The Forest (2016) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 6 of 6

Thread: The Forest (2016) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,741
    Likes Received
    1475 times

    The Forest (2016) සිංහල උපසිරැසි සමගින්

    The Forest (2016) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    ඔන්න අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. මේ චිත්‍ර‍පටිය බලන්න කලින් මම පොඩි විස්තර වඟයක් කියන්නම්. ඔයාලා මේ ගැන දන්නවා නම් අනිවාර්යෙන් දෙපාරක් හිතන්නේ නැහැ මේ චිත්‍ර‍පටිය බලනවා.ජපානේ ඔකිගහරා වනාන්තරය ගැන ඔයාලා අහලා තියනවාද? ලෝකයේ අරුම පුදුම අභිරහස් තැන් හා තවමත් විසදන්න බැරි වුන අභිරහස් සැඟවිලා තියන වනයක් තමයි ඒක. ලෝකයේ එවැනි භයානකම තැන් දහයෙන් 7වැනි තැන ගන්නේ මේ වනාන්තරයයි. මේ වනාන්තරයට ඇතුලට ගිය කෙනෙක් තමන් විසින්ම සියදිවි නසාගන්නවා. තමන්ව සියදිවි නසාගන්න පොළබවනවා. එහෙම වෙන්න හේතුවක් තියනවා ඉස්සර ජපානයේ ඔය පරමානු බොම්බ දැම්මා කාලයේදි වගේ මිනිස්සුන්ගේ ජිවිත තත්වය බෙහෙවින් ඇද වැටුනා. ඉතින් පවුල් නඩත්තු කරන්න බැරි කොට. අතපය නැති අය...එහෙම නැත්නම් වයසක අයව මේ කැලැවට දාලා එන්න මිනිස්සු පුරුදු උනා. මේ අය කැලැවේ කැමක් බිමක් නැතුව සියදිවි නසාගෙන තිබෙනවා. අදටත් මේ ඔවුන්ගේ ආත්ම වල දුක් අදෝනාව වගේම ඔවුන්ගේ ආත්ම මේ කැලැවට එන කවුරුන්ම හරි ඔවුන් ලඟට අරගන්න වැඩ කරනවා කියලා තමයි විස්තර නම් තියෙන්නේ. මේ කැලැව ගැන ඇත්ත විස්තර පින්තුර බලන්න ඕනි නම් ඔකිගහාරා වනාන්තරය කියලා ගුගල් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න...විශේෂම දේ තමයි මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය නිරුපනය කරන Natalie Dormer මේ කැලැවේ ඇත්තටම සංචාරයක් කරලා තියනවා...

    කතාව ගැන කියනවා නම් සාරා ගේ නිවුන් සහෝදරිය තමයි ජේස් කියන්නේ. ඇය ජපානයේ පාසලක උගන්වනවා. සාරාට ජපානෙන් ඇමතුමක් එනවා තමන්ගේ සහෝදරිය මේ කැලයට ගිහින් ආපහු ඇවිත් නැහැ කියලා. පොලිසිය පවා සැකකරන්නේ මේ කැලේට ගිහින් ආපහු ආවේ නැත්නම් ඒ කෙනා සියදිවි නසාගෙන කියලා. නමුත් සාරාට ලොකු විශ්වාසයක් තියනවා තමන්ගේ සහෝදරිය මේ කැලැවේ අතරමං වෙලා ඇති කියලා. මොකද ඇයට තමන්ගේ සහෝදරිය අමතන හඩ ඇහෙන නිසා. මේ නිසා ඇය තිරණය කරනවා ජපානේට ගිහින් මේ කැලේ අතරමං වෙලා ඉන්න නංගිව හොයන්න. මේ කැලැවට යන ගමනට ඒ පලාතේ ඉන්න කවුරුත් කැමැති නැහැ. හැමෝම කියන්නේ ඒ කැලේට ගිය කෙනෙක් ආපහු එන්නේ නැහැ කියලා. කොහොම හරි සාරා මේ කතා කිසිවක් ඇහුම්කන් දෙන්නේ නැතුව මේ කැලැවට යනවා තමන්ගේ සහෝදරිය හොයන්න...එතැනින් එහාට කතාව අරන්ම බලන්න..... ඔන්න ඉතින් මේ පාර නම් පිටපත නිකුත් වෙලා මං සතියක් යන්න කලින් සබ් එක දුන්නා...තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනකම් හැමෝටම සුභ දවසක්...



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉමාෂා ජයසූරිය විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    The Forest (2016) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member kushanchathuranga will become famous soon enough kushanchathuranga's Avatar
    Join Date
    Nov 2015
    Location
    කොළඹ
    Posts
    1,078
    Likes Received
    0 times
    thanks

  3. #3
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  4. #4
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,405
    Likes Received
    2538 times

  5. #5
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,336
    Likes Received
    813 times

  6. #6
    Junior Member Shamalsk is an unknown quantity at this point
    Join Date
    Feb 2018
    Posts
    1
    Likes Received
    0 times
    තද තද බ්‍රෝ පාර පාර.. දිගටම සබ් දෙමු ආ...

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts