Zoom.lk වෙනුවෙන් අපි


+ Reply to Thread
Page 1 of 5 1 2 3 ... LastLast
Results 1 to 10 of 43

Thread: Zoom.lk වෙනුවෙන් අපි

  1. #1
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,413
    Likes Received
    2538 times

    Thumbs up Zoom.lk වෙනුවෙන් අපි

    Zoom.lk වෙනුවෙන් අපි


    සූම් සුභ සාධක සමිතිය

    zoom.lk යනු,
    zoom.lk කියන්නේ අපි කව්රු කව්රුත් උදේ සවස ඇවිත් යන අපේම තැනක්. සයිට් එකේ සාමාජික වෙලා ඉන්න හැමෝම වගේ සූම් එකට එන්නේ සයිට් එකෙන් කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන්.ඒ, ඔයාලා බලාපොරොත්තු වෙන දේ සයිට් එකේ සාමාජිකයන් ද උපසිරැසි කණ්ඩායම ද ඇතුළුව අපි හැම දෙනා අපගේ උපරිම සහයෝගය ලබා දෙන්න අපි ඔබ වෙනුවෙන් ගොඩක් උත්සහ වුනා....අදටත් එහෙමයි....ඔයාලා දන්නවා ඇතිනේ සයිට් එකට එන කාට හරි උදව්වක් ඕන වුනොත් කවුරුන් හෝ එයට කිසියම් පිළිතුරක් දෙනවා,දන්නේ නැත්තම් අඩු ගානේ බම්ප් එකක්වත් දාලා යනවානේ.සූම් උපසිරැසි කණ්ඩායමත් ඊට වඩා ලොකු රාජකාරියක් ඔවුන්ට හැකි පමණින් ඔවුන් කරගෙන යනවානේ.ඉතින් සූම් එක කියන්නේ අපි හැමෝගෙම සයිට් එක.මෙතනට එන කාවවත් කවුරුවත් සුළුකොට තකන්නේ නෑ,පුළු පුළුවන් විදියට හැමෝගෙම ප්‍රශ්ණ වලට කිසියම් හෝ විදියකින් පිළිතුරක් ලබා දෙන්න අපේ සයිට් එකේ සාමාජිකයින් සූදානමින් ඉන්නවා නේ.ඉතින් සූම් එක අපේම තැනක් කියලා හිතන එකේ වරදක් නෑ කියලයි මට හිතෙන්නේ.
    සූම් සුභ සාධක සමිතිය හැඳින්වීම.
    ඇයි සුභ සාධක සමිතියක් පිහිටුවන්නට හේතුව.
    ඉහතින් කිව්වා වගේ සූම් කියන්නේ අපේම තැනක්,ඉතින් සයිට් එකක් කරනවා කියන්නේ ටිකක් භාරදූර කටයුත්තක්.ඒක ලේසිපහසු කෙනෙකුට කරන්න බෑ..අපි හැමෝම සයිට් එක මේ විදියට ලස්සනට දකින්නේ මෙහි පිටුපස ඇඩ්මින් ඇතුළු ගොඩක් දෙනෙක්ගේ මහන්සිය ඇතුලත්වයි.ඒත් ගොඩක් වෙලාවට ඇඩ්මින් තමා තනියම සයිට් එකේ වැඩ ගොඩක් ඇදගෙන යන්නේ.ජීවිතයේ ප්‍රශ්ණ අපි හැමෝටම පොදුයි,අපි හැමෝටම ප්‍රශ්ණ එනවා.ඒවාට ප්ලෑන් එකක් ඇතිව ඒවාට මුහුණ දුන්නොත් අපි ගොඩ.සුභ සාධක සමිතියක් පිහිටුවන්නට හේතුව කෙලින්ම කිව්වොත්…
    ඔයාලාටත් අත් විඳින්න ලැබෙන්න ඇති මාස කීපයකට කලින් සයිට් එකේ පොඩි දෝෂයක් ඇති වුනා. ඒවගේම Error පණිවිඩ එනවා. සයිට් එක ස්ලෝ වෙනවා හිටපු ගමන්. ඔය වගේ දේවල්. ඉතින් මේ කිසිම දේකට හේතුව HOSTING එකට සල්ලි නොගෙවා හෝ මුදල් පිලිබඳ අන් කිසිඳු ගැටළුවක් නෙමේ...ඒ කාලය අතරතුර එහෙම වෙන්න හේතුව වුනේ සයිට් එක හොස්ට් කරපු ආයතනයේ අපේ වෙබ් අඩවිය තිබූ ජාලයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා. ඇඩ්මින්තුමා හේතු සහිතවම කලින් ත්‍රෙඩ් එකක් දාල අපි හැමෝවම දැනුවත් කළා මතක ඇති..
    දැන් ආයෙත් එවැනි තත්වයක් සයිට් එක ස්ලෝව් වීමකට,Error පණිවිඩ පැමිණීම් වැනි දේවල් ඔයාලට ඇති වෙන ප්‍රශ්ණක් වෙන්න පුළුවන්...දැන් එවැනි තත්වයක් මතු වෙන්න හේතුව වෙලා තියෙන්නේ සයිට් එකේ අප්ඩේට් එකකට යන්න වෙලා තියෙනවා.කලින් අවුරුද්ද අවසානයේ ගෙවූ හොස්ටින් ගාස්තුවට වඩා තව වැඩි මුදලක් ගෙවීමට සිදු වෙන බවයි ඇඩ්මින්තුමා කියන්නේ...ඉතින් තනි පුද්ගලයෙකුට එය දැරීමට අපහසු බවක් තමා දැනට තියෙන්නේ.

    ඉතින් සූම් සාමාජික කිහිප දෙනෙක්ගේ යෝජනාව වුනේ අපි යම් කිසි දෙයක් මුදලක් ලෙසින් ඇඩ්මින් තුමාට සහයෝගය දැක්වුවොත් ඒක ඇඩ්මින්තුමාට ලොකු ශක්තියක් වෙයි.ඒ වගේම සයිට් එකේ ඉදිරි අනාගතය ගැනත් තීරණය වෙන්නේ ඒ මතයි.ඉතින් මේ වැඩසටහන( සුභ සාධක සමිතිය) ඇඩ්මින්තුමා මූලික කරගෙන පටන් ගන්න එකක් නෙමෙයි.මේක සූම් සාමාජිකයන් කිහිප දෙනෙක්ගේ යෝජනාවක්...ඉතින් අපි හිතුවා ත්‍රෙඩ් එකක් මාර්ගයෙන් සූම් සාමාජික සියලු දෙනාට දැන්වීමෙන් ඒ සඳහා සහයෝගය ලබා ගත හැකි බව.ඉතින් සූම් සුභ සාධක සමිතියක් ලෙසින් පිහිටුවීමට මුලිකම හේතුව වුනේ ඇඩ්මින්තුමාට ශක්තියක් හා සහයෝගයක් ලබා දීමටයි.
    ඒත් මේ වගේ දෙයක් කලිනුත් Easy cash මඟින් හා Bank Account මාර්ගයෙන් ත්‍රෙඩ් එකක් හරහා සිදු කරන්නට පියවර ගත්තා.එහෙත් එය සම්පුර්ණවම අසාර්ථක වෑයමක් වුනා කිහිප දෙනෙක් පමණක් එය ක්‍රියා කිරීමට සහභාගී වූ නිසා..ඒත් අද පටන් ක්‍රියා වෙන සුභ සාධක සමිතිය ඒ වගේ අසාර්ථක නොවෙන්නට අපිම කටයුතු කරමු කියල මන් ඉල්ලනවා.

    සූම් සුභ සාධක සමිතියේ කාර්යභාර්ය.
    සූම් සුභ සාධක සමිතිය පිහිටුවන්නේ සයිට් එකේම අවශ්‍යතාවයන් වෙනුවෙන්.මොකද මේ වගේ අප්ඩේට් එකකට වගේ ලක් කරන්න සිදු වුනාම ඇඩ්මින්තුමා මේ කාර්යයේ තනියෙම නිරත වෙන නිසා ඔහුට එය තනි වියදමක් ලෙස දරාගන්න වෙනවා.එහෙත් යම් අවස්ථා වල අධික මුදල් ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා.ඉතින් ඔහුට නොවේ ඕනෙම කෙනෙක්ට ඒ වගේ අවස්ථා වල මුහුණ දීමට අපහසු වෙනවා.
    ඉතින් සූම් සුභ සාධක සමිතියෙන් වෙන්නේ එවැනි අවස්ථා වලදී ඇඩ්මින්තුමාට මුදලින් සහයෝගයක් දැක්වීමයි.ඉතින් ඒකට අපි හැමෝගෙම සහයෝගය තියෙනවා නම් ඒක අපට අපහසු වෙන්නේ නෑ.සුළු පිරිසක් පමණක් එයට සහයෝගය දැක්වීමෙන් එය අපහසු වෙනවානේ.
    ඉතින් උදා වෙන තත්ත්වය අනුව සූම් සාමාජිකයන් හැම කෙනෙක්ම වගේ රුපියල් 40කින් 50කින් තමන්ගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් ඒක ඇඩ්මින්තුමාට ලොකු ශක්තියක් වෙයි.ඒක තත්වය අනුව රුපියල් 50ක් 100ක් වෙන්නත් පුළුවන්.
    ඉතින් සූම් සුභ සාධක සමිතියෙන් තවත් එක් කටයුත්තක් වෙනවා,ඒ තමයි සාමජිකයන්ගේ හමුවක් පැවැත්වෙනවා නම් හෝ දානයක් දන් දීමේ පින්කමකදී හෝ ලේ දන්දීමේ වැනි කටයුත්තකදී හෝ සූම් සුභ සාධක සමිතියේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් එය සිදු කරලීමයි.එයට අවශ්‍ය ස්ථාන තෝරාගැනීම, සාමාජිකයන් එක් රැස් කරගැනීම වැනි දේවල් සමිතියේ සාමාජික යන් විසින් මැදිහත් වෙලා සිදු කිරීම තමා අනික් කාර්ය.
    ඉතින් අපි හැමෝම සූම් සාමාජිකයන් ලෙස මේ සුභ සාධක සමිතිය ප්‍රායෝගිකව 100% ක් ක්‍රියාවට නන්වන්නට අපි ඔබ සැමදෙනාගෙන්ම සහයෝගය ඉල්ලා සිටිනවා.කිසිම කෙනෙක්ට බලකිරීමක් නෑ මෙතන..ඔබ කැමති නම් මේ කාර්යට සහයෝගය දෙන්න.සූම් සාමාජිකයන් බොහෝ දෙනෙක් මෙයට සහභාගී වීමෙන් තමා අපේ මේ වැඩේ සාර්ථක වෙන්නේ.

    සූම් සාමාජික කිහිප දෙනෙක් මෙම සමිතියේ සභාපති,ලේකම්,භාණ්ඩ ාගාරික වගේ තනතුරු සඳහා ඉදිරියේදී අපි poll එකක් මාර්ගයෙන් ඔවුන් පත් කරගන්නවා.ඒ ඔබේ ජන්දයෙන්ම තමා.
    මේ වැඩසටහන පටන් ගන්න මුලික වෙන්නේ සූම් සාමාජිකයන් සහ උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයන්ගේ යෝජනාවකින්. ඇඩ්මින්තුමාගේ යෝජනාවක් නෙමේ මේක කොහෙත්ම. අපි සාමාජිකයන් එකතු වෙලා තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා අපේ අනෙකුත් සාමාජිකයන් කිහිපදෙනාත් දැනුවත් කරමු කියලා යෝජනා වුනේ.
    ඉතින් සූම්සුභ සාධක සමිතිය පිහිටවීමට ඔබ සැමගේ හැකි දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලනවා සූම් එකේ සාමාජිකයෙක් විදියට. ඔබ සැමට තෙරුවන් සරණයි !!!!!


    විශේෂ ස්තුතිය -: අසිත , හිරාන් (හිරා) , සුපුන්

    කලින් හදපු ගිණුමේ විස්තර මෙතැනින්

    http://www.zoom.lk/forums/showthread.php?t=18839
    Last edited by janith nilanga; 02-02-2016 at 08:09 PM.

  2. #2
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,242
    Likes Received
    0 times

  3. #3
    Senior Member 1118lakmalkumara will become famous soon enough 1118lakmalkumara will become famous soon enough 1118lakmalkumara's Avatar
    Join Date
    May 2012
    Location
    For Rent
    Posts
    431
    Likes Received
    11 times
    ekanam hoda wedak machan

  4. #4
    Senior Member infokosala is just really nice infokosala is just really nice infokosala is just really nice infokosala is just really nice infokosala's Avatar
    Join Date
    Dec 2012
    Location
    සිරි ලංකාවේ...
    Posts
    2,614
    Likes Received
    0 times

  5. #5
    Senior Member Amila has a spectacular aura about Amila has a spectacular aura about Amila has a spectacular aura about Amila's Avatar
    Join Date
    Mar 2011
    Location
    colombo
    Posts
    1,174
    Likes Received
    99 times
    හොද අදහසක්..දැන් මේක කරන්නේ කොහොමද?

  6. #6
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,085
    Likes Received
    0 times
    ela ela

  7. #7
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,954
    Likes Received
    0 times
    .EKA NAM HODA WADAK.

    IKMANATAMA PATAN GAMU



  8. #8
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,842
    Likes Received
    1310 times
    එල එල . .

  9. #9
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,970
    Likes Received
    0 times
    එල එල.. ඒ අදහස හොදයි

  10. #10
    Senior Member hasitha7shanaka will become famous soon enough hasitha7shanaka will become famous soon enough hasitha7shanaka's Avatar
    Join Date
    Feb 2013
    Location
    Hambantota
    Posts
    395
    Likes Received
    0 times
    niyamay

+ Reply to Thread
Page 1 of 5 1 2 3 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts