-----> කොත්තමල්ලි


+ Reply to Thread
Results 1 to 6 of 6

Thread: -----> කොත්තමල්ලි

  1. #1
    Senior Member sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane's Avatar
    Join Date
    Oct 2014
    Posts
    490
    Likes Received
    0 times

    -----> කොත්තමල්ලි






    සංස්කෘතික නාමය - කුස්තැම්බරු
    දෙමළ නාමය - කොත්තමල්ලි
    සිංහල නාමය - කොතඹුරු


    ගෘහණියන් එදිනෙදා ආහාර පිසීමේදී මුළුතැන්ගෙයි ආහාර රසවත් කරන කුළුබඩුවක් වන කොත්තමල්ලි හුදෙක් කුළුබඩු ගණයටම අයත් නොවන ශාකයකි. එයටම ආවේණික සුවඳකින් සමන්විත කොත්තමල්ලි ශාකයේ සුගන්ධවත් තෛලයක් වේ. කොත්තමල්ලි කොළ ආසවනය කොට ලබා ගන්නා තෛලයෙන් සුවඳ විලවුන් පවා නිෂ්පාදනය කිරීම් බොහෝ රටවල සිදුකෙරෙන කාර්යයකි. එපමණක් නොව මද්‍යසාර නිෂ්පාදනයේදී නීරස දුරු කිරීමට භාවිත කරන රසකාරකයක් ලෙසටද කොත්තමල්ලි භාවිත කරනු ලබයි. ආහාර පාන සඳහා සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම ශාකයක් වන කොත්තමල්ලි ශාකය දේශීය වෛද්‍ය විද්‍යාවේදී හොඳ ඔෟෂධයක්ද වන බව කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනි එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය “මව්බිම”ට පැවසුවාය. මෙම ශාකය තුළ පවතින අද්විතීය ඔෟෂධ ගුණය පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය මෙසේ පැවැසුවාය.

    “ආහාර රසකාරකයක් ලෙස භාවිත කරන කොත්තමල්ලි කොළ (පිටරටවල) සහ ඇට රසකාරක ගුණයෙන් පමණක්ම නෙවෙයි හො½ද ඔෟෂධීය ගුණයකින්ද යුක්තයි. ප්‍රෝටීන්, කාබෝහයිඩේ්‍රට්, විටමින් ඕ, විටමින්, ඛ් සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් ආදී පෝෂක ගුණවලින් සමන්විත කොත්තමල්ලි ඇට සහ කොළ භාවිතයෙන් අප දේශීය ආයුර්වේද ආයතනය තුළ නිරන්තරයෙන්ම විවිධ රෝග නිවාරණයට ඔබින ඔෟෂධ නිෂ්පාදනය කරනවා.

    Coriandrum sativum විද්‍යාත්මක නාමයෙන් හ½දුන්වන කොත්තමල්ලි ඔෟෂධ උථඡඪ තතඪටඥපචඥ කුලයට අයත් ශාකයක්. ආයුර්වේදයේදී මෙය මණ්ඩුක පර්ණී කුලයට අයත් ශාකයක් වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමයේදී මෙම ශාකය විවිධ නම්වලින් හඳුන්වනවා. ධාන්‍ය, ධාන්‍යාකා, කුස්තුම්බුරු යන නම්වලින් හඳුන්වනවා. කුස්තුම්බුරු කියන්නේ සංස්කෘත වචනයක්.එහි සිංහල තේරුම “රෝග පලවා හරින්නා” කියන අදහස. සැබැවින්ම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කොත්තමල්ලි කියන්නේ රෝග පලවා හරින්නෙක්. කුස්තුම්බුරු කියන සංස්කෘත වචනයෙන් තමයි කොතඹුරුකියා කොත්තමල්ලි ශාකය සිංහලයට නැඟුණේ.”
    සුපැහැදිලි ඉතිහාසයක් ඇති කොතඹුරු හෙවත් කොත්තමල්ලි ශාකය දේශීය වෙදකමේදී අතීතයේ පටන්ම අද්විතීය ඔෟෂධයක් ලෙස කිරුළු දරා සිටි බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

    “ඉපැරැණි ආයුර්වේද වෙදකමේදී කොත්තමල්ලි රෝග රාශියකට ගුණ දෙන ඔෟෂධයක් ලෙස භාවිත කරලා තිබෙනවා. වසර දහයකට අධික ඉතිහාසයක් ඇති “චරක සංහිතාව” නමැති ආයුර්වේද ග්‍රන්ථයේ මේ කොත්තමල්ලි ඔෟෂධය ගැන සඳහන් වෙනවා. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් මේ ශාකය කොපමණ අතීතයක සිට දේශීය ආයුර්වේදයත් සමඟ සම්බන්ධයිද කියලා.

    මේ කොත්තමල්ලි ඔෟෂධය අයත් වන්නේ දාහ ප්‍රශමන ඔෟෂධ ගණයට. ඒ කියන්නේ දැවිල්ල නැති කරන ඔෟෂධයක් මේක. ඒ පමණක් නෙවෙයි තෘෂ්ණ නිෂ්ග්‍රහණ ඔෟෂධ ගුණයක් මේ ශාකය සතුව පවතිනවා. ඒ කියන්නේ පිපාසය නැතිකරන ඔෟෂධයක් මේක. ඒ සෑම ගුණයකටම අමතරව ආහාර රුචිකත්වය වඩවන, හොඳින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවන ඔෟෂධයක් ලෙසත් මුත්‍ර පිටවීම විධිමත් කරවන හොඳ මුත්‍රා කාරකයක් ලෙසත් කොත්තමල්ලි ඔෟෂධය හඳුන්වන්න පුළුවන්.

    වාත, පිත්ත, කඵ කියන තුන් දෝෂය නසන ඔෟෂධ දේශීය ආයුර්වේදයේදී හමුවන්නේ ඉතාමත් අල්ප වශයෙන්. කොත්තමල්ලි කියන්නේ උෂ්ණ වීර්යෙන් යුතු ද්‍රව්‍යයක් නිසා වාත, පිත්ත, කඵ කියන තුන් ‍ෙදාසම දුරු කිරීමේ හැකියාවක් මෙයට තිබෙනවා.

    එපමණක් නොවෙයි කොත්තමල්ලි කියන්නේ හොඳ කාමෝද්දීපන ඔෟෂධයක්. දේශීය ආයුර්වේද ආයතනය තුළ අපි කොත්තමල්ලි ශාකයෙන් කෂාය, ශීත කෂාය, අර්ක, චූර්ණ (කුඩු) ගුළි යනාදී ඔෟෂධ වර්ග නිෂ්පාදනය කරනවා. රෝග නොමැති පුද්ගලයන් ඒවා භාවිත කිරීමෙන් රෝග වැලඳීමේ අවදානම නැති වෙනවා වගේම විවිධ රෝගවලින් පීඩා විඳින අය ඒවා භාවිත කිරීමෙන් රෝග සුවවෙනවා.

    සාමාන්‍ය ඔෟෂධ මගින් එක් බෙහෙතක් මඟින් එක් රෝගයක් සුවකිරීමේ හැකියාවක් තිබුණත් දේශීය ඔෟෂධ ක්‍රමය එයට වෙනස්. අපි හිතමු කොත්තමල්ලි ඔෟෂධයෙන් සෑදු කෂායක් අපි ගත්තා කියලා. එම එක් ඔෟෂධයෙන් රෝග රාශියක් සුවකිරීමේ හැකියාවක් පවතිනවා. මෙය හොඳ කාමෝද්දීපන ඔෟෂධයක් වගේම, බඩ දැවිල්ල, සමේ ඇතිවන රත් ලප, ඇසේ හටගන්නා රෝග, ගෑනු ළමයින්ට ඇතිවන මාස් ශුද්ධිය නිසා හටගන්නා බඩේ රුජාවට, මුහුණේ හටගන්නා කුරුලෑ මැඬලීමට, රුධිරය පිටවන අර්ශස් රෝගය ආදී රෝග සුවකිරීමට භාවිත කළ හැකි සුවිශේෂී ඔෟෂධයක්”
    විවිධ රෝග පීඩාවලට ගොදුරු වී සිටින පුද්ගලයන්ට එමඟින් මිදීමට කොත්තමල්ලි ඔෟෂධය භාවිතයෙන් එම රෝගයන්ට ඔෟෂධ සිය නිවෙසේදීම සාදාගත යුතු ආකාරය පිළිබඳවද ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරිය පැවැසුවාය.

    “ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ප්‍රමාද දෝෂ හෝ වෙනයම් හේතුවක් නිසා ඉහිලිය නොහැකි බඩ දැවිල්ලක්, ශරීර දැවිල්ලක් හටගන්නවා. එවන් අවස්ථාවකදී කොත්තමල්ලි ඇට ස්වල්පයන් ගෙන හොඳින් තළා ගන්න. තැඹිලි ගෙඩියක් අරගෙන එහි ඇස්ස කපලා තැලූ කොත්තමල්ලි තැඹිලි ගෙඩිය තුළට දමා ආයෙත් ඇස්ස වහන්න. රාත්‍රියක් පුරාවට එය පින්නේ තියලා උදේට බොන්න. ශරීර දැවිල්ල නැති වෙලා යනවා.

    තවත් රෝගයක් තමයි කොපමණ වතුර බිව්වත් සමහර අයට පිපාසය සංසිඳෙන්නේ නෑ. ඒ වගේ දැරිය නොහැකි පිපාසයක් දැනෙනවා නම් කොත්තමල්ලි, ඉරිවේරිය සමව අරගෙන තම්බා ඒ තැම්බුම් වතුර සීනි හරි මී පැණි හරි එක්ක බොන්න ගන්න”ඇතැම් බටහිර ඔෟෂධ කුඩා දරුවන් සහ ගර්භණී කාන්තාවන් භාවිත කිරීමෙන් බෙහෙත් විෂ වීම් වැනි තත්ත්වයන් උද්ගත වේ. එහෙත් කොත්තමල්ලි මඟින් නිෂ්පාදනය කරන ලද ඔෟෂධ කිසිදු පැකිළීමකින් තොරව ගර්භණී කාන්තාවන්ටත් කුඩා දරුවන්ටත් භාවිත කළ හැකි බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

    “කුඩා දරුවන්ට වගේම ගර්භණී කාන්තාවන්ටත් වැලඳෙන රෝග රැසකට කොත්තමල්ලි හොඳ ඔෟෂධයක්. ඇතැම් ගර්භණී කාන්තාවන්ට කුස තුළ දරුවකු පිළිසිඳගෙන මාස 5ක කාලයක් ගියාම කකුල් ඉදිමීම, වමනය යෑම වැනි රෝග තත්ත්ව උද්ගත වීමේ අවදානමක් තිබෙනවා. එවන් අවදානම් තත්ත්වයකදී දිනපතා කොත්තමල්ලි තම්බා පානය කිරීමෙන් ඒ තත්ත්වයන් සුවකර ගන්න පුළුවන්.

    ඒ පමණක් නෙවෙයි ගර්භණී කාන්තාවන්ට රෝග සෑදීමේ අවදානම දුරු කිරීමටත්, වැලඳුණු රෝග නැති කිරීමටත් අපි විශේෂ කෂායක් හඳුන්වලා දී තිබෙනවා. එය කොත්තමල්ලි මූලික කෂායක්. එහි නම් ධාන්‍ය පංචකය. කොත්තමල්ලි, ඉඟුරු, කලාඳුරු අල, ඉරිවේරිය, බෙලිමල් ග්‍රෑම් 12 බැගින් අරගෙන වතුර පත අටක් සමඟ මුට්ටියකට දාලා තම්බන්න. මෙහිදී පත අට එකක් වනතුරු තැම්බිය යුතුයි. එසේ තම්බලා දිනකට එක් වරක් බැගින් හෝ ගර්භණී කාන්තාවන් පානය කළොත් රෝග වැලඳීමේ අවදානම නැති වෙනවා.

    සමහර කිරි දරුවන්ගේ ඇඟේ රත් පැහැ ලප මතුවෙනවා ඒ ලප සුවකරන්න විශේෂ කල්කයක් තියෙනවා රත කල්කය කියලා. ඒ කල්කය දරුවන්ට දෙන්නේ. මවු කිරිත් එක්ක. මවු කිරි වෙනුවට රත කල්කය සමඟ තවත් එක් ඔෟෂධ දියරයක් දෙනවා. එය තමයි කොත්තමල්ලි තැම්බුම් වතුර. ඒ නිසා රත කල්කය කොත්තමල්ලි කල්කය කියලත් හඳුන්වනවා.”
    ජේ‍යෂ්ඨ කථිකාර්ය හැරපත්දෙණිය මහත්මිය පවසන පරිදි කොත්තමල්ලි ශාකය තුළ සුවිශේෂී සිසිල් බවක් පවතී. එබැවින් යම් පුද්ගලයකු හිසේ රුජාවකින් පෙළෙයි නම් කොත්තමල්ලි ඔෟෂධය භාවිතයෙන් එය සුව කරගත හැකිය. හිස රුජාවක් ඇතිනම් කොත්තමල්ලි කොළ ඇල්වතුර ඉතාම ස්වල්පයක් සමඟ මිශ්‍ර කොට අඹරා එය පැලැස්තරයක් මත අතුරා නළල මත තැබීමෙන් හිස රුජාව සුවවේ. ඒ පමණක් නොව කොත්තමල්ලි ඇට ස්වල්පයක් සුදු හඳුන් හා මිශ්‍ර කොට අඹරා නළල මත ආලේප කිරීම මගින් හිසේ කැක්කුම පලවා හැරිය හැකියි.

    “ඇස තුළ හටගන්නා ලප ඉවත් කිරීමටත් ඇස් ප්‍රාණවත් කිරීමටත් ඇස් රතුවී විටකදීත් ඇස් ලෙඩේ වැලඳුණු මොහොතකදීත් කොත්තමල්ලි හොඳින් තම්බා ඒ තැම්බූ වතුර හොඳින් නිවුණු පසු ඒ වතුරින් ඇස් සෝදන්න.
    ඇතැම් පුද්ගලයන්ට අධික ලෙස බුලත් විට හැපීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා කෑම රස දැනීම නැති වෙනවා. එවන් අවස්ථාවකදී කොත්තමල්ලි සහ සූදුරු කබලෙ බැද කටට දමා හපලා ඒ යුෂ ගිලින්න.

    මේ සියල්ලම පර්යේෂණ මට්ටමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාදීපු ප්‍රතිකර්ම. ඒ පමණක් නෙවෙයි ගෑනු ළමයින්ගේ මාස් ශූද්ධිය හටගත්තම බඩ රිදෙන්න ගන්නවා. ඒ බඩේ රිදිල්ල සමනය කරගන්න පුළුවන් කොත්තමල්ලි හොඳට බැඳලා කුඩු කරලා දවසට කිහිප වරක් කෝපි වගේ උණු වතුරත් එක්ක මිශ්‍රකරලා පානය කිරීමෙන්.”
    මුඛයේ හටගන්නා උෂ්ණ බිබිලි කොත්තමල්ලි ඔෟෂධය මගින් සුවකළ හැකි අතර කොත්තමල්ලි මිශ්‍ර වතුරින් දිනපතා කට සේදීමෙන් එය සුවකර ගත හැකිවේ.

    හන්දිපත් වේදනා ආදී බාහිර වේදනාවන්ටද කොත්තමල්ලි තැම්බූ වතුර පානය කිරීමෙන් නිශ්චිත සුවයක් ලබන්න හැකිය. තවද කුරුලෑ රෝගයෙන් පෙළෙන කාන්තා පුරුෂ ඕනෑම අයකුට කොත්තමල්ලි කොළ සහ කහ එකට අඹරා මූණේ ආලේප කිරීමෙන් කුරුලෑ උවදුරෙන් මිදිය හැකි බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
    “අපේ ආයුර්වේද ආයතනය තුළ රෝග රැසකට ඔෟෂධයක් වන ධාන්‍යකාදී අර්කය නිෂ්පාදනය කරනවා. එය භාගික ආසවනය සිදුකිරීමෙන් සාදා ගන්නේ. එය යන්ත්‍රානුසාරයෙන තමයි අපි නිෂ්පාදනය කරන්නේ. කොත්තමල්ලි අරගෙන එයට වඩා දහ ගුණයක් වතුර මිශ්‍ර කරලා භාගික ආසවන යන්ත්‍රය මඟින් ධාන්‍යකාදී අර්කය සාදනවා. එම අර්කය බඩ පිපීම, බඩේ කැක්කුම, අජීර්ණය, රුධිරයේ සීනි වැඩි බව (දියවැඩියාව), කොලෙස්ටරෝල් ආදී රෝග පීඩාවන් රාශියක් සුව කිරීමට සමත් ඔෟෂධයක්. මෙය වරකට මි. ලී. 15 - 30 අතර ප්‍රමාණයක් ගත යුතුයි.

    අපි පර්යේෂණ මට්ටමෙන් තවත් සුවිශේෂී දෙයක් තහවුරු කරගත්තා. ඒක තමයි නාගරික පරිසරයේ ඇති වාහන දුම, දුහුවිල්ල නිසා ගැමි පරිසරයේ ඉන්න අයගේ ශරීරයට වඩා නාගරික වැසියන්ගේ ශරීරයේ තැන්පත්වන ඊයම් ප්‍රමාණය වැඩියි. දෛනිකව කොත්තමල්ලි භාවිත කරන අයගෙ ශරීරයේ ඊයම් තැන්පත්වීම නැති වෙනවා. වගේම තැන්පත් ඊයම් විනාශවීමක් සිදුවෙනවා. ඒ පමණක් නෙවෙයි රුධිරය පිටවන අර්ශස් රෝගයට කොත්තමල්ලි කරල් හැබැයි තම්බලා කෂායක් හදලා මී පැණි එක්ක පානය කළොත් ඒ රෝග මට්ටම දුරුවී යනවා.”
    මුළුතැන්ගේ කුළුබඩුවක් ලෙස කාගේත් අවධානය යොමු වූ කොත්තමල්ලි දේශීය වෛද්‍ය ක්‍රමවේදයේ සුවිශේෂී බවකින් යුත් ඉතා ප්‍රශස්ථ ඔෟෂධයක් බව තහවුරු කිරීමට යථෝක්ත කරුණුම ප්‍රමාණවත් යැයි කිව හැකියි.


    සැ.‍යු. - මෙය 2013 වසරේ මව්බිම පුවත්පතන් උපුටාගත්තක් වන අතර මිතුරන් අතරේබෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරනන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි

    ඊයේ (2015-01-29) පැවති මිළට වඩා අද (2015-01-30) වන විට කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවී ඇති බවද සිහිකිරීමට කැමැත්තෙමි
    Last edited by sumane; 01-30-2015 at 01:26 PM.

  2. #2
    Senior Member sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw's Avatar
    Join Date
    Aug 2014
    Location
    CLASSIFIED
    Posts
    1,840
    Likes Received
    0 times
    එල එල.. නියමයි.. නියමයි..

  3. #3
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,369
    Likes Received
    2538 times
    එල එල නියමයි සහෝ ,, හොද විස්තරයක්

    බොමු අපි කොත්තමල්ලි , මොකටද විස්කි බ්‍රැන්ඩි

  4. #4
    Senior Member sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane is a splendid one to behold sumane's Avatar
    Join Date
    Oct 2014
    Posts
    490
    Likes Received
    0 times

  5. #5
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,240
    Likes Received
    0 times

  6. #6
    Junior Member samantharls is an unknown quantity at this point
    Join Date
    Jan 2017
    Posts
    1
    Likes Received
    0 times
    Thanks so much

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts