ගිය පාර වගේම මේ පාරත් ගොඩක් අය කියපු නිසාම සූම් ටීෂර්ට් ටිකක් ගහන්න හිතාගත්තා... ගියා පාර ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන්න නොහැකි උන නිසා මේ පාර කලින්ම ඕන අයට ඇණවුම් කරන්න කියන්න කියලා අපි සිතුවා... මේ පාර ඩිසයින් එකත් ගොඩක් වෙනස් වගේම අලුත්ම විදියකට තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ...ටි ෂර්ට් එකේ ගුණාත්මක බාවය ඉහල විදියට ලබා දෙන්න උවමනා නිසා දැනට තිරණය වෙලා ඇති ගාන අනුව 1000 - 1200 අතර ගානක් තමයි තියෙන්නේ. මේ ගාන අඩු හෝ වැඩිවෙන්නට පුලුවන්. බොහෝ විට අඩුවන්නට... දුර ඉන්න අයට තැපැලෙන් එවිමටත් අපිට කටයුතු කරන්න පුලුවන්. කොළඔ අවට ඉන්නවා නම් අපෙන් ඇවිල්ලා ගන්නත් පුලුවන්. ඉතින් ඔයාටත් සුම් වෙතින් ටීෂර්ට් එකක් උවමනා නම් දැන්ම අපිට දන්වලා එවන්න.... ඒ වගේම අපිට කලින්ම මුදල් ගෙවන්නත් වෙනවා. මොකද නැත්නම් අපිත් ගන්නවා අපිත් ගන්නවා කියලා අන්තිමට ගත්තේ නැති උනොත් ලොකු ප්රශ්නයකට අපිටත් මුණ දෙන්න වෙන නිසා. මුදල් ගෙවලා සති දෙක තුනක් ඇතුලත අපිට ටීෂර්ට් ලබා දෙන්න පුලුවන්. ඒ වගේම අපේ මීලඟ හමුවත් ලඟදිම තියන්න අදහස් කරගෙන ඉන්නවා... ටීෂර්ට් ගන්න උවමනා අය [email protected] වෙත ඊමේල් කරන්න... ඒ වගේම 0773263765 මේ අංකයට මැසේජ් එකක් දාන්නත් පුලුවන්.... මොනාම හරි දැනගන්න තියනවා නම් මේ ත්රේඩ් එකෙන් අහන්න...
Bookmarks