-----> ගෙදරදි මල්, පහන් පූජා කරන්නේ කොහොමද
-
-----> ගෙදරදි මල්, පහන් පූජා කරන්නේ කොහොමද
ගෙදරදි මල්, පහන්, පැන්, සුවඳ දුම්
පූජා කරන්නේ කොහොමද?
ඔබ නිවසේ දී එදිනෙදා බුදුන්ට දෙවියන්ට මල් පහන් පිංකම්
පවත්වනු ලබයි. එය බුදු බැතියෙන් හා දේව ආශිර්වාද පතා කරන්නකි. එයින් ඔබ බලාපොරොත්තු වන්නේ නිදුක් නිරෝගී, සෞභාග්‍යමත් භාවයක් නිවැසියන්ට ලබා ගැනීමයි. ධන ධාන්‍යයෙන් සිය පවුල ආඪ්‍ය කරගැනීමයි. ඒ සඳහා නිවැරැදිව ඉහත වත් පිළිවෙත් කරනාකාරය දන්නේ කීයෙන් කීදෙනාද? නොදැන ඔබ සිදු කරන වත් පිළිවෙත් නිසා බලාපොරොත්තු වන සෞභාග්‍යය වෙනුවට අභාග්‍ය නිවසට ඇතුල් වන බව බොහෝ දෙනා නොදනිති. නිවසක වතාවත් නිසි ආකාරයෙන් සිදුකර සෞභාග්‍යමත් පවුලක් සතුටින් පිරුණු නිවසක් ඇති කර ගැනීමටයි, මේ උපදෙස්.
පූජාව යන වදන තුළ අති උතුම් හදවතින්ම පිරිනැමීම, යන අරුත ඇත. පිවිතුරු , නොඉඳුල්, තමා සාධාරණව දහදිය මහන්සියෙන් සපයා ගත් දේ, තමා සතු දේ පූජා කරන විට එම පූජාව කල තැනැත්තා ට පූජා ආරම්භයේ සිට ද එම පූජාව නැවත නැවත මතක් කරන විට ද වචනයෙන් කිව නො හැකි සතුටක් හිතට දැනෙන්නේය. එම දැනෙන ස්භාවයට පිං හෙවත් සිත පිනවා යැම යයි කිව හැක. මෙම තත්ත්වයට පත්වන විට බාහිර ලක්ෂණ ද වෙනස් වේ. බෝහෝම පැහැපත් ලක්ෂණ මදසිනා සහිත මුව මඬලකින් සැරසී පිං කැමති දුටු දුටුවන් සතුටු කරයි. මෙම ස්භාවය නිරන්තරව පවත්වා ගැනීම දෙලොව ජය ගැනීම සදහා අවැසි ඥානය වර්ධනය වීමේ පසුබිමයි.
අයහපත් පූජාව
තමාගේ සිතට තමාට දැනෙන විධියට අයහපත්ව රැස් කළ ධනය යොදවා, පුජා භාණ්ඩ ලබා ගැනීම හා එම භාණ්ඩ යහපත් පූජාවකට සුදුසු නොවන බව , තමාටම දැන දැනම පූජාවන් කළ විට කායික සැප ලැබේ. ඥණය හිනවේ. බෝහෝ ධනවත් පවුලක උපදින මන්ද මානසික බව හා එවැනි පවුලක තිරිසන් ගති සතුන් ද විය හැකි ය. අමණුස්ස බලපෑම ලබන නිවාසවල වසන අය ද , අමුණුස්ස බලය ලැබෙන පුද්ගලයකුට ද මෙවැනි තත්ත්වයක් උරුම විය හැක..
කඹුරනවා
වර්තමාන සිංහලයා දාන සීල භාවනා යන නිවන් ගමනේ යෙදේ. එය අර්ථවත් කරමින් පිරිසිදුව මහජන පරිභෝජන යට සුදුසු විය යුතු බව ද දැන් සදහන්ය. ගැමි වදනේ කියෑවෙන පරිදි දෙන්නම් කියා ඉල්ලා ගත් දෙය නොගෙවීම හෙවත් ආපසු දීම පැහැර හැරීම නිසා මතු ආත්මයක කඹුරන්ට සිදුවේ. මෙම ඇත්ත දකින්නා ඇප ඔප්පු, කොන්දේසිවලට වැඩියෙන් තමාගේම හෘදය සාක්ෂියට මහත් බියක් දක්වයි. තමාට ගෙවා ගැනීමට බැරි මුදලක් ණයකට පොළියට අත මාරුවකට නොගනියි. ගෙවා ගැනීමට නොහැකි මුදලක් ඉල්ලා ලබා ගන්නා තුළට අමුණුස්ස බල පෑමක් ඇති බව බොහෝ දුර ට දැකිය හැක. ණයට හෝ පොළියට මුදල් දෙන ආයතනයට බොරු කියා රවටා මුදල් ලබා ගැනීමට උදව් කරන්නේ එම අයහපත් බලයන්ය. මේ වැනි මාර්ගයන් තුළින් අන්සතු මුදල් ලබා ගෙන ජීවත්වීමට අශූචි වැළඳීම යැයි සඳහන් කරයි. එවැන්නො ප්‍රේත ලෝකවල උපදින බැවිණි. මෙහිs භයානක බව නම් ණය හිමිකරු ණය ලබා ගැනීම අත හැර දැමුව ද ණයකරුට ගෙවීම ට සිදුවීම යි. අතීතයේ දිවුරුම යන වචන තුළින් මනාව මෙය පැහැදිලි වේ.
තෙල් වර්ග
පහන් පත්තු කිරීම සදහා විවිධ තෙල් වර්ග භාවිත කරන අතර එය තම අරමුණ අනුව වෙනස් වේ. සුවඳ තෙල් වර්ග දැමීම තුළින් දෙවි දේවතා ආකර්ෂණය ද දුගඳ තෙල් වර්ග දැමීම තුළින් අමනුෂ්‍ය බලයන් ආකර්ෂණයවීම ද සිදුවේ. මෙම පහන් පත්තු කිරීම තුළ සිය අරමුණට මහත් බලයක් දේ.
බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පහන් පත්තු කිරීම
මේ මා දුක් මහන්සියෙන් සාධාරණව හරි හම්බ කරගත්, වස්තුව වැය කර කරන මෙම පහන් පූජාව, සම්බුදු රජාණන් වහන්සේලා පන් ලක්ෂ දොළොස් දාස් තුන්නමක් බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබාගෙන ද, සූවිසි නියත විවරණ ද සම්බුදු රජාණන් වහන්සේලාගෙන් ලබාගෙන කිව නොහැකි කාලයක් පෙරුම් පුරා ලබා ගන්නා ලද , ගෞතම සම්බුදු රජාණන් වහන්සේ සතු හැත්තෑ දෙකක් වන සම්බුදු ඥාණයට මාගේ මෙම ආලෝක පූජාව උපහාර පූජාවක් වේවා මේ පහනින් අඳුර තුරන්ව ආලෝකය දසත විහිදෙන්නාක් මෙන් මගේ මෝඩකම නැමැති ඝන අන්ධකාරය තුරන් වී මාහට ඥනාලෝකය ලැබේවා· යන පැතුම ඇතිව ද, පහනින් තවත් පහන් දල්වන බව සැබෑවක් නම් මගේ ඥනා ලෝකයෙන් අන්අයගේ සිත් පහන් කිරීමට මට ද හැකි වේවා· යන පැතුම තිබිය යුතුය.
සුදුසු තෙල් වර්ග තෝරා ගැනීම
පිරිසිදු සඳුන් තෙල් ආදි සුවඳවත් ගස් වැල් ගෙඩි මල් කොළ පොතු මුල් ආදියෙන් ලබා ගන්නා තෙල් වර්ග ඉතා යහපත්ය.
සුදුසු තෙල් වර්ගයක් සකස් කර ගැනීම
නො ඉඳුල්ව පොල් හෝ තැඹිලි ආදියෙන් සකස් කරගත් තෙල් ඉතා යහපත්ය.
තෙල් පිරිත් කර ගැනීම
සබ්බ පා පස්ස අකරණං ගාථා වෙන් හැකි වාර ගණනක් පිරිත් කර ගන්න. දේවතා ආකර්ෂණය ලැබේ. පිරිත් කරන ලද තෙල් බෝතලය තැබීමට සුදුසු පිරිසිදු ස්ථානයක් තෝරා ගන්න. බිම සිට අඩි තුනකට පහත නො තබන්න.
දෙවිවරුන් සදහා පහන් පත්තු කිරීම
අබ තෙල් හා සුවඳ වත් තෙල් වර්ග යොදා පහන් දල්වන්න.
සෙනසුරු අපල සදහා
සෙනසුරාදා දිනක හිරු උදාව සමග නුග ගසක් අසල බටහිර දිසාවේ තල තෙල් පහන් දල්වන්න.
ලෙඩ රෝග සදහා පහන් පත්තු කිරීම
සුවඳවත් බෙහෙත් ඖෂද සහිතව සකස් කළ තෙල් වර්ග යොදා ගන්න.
අමනුෂ්‍ය දෝෂ පලවා හැරීම
විශේෂ නැකත් යොදාගෙන ඖෂද වර්ග ශුභ මුහුර්තවලින් සපයා ගැනීමේ පුරාණ ගුරු උපදේශයන්ට අනුව පේවි මන්තර ජප කරමින් මෙම තෙල් සිඳිනු ලැබේ..
අපල උවදුරු සඳහා
අබ තෙල් , තල තෙල් ආදි තෙල් වර්ග යොදා ගනු ලැබේ.
අයහපත් තෙල් වර්ග
කුණු පොල්වලින් ලබා ගන්නා පොල් තෙල්, පොල් කුඩුවලින් ලබා ගන්නා පොල් තෙල්, අමිහිරි දුගඳ හමන තෙල්, අපිරිසිදු තෙල් හා සතුන්ගෙන් ලබා ගන්නා තෙල්, පලි පොල්, ප්‍රාර්ථනා පොල්, නිමිති පොල් ,අධිෂ්ඨාන පොල් ආදිය තුළින් ලබා ගන්නා තෙල් වර්ග කළවම්වීම නිසා අමනුෂ්‍යයන් ආකර්ෂණය වේ. ප්‍රේත පිහිට ලබා ගෙන ජීවත්වන අයට යහපත්ය.
මල් පූජාව
දෝවනය කරන ලද සුවඳ වත් මල් , පර නොවුන, කැකුළු නොවන, පෙති නොකැඩුණ, තැලුන පොඩි නොවුණ, අපිරිසිදු නොවුණ මල් මනාව වට්ටියේ සරසා පුජා කරන්න. තුන් ලොවට ගුරු වන ගෞතම සම්බුදු රජාණන් වහන්සේ සංසාරයේ පුරණ ලද දස පාරමිතා අනුපාරමිතා ආදි පාරමිතාවන්ට මාගේ මේ මල් පූජාව උපහාර පූජාවක් වේවා· මට ද ඉවසීම ආදි වන ගුණ පිහිටත්වා· ආදි තමාම පැතුමක් කර ගන්න.
දෙවිවරුන් සඳහා මල් පුජා කිරීම
ඉෂ්ඨ දේවතා ගණයට ඒ දේවතාවට අයත් වර්ණයෙන් සුවඳ මල් පුජා කරයි. මෙම මල් පොළව මත වැවී ඇති ගස්වලින් නෙළන විටදී අඩි තුනකට පහත මල් සුදුසු නොවේ.
සුවඳ දුම් පූජාව
ලොව උතුම්ම සුවඳ සිල් සුවඳය. ගෞතම සම්බුදු රජාණන් වහන්සේ අනේක සසරේ පෙරුම්පුරා උතුම් බුදු බව ලබා දස දිසාව සුගන්දවත් කරමින් සත්වයා සසරෙන් එතෙර කළේය. එම උතුම් සිල්වත් සුවඳට මගේ මේ සුවඳ දුම් පූජාව උපහාර පූජාවක් වේවා· මම ද සීලයේ පිහිටා මා තුළින් ද සිල් සුවඳ පැතිරෙනවා· යන පැතුම ඇති කර ගන්න.
සුවඳ දුම් සකසා ගැනීම
සුවඳ දුම් සකසා ගැනීම සඳහා සුවඳැති ගස් වැල්වල පංචාංගයම ගන්නේය. මිලදී ගන්නා සුවඳ වර්ග බොහෝමයක් සුවඳ කවා ඇතත් දල්වා නැඟෙන ඳුම සුගන්ධ නැත. සුවඳ නැති දුම් නොදෙන්න.
සුවඳ දුම් සකසා විවිධ අවස්ථා සඳහා යොදා ගැනීම
අපල සදහා දල්වන දුම් විවිධ ය. ඒ සදහා ජපය ද විවිධය . ඇස්වහ, හෝවහ, කටවහ සඳහා ද යොදා ගන්නා ඖෂද විවිධය. දියුණුව හා බැබලීම සෞභාග්‍ය ආදියට වියලි මල් වර්ග හා සඳුන් ආදී සුවඳ වර්ග ජප කර ගන්න.
සැ.යු. - මෙය 2013 දිවයින පුවත්පතන් උපුටාගත්තක් වන අතර කාලීනව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේබෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි
-
-
-
Member
-
-
-
-
good post
You must spread some Reputation around before giving it to sumane again.
-
හොද විස්තරයක්
-

Originally Posted by
janith nilanga
හොද විස්තරයක් සහෝ


You must spread some Reputation around before giving it to sumane again.
Posting Permissions
- You may not post new threads
- You may not post replies
- You may not post attachments
- You may not edit your posts
Forum Rules
Bookmarks