කතාව සම්ප්‍රදායානුකූල ආගමික විශ්වාස සහ වර්තමාන ගෝලීයකරණයේ සංසන්දනයක් ලෙස සැලකේ. තවද
    නත්තල් සමයේදී නත්තල් සීයා නැතිවම බැරි අංගයකි. නත්තල් සීයාගේ නම ඇසූ පමණින් අප සිහියට නැඟෙන්නේ සාන්ත නිකුලස් මුනිතුමාවයි. 4 වන සියවසේ දී තුර්කියේ උපන්න එතුමා තම ළමා කාලයේ සිට ඉතා කීකරු, භක්තිමත් කිතුනුවෙකු විය. එසේම එතුමාගේ දෙමාපියන් මිය ගියේ එතුමාට විශාල වස්තුවක් උරුම කරමිණි. එතුමා මෙයින් දිළින්දන්ට උදව් උපකාර කිරීමට කිසිලෙසකින් පසුබට වූයේ නැත. එතුමාගේ මෙම පරිත්‍යාගශීලි භාවය නිසාම එතුමා ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය. නමුත් රෝමාණුවන් එතුමාව සිරගත කර නොයෙකුත් වධහිංසා පැමිණවීය. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයා ලෙස පත්වූ පසු එතුමාට නිදහසේ දොර කවුළු විවර වුණි. කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා කිතුණුවෙකු බවට පත්වීමෙන් පසු ක්‍රි.ව. 325 දී කැඳවනු ලැබූ නිසියාවේ පළමුවන මන්ත්‍රණ සභාවට ද සාන්ත නිකුලස් මුනිතුමා සහභාගි වූ බව කියැවේ.

    සාන්ත නිකුලස් මුනිතුමා කුඩා දරුවන්ට බොහෝ සේ ආදරය කළ බවද ඔවුන්ට උදව් උපකාර කළ බවද ප්‍රකට කරුණකි. එබැවින් එතුමා කුඩා දරුවන්ගේ මුණිවරයා ලෙසද, නාවිකයන්ගේ, අවිවාහක යුවතියන්ගේ, බෙහෙත් කඩ හිමියන්ගේ, බේකරි කරුවන්ගේ, සිරකරුවන්ගේ, සිවලුන්ගේ ද, සිසිලියේ, ග්‍රීසියේ සහ රුසියාවේ අරක්ගත් මුණිවරයා ලෙසද හැඳින්වේ.



    සා. නිකුලස් මුනිතුමා

    ඕලන්ද වැසියෝ සාන්ත නිකුලස් මුනිතුමාව ඉංග්‍රීසි බසින් ඇමතුවේ Sint Nikolaas කියාය. පසුකාලීනව මෙය Sinterklaas වී අවසානයේදී Santa Claus බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.

    අද අප නත්තල් සීයාව දකින්නේ රතු ඇඳූමක් ඇඳගත්, සුදූ රැවුලක් ඇති, තරබාරු පුද්ගලයෙක් ලෙසටය. නමුත් සාන්ත නිකුලස් මුනිතුමාව මුල්කාලීන සිතුවම් වල දකින්න ලැබෙන්නේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙක් ලෙසටය. 1809 වසරේ දී වොෂින්ටන් අර්වින් සාන්ත නිකුලස් මුනිතුමා අසු පිටින් පැමිණීම සඳහන් කර තිබේ. 1823 දී ක්ලෙමන්ට් සී. මූවර් The Night Before Christmas ලෙස ප්‍රකට A Visit from Saint Nicholas ග්‍රන්ථය රචනා කළේය. 1860 ගණන් වලදී කාටුන් ශිල්පී තෝමස් නාස්ට් මේ සියල්ලක්ම සැලකිල්ලට ගෙන අද අප දකින නත්තල් සීයාව සිතුවමට නඟන ලදී. නත්තල් සීයාව මෙතරම් වර්ණවත් ලෙස ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතික හැඩන් සන්ඩ්ලෝම් විසිනි.


    නත්තල් ගස සහ අනෙකුත් සැරසිලි


    නත්තල් ගස බොහෝ ලෙස හඳුන්වනු ලබන්නේ මිථ්‍යාදෘෂ්ටික සම්ප්‍රදායේ සහ සදාහරිත අතු හා ගස් වන්දනා යාගයක ක්‍රිස්තියානිකරණ යක් ලෙස ය. වර්තමාන නත්තල් ගසේ සම්ප්‍රදාය 18 වන සියවසේ දී ජර්මනි‍යේ දී ආරම්භ වී ඇති බවට විශ්වාස කෙරේ. නමුත් 16 වන සියවසේ දී එය මාර්ටින් ලූතර් ආරම්භ කල බවට සමහරු තර්ක කරති. ජර්මනියේ සිට මෙම චාරිත්‍රය එංගලන්තයට ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලද්දේ එකල විසූ චාලට් රැජින විසිනි. ඉන්පසු වික්ටෝරියා රැජින ගේ කාල වකවානුවේ දී ඇල්බට් කුමරු විසින් එය තව දුරටත් සාර්ථකව හඳුන්වා දෙන ලදී. එම කාලයේ දී ම ජර්මානු සංක්‍රමිකයින් විසින් එම සම්ප්‍රදාය ඇමරිකා එක්සත් ජනපදයට ද හඳුන්වා දී ඇත. නත්තල් ගස්, විදුලි බුබුලු සහ විසිතුරු සැරසිලි වලින් අලංකාර කරනු ලැබේ. 19 වන සියවසේ සිට පොයින්සෙටියා (poinsettia) නැමති ශාක වර්ගය නත්තල සමග සම්බන්ධ වී ඇත. හොලී (holly), මිසල්ටෝ (mistletoe), රතු ඇමාරිලිස් (red amaryllis) සහ නත්තල් පතොක් (Christmas Cactus) මෙම උත්සව සමයේ දී විශේෂිත අනෙකුත් ශාක වර්ග වේ. නත්තල් ගස සමග ගේ දොර ද, මෙම ශාක වර්ග වලින් සැරසිය හැක. තව ද මල් වඩම් සහ සදාහරිත ශාක අතු ද මේ සඳහා භාවිතා කල හැක.

    ඕස්ට්‍රේලියාව, උතුරු සහ දකුණු ඇමරිකාව සහ යුරෝපයේ සමහර ස්ථාන වල නිවෙස් ඉදිරිපිට විදුලි බුබුලු සහ වෙනත් නත්තල් සැරසිලි වලින් අලංකාර කිරීම සම්ප්‍රදායකි. මෙම රටවල් වල නගර සභා සමහර අවස්ථා වලදී මේ සඳහා තම අනුග්‍රහය ද ලබා දෙයි. බටහිර ලෝකයේ දී තෑගි එතීම සඳහා ආගමික නත්තල් තේමා වලින් සහ විවිධ වර්ණයන්ගෙන්යුත් කඩදාසි නිපදවනු ලැබේ. නත්තල් ගම්මාන (Christmas Villages) සාදා ප්‍රදර්ශනය කිරීම බොහෝ නිවෙස් වල සිරිතකි. සීනු, ඉටිපන්දම්, සීනි කූරු (candy canes), දිගු මේස් (stockings), මල් වඩම් සහ දේවදූතයින් තවත් නත්තල් සැරසිලි කිහිපයකි. මෙම සැරසිලි ඉවත් කෙරෙනු ලබන්නේ නත්තල් දිනයෙන් පසු දොළොස්වන රාත්‍රියේ දී හෙවත් ජනවාරි 5 වන දිනයේ දී ය.


    ගවලෙන


    ගවලෙන් සම්ප්‍රදාය ඇතිකිරීමට මුල්වූවායි සැලකෙන්නේ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමායි. එතුමා ශුද්ධෝත්තම පියතුමාගේද අවසර ගෙන ජීවමාන මිනිසුන් සහ සතුන් යොදාගෙන 1223 නත්තල් රැයේ ඉතාලියේ එතුමාගේ දේවස්ථානය පිටත පළමු ගවලෙන නිර්මාණය කළේය. මෙම අදහස ඉතා ඉක්මණින් ව්‍යාප්ත විය. සමහර රටවල ගවලෙන සඳහා ලී කැටයම් පවා උපයෝගි කොට ගත්හ. නත්තල් දින සන්ධ්‍යාව වනතුරු ජේසු බිළිඳාව ගවලෙනේ නොතැබූ අතර රජතුන් කට්ටුව ගවලෙනේ තබන ලද්දේ රජතුන් කට්ටුවේ (ජේසු බිළිඳූන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ) මංගල්‍යය දින දීය.


    දේවදූතයෝ



    දෙවියන් වහන්සේ ගැලවුම්කරුවාගේ පැමිණීම ප්‍රකාශ කිරීමට මෙන්ම ජේසු වහන්සේගේ උපත දැනුම් දීමට ද දේවදූතයන් උපයෝගි කොට ගත් සේක. මරිය තුමියව ජේසුස් වහන්සේගේ මව වීමට තෝරා ගත් බව දැනුම් දීමට ගාබ්‍රියෙල් දේවදූතයාව දෙවියන් වහන්සේ විසින් එවන ලද සේක (ලූක් 1/26-38). තණ මිටියාවතේ සිටි එඬේරුන්ට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට දේවදූතයන් දර්ශනය විය (ලූක් 2/9-16).

    17 වන සියවසේදී දේවදූතයන්ව ගවලෙනට හඳූන්වා දෙන ලද්දේ දකුණු ඉතාලියෙනි. පසු කාලීනව දේවදූතයන් සැරසිල්ලක් බවට පත්වූ අතර දේවදූතයන් අපේ රැකවළුන් බවත් ඔවුන් සාමය, සතුට සහ සහජීවනය අප වෙත ගෙන එන බවත් ජනතාව විශ්වාස කිරීමට පටන් ගත්හ.


    තාරකාව


    නත්තල් සමයේදී අප, තරුව සැරසිල්ලක් ලෙස භාවිතා කරන්නේ බෙත්ලෙහෙමේ දර්ශනය වෙමින් ශාස්ත්‍රවන්තයන්ට මඟපෙන්වූ එම ඓතිහාසික තාරකාව සිහි කිරීමටය. සමහරු මෙම තාරකාව වල්ගා තරුවක් ලෙසද, තවත් සමහරු ග්‍රහලෝක දෙකක් එකට පෙනීමක් ලෙසත් හඳූන්වති. න්‍යායාත්මකව මෙය ක්‍රි. පූ. 7 දී පමණ සිදූවූ බව සොයාගෙන තිබේ.

    නත්තල් ගසේ මුදූනේ බෙත්ලෙහෙමේ තාරකාව සිහි කිරීමට තරුවකින් සරසනු ලැබේ.


    සීනුව


    මධ්‍යතන යුගයේදී ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව නපුරු ආත්මයන්ට අනතුරු ඇඟවීමට මධ්‍යම රාත්‍රිය වනතුරු ඉතා උස් සංඛ්‍යාතයන්ගේ සීනු නාද කළ බව කියවේ. විශාල ශබ්දයක් මඟින් නපුරු ආත්ම පළවා හැරිය හැකි බවට එකල මතයක් පැවතිණි.
    නත්තල් සීයාගේ කරත්තයේ බැඳි පිණිමුවන්ගේ ගෙලෙහි ද මිහිරි නද දෙන සීනු තිබූ බව ජනප්‍රවාදයේ දැක්වේ.
    එසේම සීනුව දේවස්ථාන මෙහෙයන් පීළිබඳව දැනුම් දීමට මෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ දී ජේසුස් වහන්සේගේ උපත දැනුම් දීමට ද යොදා ගැනේ.


    ඉටිපහන්


    දැල්වූ ඉටිපහන, කිතුණුවන්ට ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පසක් කර දෙයි. අදටත් යුරෝපයේ ජනතාව ඔවුන්ගේ ජනේල වල හා නත්තල් ගසේ ඉටිපහන් රැඳවීම කරනු ලබයි.
    කිතුණුවන් ආගමන කාලයේදී ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිහි කිරීමට ඉටිපහන් යොදා ගනී (ආගමන මල් කළඹ).


    හෝලි අතු


    හෝලි ශාක ලෝකයේ බොහෝ ප්‍රදේශයන් හී දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශීත සෘතුවේදී පවා මෙම ශාකය කොළ පැහැයෙන් පැවතීමයි. මේ නිසා මෙම ශාකය සැරසිළි සඳහා භාවිතා කර ඇත. හෝලි අතු යොදා සාදන ලද වඩම ඒවායේ පත්‍රයන්හි ඉඳිකටු වැනි කටු ඇති නිසා ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න ලෙසත්, රත් පැහැති ඵල ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය ලෙසත් නිරූපණය වේ. මෙම නිසා හෝලි අතු එහි ඵල සමඟ ගත් විට ජේසුස් වහන්සේගේ දූක් විඳීම සිහි ගන්වයි.

    සරසන ලද සදාහරිත රවුම


    නත්තල් සමයේදී මෙය සැරසිල්ලක් ලෙස බොහෝ නිවෙස්වල ප්‍රධාන දොරටුවේ එල්ලා තිබෙනු දක්නට පුළුවනි. යුරෝපය ආශ්‍රිතව මෙම සැරසිල්ල සඳහා භාවිතා කරනුයේ හෝලි අතුය. ඈත අතීතයේදී සමහර ජනකොටස් සිසිරයේදී නැවත හිරු උදාවේවා යයි පතමින් මෙවැනි සදාහරිත රවුම් වලට වැඳූම් පිඳූම් කළ බව සඳහන් වේ. ජේසුස් වහන්සේ ගේ කටු ඔටුන්න ද හෝලි අතු වලින් නිර්මාණය කළ බවට ද සමහරු මත පළ කරති. ඔවුන් තවදූරටත් සඳහන් කරන්නේ මෙම ඵල මුලදී සුදූ පැහැයෙන් තිබුණ මුත් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරය නිසා රතු පැහැයට හැරුණු බවයි.

    සීනි කෙවිට


    අතීතයේදී දෙමාපියන් තම දරුවන්ට සීනි වලින් සාදන ලද දණ්ඩක් ආකාරයේ රස කැවිල්ලක් දී ඇත. 1670 දී පමණ ජර්මානු කන්තාරු කණ්ඩායමක ප්‍රධානියෙක් මෙම සීනි දඬු එඬේරෙකුගේ කෙවිටක් ආකාරයට නවා නත්තල් මෙහෙය සඳහා පැමිණෙන දරුවන්ට දී ඇත. පසුව මෙය යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර රෝසමලින් සරසන ලද සීනි කෙවිටි නිවෙස් හි සැරසිලි ලෙස භාවිතා වී ඇත. වර්ශ 1900 දී පමණ මෙයට එහි සාම්ප්‍රදායික රතු ඉරි සහ පෙපර්මින්ට් රසය එක් වී ඇත.

    සීනි කෙවිටේ ආරම්භය පිළිබඳව තවත් ජනප්‍රවාදයක් ඇත. මෙම ජනප්‍රවාදයට අනුව 19 වන සියවසේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ රසකැවිලි නිෂ්පාදකයෙකුට නත්තලේ සැබෑ අරුත දෙන රසකැවිල්ලක් හඳූන්වා දීමට අවශ්‍ය වී මෙම සීනි කෙවිට නිර්මාණය කර ඇත.

    මෙහි දක්නට ලැබෙන පැහැදිළිම සංකේතය වන්නේ මෙහි හැඩයයි. මෙම සීනි කෙවිට අනෙක් අතට හැරවූ විට ඉංගී්‍රසි හෝඩියේ ‘J’ අක්ෂරයේ හැඩය ගනී. එයින් නිරූපණය වන්නේ ‘Jesus’ නොහොත් ජේසුස් වහන්සේ බවයි. මෙහි සාමාන්‍ය හැඩය එඬේරෙකුගේ යෂ්ඨිය මෙන් වේ. ජේසුස් වහන්සේ කීපවරක්ම තමා බැටළු එඬේරාණන් බව ප්‍රකාශ කළ සේක. එසේම ජේසුස් වහන්සේගේ උපත පළමුවෙන්ම සැළවූයේ එඬේරුන් පිරිසකටයි.

    මෙහි ඇති තද ගතිය ජේසුස් වහන්සේ ගැලවීමේ පර්වතය බව අපට පසක් කරයි. මෙහි ඇති සුදූ පැහැය ජේසුස් වහන්සේ කන්‍යාවියකගෙන් උපත ලැබූ බවද ඔවුන් වහන්සේගේ පිවිතුරු දිවි පෙවෙතද නිරූපණය කරයි. තවද ඔවුන් වහන්සේගේ රුධීරය මඟින් අප ජීවිතද හිම මෙන් සුදූ කර ඇත (එළිදරව්ව 7/14, යෙසායා 1/18).

    මෙහි මුල් ඉරි තුන මඟින් ශුද්ධවූ ත්‍රීත්වය සංකේතවත් කරන අතර රතු ඉරි තුන මඟින් ජේසුස් වහන්සේ මිනිස් සංහතිය වෙනුවෙන් හෙළූ රුධීරය සංකේතවත් කරයි.

    සමහර විට කොළ පැහැති ඉරක් සීනි කෙවිටේ දක්නට ලැබේ. මෙයින් අදහස් වන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණු තිළීණය බවයි.

    මෙම අදහස් නිසා සීනි කෙවිට හුදෙක් රසකැවිල්ලක් පමණක්ම නොව එය කෙටි ධර්මෝපදේශයක්ද වේ.


    රතු මේස් කකුල


    සාන්ත නිකුලස් මුනිතුමා අසරණව සිටි යුවතියන් තිදෙනෙකුට දායාදය ලෙස මුදල් දූන් බව සඳහන් වේ. ඉතා දිළිඳූ නිවසක වාසය කළ ඔවුන් සිසිරයේදී ඔවුන්ගේ ඇඳූම් වියළා ගනු ලැබුවේ දර උදූනට ඉහලින් ඒවා එල්ලා තැබීමෙනි. සාන්ත නිකුලස් මුනිතුමාගේ මෙම තිළිණය එතුමා මෙම නිවසේ දූම් කවුළුව තුළින් දැමූ විට එය වියලෙන්නට තබා තිබූ මේස් කකුලකට වැටී ඇත. එබැවින් තනි මේස් කකුල තෑගි දෙන මල්ලක් බවට පත්ව අද වන විට සැරසිල්ලක් බවට පත්වී ඇත.

    නත්තල් සුභපැතුම් පත්


    පළමුවෙන්ම නත්තල් සුභපැතුම් පතක් දී ඇතැයි සැළකෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් හෙන්රි කෝල් ය. පළමු නත්තල් සුභපැතුම් පත නිර්මාණය කර ඇත්තේ 1843 වසරේදී ජේ. සී. හෝර්ස්ලි විසින්ය. මෙම පළමු නිර්මාණයේ කාඩ්පත් දහසක් පමණ බ්‍රිතාන්‍යය තුළ අලෙවි වූ බව කියවේ.

    ඇමරිකාවේ පළමු වරට නත්තල් කාඩ්පතක් 1875 වසරේදී ලුවිස් ප්‍රාන්ග් විසින් මුද්‍රණය කරන ලදී. ඔහු ජාතික වශයෙන් නත්තල් නිර්මාණ තරඟයක් පවත්වා එහි නිර්මාණ කාඩ්පත් සඳහා යොදාගෙන තිබේ.
    නත්තල් කාඩ්පත් තම හිතෛශීන්ට ආදරය ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස දැක්විය හැක.


    විස්තරය උපුටාගැනීම -: මේ සඳහා තොරතුරු සොයාගත්තේ පොත පතින් සහ අන්තර්ජාලයෙනි. පිංතූර සියල්ලම Google Image වෙතිනි.



    ඉහත සඳහන් කළ විග්‍රහය අනුව නත්තල නැමති අසහාය සිදූවීමේ සැබෑ අරුත විදහා දැක්වීමට එය ආශ්‍රිත සංකේත සහ විශේෂාංග සමත්ව ඇත. නමුත් වත්මන් සමාජයේ බොහෝ දූරට මෙම සංකේත සහ විශේෂාංග වාණිජත්වයට ගොදූරු වී ඇත.මේ අනුව නත්තල යනුවෙන් අප සමරන්නේ නියත වශයෙන් ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට බිහිවූ දිනය නොවීම නොසලකා හැරීමට හැකි වුවත් වාණිජත්වයට මුල්තැනදී නත්තල නමින් මහත් සැණකෙළි ස්‌වරූපයෙන් පවත්වන සරුවපිත්තල උත්සවය වෙනුවට ක්‍රිස්‌තුන් වහන්සේ ගවලෙනක ඉපදී දැක්‌වූ ආදර්ශයට ගැළපෙන පරිදි කිතු උපත අධ්‍යාත්මයට මුල්තැනදී සරල අන්දමින් පැවැත්වීමට පියවර ගත යුතුය. එමෙන්ම ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොව ගත කළ සරල දිවිය අනුව යමින් අප කතෝලික සිරිත් විරිත් සම්ප්‍රදායයන් හා සංස්‌ථා හැඩගැස්‌සවීමට අප කතෝලිකයන් උත්සුක විය යුතුය.





    Last edited by janith nilanga; 12-03-2014 at 12:25 PM.

  2. #2
    Senior Member ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya's Avatar
    Join Date
    Oct 2012
    Location
    සංසාරේ
    Posts
    2,034
    Likes Received
    369 times
    ෂා මේ තරම් විස්තරයක් කොහෙන්ද බන් හොයා ගත්ත‍ේ.... හා හා පුරා කියලා ඕන්න එහෙනම් මම රෙප් 3ක්ම දුන්නා

  3. #3
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,353
    Likes Received
    2538 times
    එදා කිතු උපත පිළිබිඹු කළ නත්තල් සම්ප්‍රදායන් මෙදා ලෞකික, වාණිජමය හා වෙළෙඳපොළ ප්‍රයත්නයන් හමුවේ යටපත් වෙමින් පවතී.

    අද නත්තල් ගවලෙන එහි තිබෙන ශුද්ධවත්භාවය හා සරල සුන්දරත්වයට වඩා තම පුරාඡේරුව ප්‍රදර්ශනය කරන භාණ්‌ඩයක්‌ බවට පත්ව ඇත. දැන් එදා තැබූ නත්තල් නාට්‍ය නත්තල් සංගීත සංදර්ශන විසින් යටපත් කොට ඇත.

    එමෙන්ම මෙකල ගම් දනව් දෙවනත් කරමින් බටහිර සංගීතයෙන් ඝෝෂා කරමින් රථවාහන වලින් සැරිසරන කැරොල් ගායනයෙහි කැරොල් කරත්තයෙහි සිරියාව දක්‌නට නොමැත. තවත් බොහෝ හෝටල්වල සංකීර්ණ නාද රටාවෙන් පවත්වනු ලබන කැරොල් ගායනයෙහි ආධ්‍යාත්මික හා භක්‌තිගීත ස්‌වරූපය ගිලිහී ගොස්‌ ඇත.

    එදා අසරණයන්ට පිහිටවීමේ සංකේතයක්‌ වූ නත්තල් සීයා දැන් වෙළෙඳ දැන්වීම් ප්‍රවාරය කිරීමේ මාධ්‍යයක්‌ බවට පත්වී ඇත. එක්‌ වසරක එක්‌තරා වෙළෙඳ දැන්වීමක නත්තල් සීයා අරක්‌කු බෝතලයක්‌ අතින් රැගෙන සිටිනු දක්‌නට ලැබිණි. ඇතැම් අවස්‌ථාවල දැන් නත්තල් සීයා වෙරිමතින් බයිලා තාල අනුව රඟදක්‌වමින් මුදල් එකතු කරනු දක්‌නට ලැබේ. තවත් බොහෝ නත්තල් උත්සවයන්හි නත්තල් ගසින් නත්තල් සීයා ලවා ළමයින් කීප දෙනකුට තෑගී බෙදාදීමට සලස්‌වා එයට වඩා අනෙක්‌ අය කා බී විනෝද වී එයට ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා වැඩි මුදලක්‌ වියදම් කරති.

    සමහරු කුමන වර්ගයේ නත්තල් පතක්‌ වුවද ශුභ පැතීමක්‌ බව අමතක කරමින් තමන්ගේ මහේශාඛ්‍ය බව පෙන්වීමට නත්තල් කාඩ් සඳහා නිකරුණේ මුදල් නාස්‌ති කරයි. දැන් බොහෝ බටහිර රටවල නත්තල් ශුභ පැතුම් පත්වල නත්තල හා සම්බන්ධ චිත්‍රයක්‌ වෙනුවට තමන්ගේ ඡායාරූප ඇතුළත් කරයි. නොබෝ දිනකින් මෙය ලංකාවේ ද පැතිර යැමට ඉඩ ඇත.

    තවත් සමහරු නත්තල් හැම්පර නමින් හඳුන්වනු ලබන විස්‌කි, බ්‍රැන්ඩි ඇතුළත් තෑගි භෝග නත්තල නමින් උසස්‌ අයට ප්‍රදානය කොට තම තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට, ව්‍යාපාර දියුණු කර ගැනීමට හා අනෙකුත් වාසි, ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නත්තල යොදා ගනිති.

    මේ අතර බොහෝ තැන්හි සුරාපානය කොට ගී ගයමින් හා බදාගෙන නැටුම් පවත්වමින් නොයෙකුත් විකාර කරමින්, පවත්වන නත්තල් සාද ක්‍රිස්‌තු උපතට කරන්නේ මහත් අගෞරවයකි. මෙරට අනෙකුත් ආගමික උත්සවයන්හි මත්පැන් අත්‍යවශ්‍ය අංගයක්‌ බවට පත්ව ඇත.

    මේ අනුව නත්තල යනුවෙන් අප සමරන්නේ නියත වශයෙන් ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට බිහිවූ දිනය නොවීම නොසලකා හැරීමට හැකි වුවත් වාණිජත්වයට මුල්තැනදී නත්තල නමින් මහත් සැණකෙළි ස්‌වරූපයෙන් පවත්වන සරුවපිත්තල උත්සවය වෙනුවට ක්‍රිස්‌තුන් වහන්සේ ගවලෙනක ඉපදී දැක්‌වූ ආදර්ශයට ගැළපෙන පරිදි කිතු උපත අධ්‍යාත්මයට මුල්තැනදී සරල අන්දමින් පැවැත්වීමට පියවර ගත යුතුය. එමෙන්ම ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොව ගත කළ සරල දිවිය අනුව යමින් අප කතෝලික සිරිත් විරිත් සම්ප්‍රදායයන් හා සංස්‌ථා හැඩගැස්‌සවීමට අප කතෝලිකයන් උත්සුක විය යුතුය.


    හිටපු මහාධිකරණ විනිසුරු
    ඩබ්ලිව්. ටී. ඒ. ලෙස්‌ලි ප්‍රනාන්දු

  4. #4
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,637
    Likes Received
    0 times
    පට්ට විස්තරේ ජනියා.ගොඩක් මහන්සි වෙලා වගේ කරලා තියෙන්නේ .සලකන්න දෙන්න බෑලු.වටයක් ගිහින් ඇවිත් සලකන්නම්.අනිවා සලකන්න ඕනා ත්‍රෙඩ් එකක් මචං ...............

  5. #5
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,239
    Likes Received
    0 times
    Very good post janith malli...

  6. #6
    Senior Member dilitha dinisuru is a jewel in the rough dilitha dinisuru is a jewel in the rough dilitha dinisuru is a jewel in the rough dilitha dinisuru is a jewel in the rough dilitha dinisuru's Avatar
    Join Date
    Dec 2013
    Location
    zoo එකේ
    Posts
    333
    Likes Received
    0 times

  7. #7
    Senior Member isuru503 is just really nice isuru503 is just really nice isuru503 is just really nice isuru503 is just really nice isuru503 is just really nice isuru503's Avatar
    Join Date
    May 2012
    Location
    Delgoda
    Posts
    1,078
    Likes Received
    111 times
    නත්තලගැන නියම විස්තරයක් ,, තැන්ක්ස් ජනිත් අයියා

    රේප් 3





  8. #8
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,962
    Likes Received
    0 times
    Quote Originally Posted by ajiya View Post
    ෂා මේ තරම් විස්තරයක් කොහෙන්ද බන් හොයා ගත්ත‍ේ.... හා හා පුරා කියලා ඕන්න එහෙනම් මම රෙප් 3ක්ම දුන්නා
    Quote Originally Posted by damithperera View Post
    පට්ට විස්තරේ ජනියා.ගොඩක් මහන්සි වෙලා වගේ කරලා තියෙන්නේ .සලකන්න දෙන්න බෑලු.වටයක් ගිහින් ඇවිත් සලකන්නම්.අනිවා සලකන්න ඕනා ත්‍රෙඩ් එකක් මචං ...............
    Quote Originally Posted by isuru503 View Post
    නත්තලගැන නියම විස්තරයක් ,, තැන්ක්ස් ජනිත් අයියා

    රේප් 3






    Rep 10+++++

  9. #9
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,962
    Likes Received
    0 times

  10. #10
    Senior Member hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010's Avatar
    Join Date
    Sep 2012
    Location
    දුම් මැස්සේ...
    Posts
    1,585
    Likes Received
    213 times
    REP 4 ++++

+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts