රෝම අධිරාජ්‍ය වර්ණවත් කල ජුලියස් සීසර්


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 15

Thread: රෝම අධිරාජ්‍ය වර්ණවත් කල ජුලියස් සීසර්

  1. #1
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    719
    Likes Received
    0 times

    Lightbulb රෝම අධිරාජ්‍ය වර්ණවත් කල ජුලියස් සීසර්

    රෝමයේ සෙනෙට්‌ මන්ත්‍රි මණ්‌ඩලය කරා යමින් සිටි එක්‌තරා රාජ්‍ය නායකයකු ඇමතු පදික වේදිකාවේ ශාස්‌ත්‍ර කියමින් සිටි පුරුෂයෙක්‌ "ගරු මැතිඳුනි කරුණාකර මාර්තු 15 වැනිදා ටිකක්‌ ප්‍රවේශම් වෙන්න. එදාට ඔබතුමාට සුළු අපල ගතියක්‌ වගේ පෙනෙනවා" යයි පැවැසීය.

    දින කිහිපයක්‌ ගත විය. මාර්තු 15 වැනිදා උදාවිය. රාජ්‍ය නායකයා යළිත් සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩලය වෙත යද්දී ඉහතකී ශාස්‌ත්‍රකාරයා මුණ ගැසුණි. ඇයි මනුස්‌සයෝ බොරු කියන්නේ. අද මාර්තු 15 වැනිදා නොවැ. දැන් ඉතින් මොකද ඔබ කියන්නේ? යෑයි රාජ්‍ය නායකයා විමසීය. උතුමාණනි ඔබතුමා හරි. නමුත් මමත් වැරදි නැහැ. අද දවස තවම ගතවුණේ නැහැ"යි ගත් කටටම පිළිතුරු දුන්නේය.

    එදින මෙම රාජ්‍ය නායකයා සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩල රැස්‌වීමට සහභාගිවූ නමුත් ආපසු එන්නට ලැබුණේ නැත. තමා සමග එකට ගැවසුණු මන්ත්‍රී පිරිස අතරින් වූ අයෙකු විසින්ම එතුමා ඝාතනය කරනු ලැබීය. පැරැණි පුරා වෘත්තයන්හි සඳහන් පරිදි මෙසේ ඝාතනයට ලක්‌වූ සෙනෙට්‌ සභිකයා සමස්‌ත ලෝකයේම වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සැත්කමක්‌ මගින් ගැබිනි මවකගේ උදරය විවෘත කොට මෙලොව එළිය දකින්නට සැලැස්‌වූ පළමු ළදරුවාය.



    මොහු පසු කලෙක රෝමයේ ජෙනරාල්වරයකු, රාජ්‍ය නායකයකු හා තානාපතිවරයකුද වූ අතරම ලතින් ගද්‍ය සාහිත්‍යයෙහි නිර්මාතෘවරයාද විය. එවකට පැවැති රෝම සමූහාණ්‌ඩුව කඩා වැටෙන්නට සලස්‌වා ඒ වෙනුවට රෝම අධිරාජ්‍යට ගොඩනැඟූ මෙම යුග පුරුෂයා අන් කිසිවෙක්‌ නොව ජුලියස්‌ සීසර්ය.

    ජුලියස් සීසර් (Julius Caesar) තම ජීවිත කතාව ලේඛන ගත කර තබන්න කලින් ඝාතනයට ලක් වුණා. ඒත් ඔහුගේ ජයග්‍රහණ නිසා මිනිස් ඉතිහාසයේ පෙරළි කළ කිහිප දෙනෙක් අතරින් එක් අයෙක් ලෙස සීසර් ඉතිහාසයට එක්වී සිටිනවා. ඉතිහාසඥයින් කියන විධියට ඔහු රෝමයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ඉතා සාර්ථක, තියුණු බද්ධියක් හා එඩිතර බවින් යුත් හමුදා ජෙනරාල්වරයෙක්, අඥාදායකයෙක්, උගතෙක් සහ ලේඛකයෙක්. ඒ වගේම ප්‍රබුද්ධ දේශපාලනඥයෙක්.

    ඔහු එවකට ගැටුම් හා අවුල් වියවුල්වලින් පිරී තිබුණු රෝමයේ යල් පැන ගිය දේශපාලන න්‍යායන් වෙනස් කරමින් අලූත් දේශපාලන පදනමක් ඇති කිරීමට සමත් වුණා. ඒ නිසා ම පුරාණ අධිරාජ්‍ය අතර ප්‍රබලතම අධිරාජ්‍යයක් ලෙස රෝම අධිරාජ්‍යය පත් වුණා. ක්‍රි.පූ. 60 දී ඔහු රෝමයේ පාලනය සඳහා තිදෙනකුගෙන් සමන්විත පාලක මණ්ඩලයක් ඇති කළා. ලෝකයේ ප්‍රථම පාලක ත්‍රීමූර්තිය වූයේ එයයි. ඒ පාලක මණ්ඩලයට අයත් වුනේ සීසර් ඇතුළු තවත් එරට විසූ ප්‍රබලයන් දෙන්නෙක්. එයින් එක් අයෙක් තමා පොම්පියස් මැග්නස් හෙවත් ශ්‍රේෂ්ඨ පොම්පේයි. මොහු රෝමානු සෙබළෙක් සහ දේශපාලනඥයෙක්. අනෙක් තැනැත්තා වයෝවෘද්ධ රෝමානු ජෙනරාල්වරයෙක්. ඔහු මාකස් ලිවියස් ක්‍රෙරෙසුස්. ක්‍රි.පූ. 58-50 කාලයේදී සීසර් ගෝල් දේශය ආක්‍රමණය කළා. ක්‍රි.පූ. 55-54 දී බ්‍රිතාන්‍ය ආක්‍රමණය කළා. ක්‍රි .පූ. 49 දී ඔහු රුබිකෝන් ගඟ තරණය කරමින් ඉතාලිය දෙසට ඔහුගේ හමුදා මෙහෙයෙව්වා. ඉන්පසු ඇතිවූ සිවිල් යුද්ධය ක්‍රි.පූ. 45 දී අවසන් වුණා. මෙම යුද්ධයේ දී පොම්පේයි සහ ආධාරකරුවන් පරාජයට පත්වුණා. එතැන් පටන් සීසර් මුළු ජීවිත කාලයටම ආඥාදායකයෙකු ලෙසයි, රට පාලනය කළේ. අන්තිමේ දී ඔහු කිර් ම.පූ. 44 මාර්තු 15 වැනිදා කුමණ්ත්‍රණකාරීන් විසින් ඝාතනයට ලක් වුණා.



    පවුලේ තොරතුරු

    ක්‍රි.පූ. 102/100 ගේයුස් ජුලියස් සීසර් උපත ලැබුවා. ඔලේරියා සහ ගේයුස් ජුලියස් සීසර් තමයි දෙමාපියන්. පියා රෝමයේ නඩුකාරයෙක්. ඔවුන් අයත් වුනේ වංශවත් පවුලකට. ඒත් මුල් කාලයේදී කාගේවත් අවධානයක් දිනා ගත්තේ නැහැ. එතරම් පොහොසත් පවුලක් නොවේ.

    මූදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීම

    ගැටවර වියේ දී ම මුහුදු කොල්ලකරුවන් සීසර්ව පැහැර ගත්තා, නැගෙනහිර මධ්‍යධරණී මුහුදේදී. මුහුදු කොල්ලකාරයින් සීසර්ව නිදහස් කිරීමට රත්තරන් ඉල්ලූවා. ඔවුන් ඉල්ලූවේ කප්පම් ලෙස රන් කුට්ටි 20 යි. එහෙම නොදුන්නොත් සීසර්ව මරා දමනවා කියලා තර්ජනය කළා. සීසර් මුහුදු කොල්ලකරුවන්ට බිය වුණේ නෑ. ඔහු කීවා රන් කුට්ටි 20 වෙනුවට 50 ක් ඉල්ලා ගන්න කියලා. කප්පම් වෙනුවෙන් රත්තරන් ලබා දෙන්න යැයි පණිවිඩයක් යැවුණා මිලෙටස් නුවරට. මේ අතරේ සීසර් මූදු කොල්ලකරුවන්ට විහිළු කරන්න වුණා කවදා හරි දවසක ඔවුන්ව එල්ලා මරනවා කියලා. සීසර්ගේ නිර්භීතභාවය හා ධෛර්යය ගැන මුහුදු කොල්ලකරුවෝ පුදුමයට පත් වුණා. ඔවුන් කවදාවත් සිතුවේ නෑ සීසර් තර්ජනය ක්‍රියාවට නංවාවි කියලා. කප්පම් වෙනුවෙන් රත්තරන් ලැබුණා. සීසර්ව නිදහස් කළා. සති කීපයක් ගත වෙන්නටත් කලින් සීසර් ඔහුව පැහැරගත් මුහුදු කොල්ලකාරයින් සොයා අල්ලාගෙන ඔවුන්ව මරා දැම්මා.

    සීසර්ගේ වීරකම්


    ක්‍රි.පූ. 80-78 දී සීසර් දක්ෂ මෙන්ම ජනප්‍රිය හමුදා සෙබළෙක් ලෙස රෝමානු හමුදා සමඟ ආසියාවේ යුද කටයුතුවල නිරත වුණා. ඒ කාලයේ දී තම දිවි පරදුවට තබා සහෝදර වැසියෙකුගේ ජීවිතයක් බේරා ගැනීම නිසා ‘කොරෝනා සිවියා’ නම් රෝමයේ ඉහළම ගෞරවය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන්පසු ක්‍රි.පූ.65 දී ප්‍රසිද්ධ මහජන කටයුතු බාර වූ රෝම මහේස්ත්‍රාත්වරුන අතරට මහේස්ත්‍රාත්වරයෙ ් ලෙස සීසර් පත් කෙරුණා. නිදහස් මතධාරියකු වූ සීසර් සාම්ප්‍රදායික රාමුවෙන් මිදී කටයුතු කළ අයෙක් වුණා. මෙහිදී එක් වතාවක දී ඔහු ජනතාවගේ පරිහාසයට ලක් වීම නිසා ඔහුගේ අනාගතය අවදානමකට ලක් වුනත් ඉන් මිදීමට හැකි වුණා. ක්‍රි.පූ. 63 දී සීසර් ප්‍රධාන පූජක තනතුරට පත් වුණා.

    රෝම ආණ්ඩුකාර සීසර්

    ක්‍රි.පූ. 61 දී බටහිර, මධ්‍යම හා දකුණුදිග ස්පාඤ්ඤයේ ආණ්ඩුකාරවරයෙක් ලෙස පත් වුණා. ක්‍රි.පූ. 61-60 දී මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් ව සිටි ගෝත්‍රික ජන කොටස් හා එක්වී ඔවුන්ගේ සිත් දිනාගෙන අති දක්ෂ අයුරින් පාලන කටයුතු සිදු කළා.


    ක්‍රි.පූ. 59 දී පොම්පේයි සහ ක්‍රේසස් සමඟ පැවති දේශපාලන මිතුදම් හේතුවෙන් සීසර්ට කවුන්සිලවරයෙක් වෙන්න හැකි වුණා. ඔහුගේ ආණ්ඩුකාර පදවිය පස් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගැනුණේ ක්‍රි.පූ. 58 දීයි. ක්‍රි.පූ. 55 දී එය අවුරුදු 10 දක්වා දීර්ඝ කළා. ඔහු යටතේ තිබූ පාලන ප්‍රදේශ අතරට අද්‍රියාතික් මුහුදේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ඉලිරියාවත් ටන්සපීන් සහ සිසැල්පින් ගෝල් දේශයත් (වර්තමානයේ මෙම ප්‍රදේශ අතරට අයත් වෙන්නේ උතුරු ඉතාලිය, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනියට අයත් කොටස් සහ නෙදර්ලන්තය) අයත් වුණා.


    ගෝල් දේශයේදී පැරදුණු සීසර්

    ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී ගෝල් දේශය ආක්‍රමණය කළා රයින් ගඟ ළඟට පැමිණෙන තෙක්ම. මෙහිදී සිදුවූ සටන්වලින් සීසර්ගේ හමුදා පරාජය වුණේ දෙවතාවක් පමණයි. එක් පරාජයක් සිදුවුණේ ක්‍රි.පූ. 54 ශීත සෘතුවේදී.

    අනෙක් පරාජය ලැබුවේ ක්‍රි.පූ. 52 දී. ඒ ගෝල් දේශයේ පවුරකින් වටවූ ජර්ගෝවියා නගරයට පහර දුන් අවස්ථාවේදී. ජනප්‍රිය ඇස්ටෙරික්ස් සූර පප්පා කතාවලට පාදක වුණේ ගෝල් දේශයේ දී රෝමානුවන් ලැබූ පරාජයි.

    මිතුරා හතුරා වෙයි

    සීසර්ගේ ආණ්ඩුකාර පදවිය අවසන් වුණා, ක්‍රි.පූ. 49 දී. මේ වෙන කොට සීසර් ධනවතෙක්. ඔහුට පක්ෂපාතී විශාල හමුදාවක් සිටියා. ක්‍රි.පූ. 53 දී ක්‍රේසස් මියයාමත් සමඟ පොම්පේයි සීසර්ගේ එදිරිවාදියෙක් වුණා. ඔහු සෙනට් මණ්ඩලය සමඟ එක්වී සීසර්ට ද්‍රෝහිකම් කිරීම ඇරඹුවා. සීසර් ඔහුගේ හමුදා සමඟ රූබිකොන් ගඟ තරණය කරලා ඉතාලියට ගිහින් පොම්පේයිගේ හමුදා සමඟ සටන් වැදුණා. එහිදී හට ගත් සිවිල් යුද්ධය අවසන් වුණේ ක්‍රි.පූ. 45 දීයි.

    දක්ෂ හමුදා ජෙනරාල්වරයා

    අති දක්ෂ හමුදා ජෙනරාල්වරයෙක් වූ සීසර් ක්‍රි.පූ. 48 දී පර්සෙලස්වලදීත්, ක්‍රි.පූ. 46 දී තෙප්සස්හිදීත්, ක්‍රි.පූ. 47 දී සුළු ආසියාවේදී දෙවැනි පැර්සනස් සමඟත් යුද වැදී ජය ගත්තා. මෙම ජයග්‍රහණ ගැන සීසර් ප්‍රකාශ කළේ ‘මම ආවා, මම දැක්කා, මම ආක්‍රමණය කළා’ යනුවෙනි.

    ක්ලියෝපැට්‍රා සහ සීසර්


    සීසර් මාස කිහිපයක්ම ඊජිප්තුවේ වාසය කළා. ඊජිප්තු රැජින වූ ක්ලියෝපැට්‍රා අතර ඇතිවූ ආදර සම්බන්ධයෙන් ක්ලියෝපැට්‍රා පුතෙක් බිහිකළා. ඔහුගේ නම සිසේරියන්.

    අවසන් ජයග්‍රහණය හා මරණය

    සීසර්ගේ අවසන් ජයග්‍රහණය සිද්ධ වුණේ ක්‍රි.පූ. 45 දී. මෙම ජයග‍්‍රහණය ලැබුවේ පොම්පේයිගේ පුතුන්ට එරෙහිවයි. මෙම යුද්ධය සිදුවුණේ ස්පාඤ්ඤයේ මුණ්ඩායි නගරයේදී. යුද්ධය අවසන් කළත් සාමය ස්ථාපිත කිරීමට සීසර් අපොහොසත් වුණා. ඒ නිසාමයි බෲටස්ගේ පිහිපහරින් ක්‍රි.පූ. 44 මාර්තු 15 වැනිදා සීසර් ජීවිතක්ෂයට පත්වුණේ.


    රෝමානුවන්ගේ පැසසුමට ලක්වීම

    සීසර්ට තිබුණේ සංකීර්ණ චරිතයක්. ඒත් හැමදේම ගැන සැහැල්ලූවෙන් සිතන කිසිදෙයක් වැඩිය ගණනකට නොගත් තැනැත්තෙක් හැටියටයි, ඔහු ඔහුව ජනතාවට දකින්න සැලැස්සුවේ. ඔහු රෝම ජනයාගේ ආදරයට, ගෞරවයට හා පැසසුමට ලක් වුණා. ක්‍රි.පූ. 66 දී සීසර් රෝමානුවන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ක්‍රීඩා සංදර්ශන ප්‍රදර්ශනය ආරම්භ කළා. රෝමයේ ජනතාවට තුරඟ තරඟ, රණ ශූරයින්ගේ ඇණ කොටා ගැනීමේ ත්‍රාසජනක සටන් දැවැන්ත ක්‍රීඩා පිටි එහෙම නැතිනම් රඟහල්වලදී දකින්න ලැබුණා. ජුලියස් සීසර්ගේ ජනප්‍රියත්වය මෙමගින් තව තවත් වැඩි වුණා.

    ජුලියන් කැලැන්ඩරය

    අතීතයේ දී රටට ම පොදු කැලැන්ඩරයක් තැනීමේ වගකීම පැවරී තිබුණේ කාට ද? එදා කැලැන්ඩරය සැකසීම ප්‍රධාන පූජකවරයාගේ වගකීම වුණා. ඔහු කැලෙන්ඞ්ස් (calends) දින එනම් නව සඳ දා, ඔහු ජනතාවට ‘නන්ස්’ (nones) හෙවත් චන්ද්‍රයාගේ අව පක්ෂයේ දින හා ‘ඊද්ස්’ (ides) හෙවත් පුර පක්ෂයේ දින ගැනත්, පසළොස්වක දිනය ගැනත් දැනුම් දුන්නා. එදා වගේ ම අදත් අපේ කැලැන්ඩරය තැනීමේ දී අපේ රටේ පූජක පක්ෂය රජයට සහය වෙනවා. ඒ පෝය දවස්, ආගමික උත්සව දවස් ආදිය පවත්වන දින තීරණය කරන්න තියෙන හින්දයි. කොහොම වුනත් රෝමයේ ජුලියස් සීසර් අධිරාජයාගේ සමයේ (ක්‍රි.පූ. 46 දී) පුජකයන් මේ කාර්යය හරියට කරන්න සමත් වුණේ නෑ. ඔවුන් තැනූ කැලැන්ඩරයේ ගිම්හාන මාසය යෙදී තිබුණේ වසන්ත සමයටයි. ඒ නිසා සීසර් අධිරාජයාට මේ තත්වය නිවැරදි කරන්නට අවශ්‍ය වුණා. ඔහු ජුලියන් කැලැන්ඩරය සැකසීමට ක්‍රියා කළේ ඒ නිසයි. ඔහු ඒ සඳහා සොසිජීන්ස් නම් මිසර තාරකා විද්‍යාඥයාගේ උපදෙස් පැතුවා. ඒ අනුව එතෙක් පැවති කැලැන්ඩරයට, සෑම වසර හතරකට වරක් වැඩිපුර දිනයක් එක් කර දින 365ක කැලැන්ඩරයක් හඳුන්වා දුන්නා. ඔහුගේ අදහස් අනුවයි. එතෙක් භාවිත කළ දින 355 කැලැන්ඩරයට අතිරික්ත වූ දින 10, දින 29ක් වූ මාස අතරේ සමසේ බෙදී යන ආකාරයට සැකසුවේ ඔහුයි. මේ වෙනස්කම් කළේ මීට අවුරුදු 2053කට පෙර, එනම්, ක්‍රි.පූ. 46 දීයි. එතෙක් මාර්තු 1 වැනිදායින් ආරම්භ වුණු අවුරුද්ද ජනවාරි 1 වැනිදා සිට ආරම්භ වන සේ වෙනස් කරනු ලැබුවේ ජුලියස් සීසර් අධිරාජයාගේ කාලයේ දියි. කැලැන්ඩරයේ අද පවා භාවිත වන ජූලි යන්න ඔහුගේ නියෝගයෙන් යෙදූ එකක්.

    පස් වැනි හෙවත් ක්වින්ටිලිස් යනුවෙන් හැඳින්වුණු මාසය ජුලියස් සීසර් අධිරාජයාගේ නම අනුව ජූලි යනුවෙන් යළි නම් කෙරුණා. ඊට පසු බලයට පත් වූ ඔගස්ටස් අධිරාජයා විසින් ඊළඟ මාසය වූ සය වැනි හෙවත් සෙක්ස්ටිලිස්, අගෝස්තු යනුවෙන් නම් කළා පමණක් නොව තමාගේ නම ඇති මාසය ජුලියස් සීසර්ගේ මාසයට වඩා කුඩා නොවිය යුතුයි කියා එහි දින ගණන ද 31ක් කළ බව ද සඳහන් වෙනවා.


    මාර්තු 15

    සීසර් සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩලයේ අවසාන රැස්‌වීමට සහභාගි විය. මෙම රැස්‌වීම පැවැත්වූයේ පොම්පේයි විසින් තාවකාලිකව තනා තිබූ නිල නිවාසයක පෝටිකෝවේය. එයට හේතුව වූයේ වෙනදා රැස්‌වීම් පවත්වන සෙනේට්‌ මන්ත්‍රී මණ්‌ඩල ගොඩනැඟිල්ල ගින්නෙන් විනාශව තිබූ අතර එය පිළිසකර කරමින් පැවැති හෙයිනි. මාකස්‌, ජූනීස්‌, බෲටස්‌, ගායියස්‌, කැසියස්‌, කොන්ගිනස්‌, ඩෙසිමස්‌, ඇල්බිනුස්‌ සහ ටි්රීබෝනස්‌ ප්‍රමුඛ හැටදෙනකුගෙන් යුත් කුමන්ත්‍රණකාරීන් පිරිසක්‌ එම රැස්‌වීම් ශාලාවට ඇතුළු වූහ. ඔවුන් එසේ ඇතුළු වූයේ අනිත කොට කඩු (Dagger) ඔවුන් හැඳ සිටි නිල ඇඳුම් තුළ සඟවාගෙනය.


    පොම්පේයි ප්‍රතිමාවේ පාදම අසල සිටගෙන සිටි සීසර්ට ඔවුන් එක්‌වරම තම කොට කඩුවලින් විසිතුන් වාරයක්‌ ප්‍රහාර එල්ලකොට සීසර් ඝාතනය කළහ. සීසර් ඝාතනය කිරීමෙන් පසුව සියලුම සෙනෙට්‌ මන්ත්‍රීවරු පලාගිය අතර මළ සිරුර වහල් සේවකයන් තිදෙනකු විසින ඔසවාගෙන ගොස්‌ කැපුරිනා නම්වූ සීසර්ගේ නිවහනේ තැන්පත් කරනු ලැබීය.

    සීසර් ළඟින් ඇසුරු කළ කිහිප දෙනෙකු ශෝකයෙන් මුසපත්ව සිරුර අසලට යද්දී සෙනේට්‌ මන්ත්‍රීවරු සිටියේ ඉතා ස්‌වල්ප දෙනෙක්‌ පමණි. තම සගයන්ට බියෙන් එළිපිට සීසර්ට පක්ෂ්පාත බවක්‌ නොපෙන්වූ මාර්ක්‌ ඇන්ටනි නිසල සිරුර අසලට පැමිණ "මා මෙහි පැමිණියේ සීසර් වළ දැමීමට මිස ප්‍රශංසා කිරීමට නොවේ (I came to bury ceaser not to praise him) යමෙක්‌ කරන යහපත් ක්‍රියා සැමදා පවතින අතර අයහපත් ක්‍රියා ඔහුත් සමග වැළලී යන්නේ යයි කියමින් සිය කතාව කරගෙන ගියේය. ඔහුගේ කතාව සමහරු අසා සිටියේ කැමැත්තෙන් නොවේ. නමුත් මාර්ක්‌ ඇන්ටනි කළ කතාවෙන් බොහෝදුරට කියෑවුණේ සීසර්ගේ ශුභ කථනයකි. අවසානයේදී සීසර්ට වෛර කළ අයගේ දෙනෙත් පවා කඳුළෙන් තෙත්විය. ඉතා දක්ෂ. ලෙස උපායශීලීව මාක්‌ ඇන්ටනි කළ කතා විලාශය පසුකලක ප්‍රසිද්ධ කථිකයන් විසින්ද ආදර්ශයට ගත් බව සඳහන් වේ.

    දැනුම බෙදීම පිනක්, ඉතිං යාලුවන්ටත් බලන්න Share කරන්න
    http://roopariganaka.com/single.php?id=44
    Last edited by POW; 03-31-2016 at 03:31 PM.

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,412
    Likes Received
    2538 times
    හොද විස්තරයක් සහෝ & රේප් ++

  3. #3
    Senior Member kushanchathuranga will become famous soon enough kushanchathuranga's Avatar
    Join Date
    Nov 2015
    Location
    කොළඹ
    Posts
    1,079
    Likes Received
    0 times
    එල එල

  4. #4
    Member strongharshana will become famous soon enough strongharshana's Avatar
    Join Date
    Sep 2014
    Location
    sri lanka
    Posts
    87
    Likes Received
    0 times
    සුපිරි

  5. #5
    Senior Member S.K.Ruchiranga is on a distinguished road S.K.Ruchiranga's Avatar
    Join Date
    Oct 2014
    Posts
    132
    Likes Received
    0 times
    elma

  6. #6
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    719
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    හොද විස්තරයක් සහෝ & රේප් ++
    Thanks JANITH ayye... REP+

  7. #7
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    719
    Likes Received
    0 times
    Quote Originally Posted by kushanchathuranga View Post
    එල එල
    Thanks...

  8. #8
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    719
    Likes Received
    0 times
    Quote Originally Posted by strongharshana View Post
    සුපිරි
    Thank You..!

  9. #9
    Member amal87 is on a distinguished road
    Join Date
    Nov 2011
    Location
    Bandarawela
    Posts
    64
    Likes Received
    0 times
    ela ela

  10. #10
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    719
    Likes Received
    0 times
    Quote Originally Posted by S.K.Ruchiranga View Post
    elma
    Thanks machan...

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts