Sanam Re (2016) සිංහල උපසිරැසි සමගින්
(
click here to watch and comment)
ඔන්න මං බාරගත්ත තවත් හින්දි චිත්‍රපටියක් අරන් එන්නයි සුදානම... මේක ට්‍රේලර් එක දැක්කාම මේක මං කලා නම් හොදයි කියලා හිතුන නිසා අරගත්තා..කොහොම හරි ටොරන්ට් එක ඇවිල්ලා දවස් දෙකක් ඇතුලත තියන වැඩරාජකාරි කන්දරාවත් එක්ක බේරගෙන සබ දාලා අරන් ආවා. මේ චිත්‍රපටිය Yaariyan (2014) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Divya Khosla Kumar ගේ නිර්මාණයක්. විශේෂත්වයක් වන්නේ ඇය මේ චිත්‍රපටියේ ගීතයකට රංඟනයෙන් දායක වෙනවා...දන්න විදියට කිව්වොත් අයිටම් සොන්ග් එකක් ඉදිරිපත් කරන්න ඉන්නවා. ඒ Humne Pee Rakhi Hai ගීතයයි... ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Pulkit Samrat,Yami Gautam,Urvashi Rautela රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ගීත 6ක් විතර තියනවා. පැය දෙකක චිත්‍රපටියක ගීත හයක් තියනවා කියන්නේ හිතාගන්න පුලුවන් නේ...ඒ වගේම මේහි එන ගීත සේරම ඉතාමත් ලස්සනයි කියලා කියන්න පුලුවන්..
කතාව ගැන කිව්වොත් ආකාශ් ශූතිට ආදරය කරන්නේ පුංචි කාලේ ඉදන්මයි....නමුත් ආකාශ්ට ලොකු ලොකු හීන තියනවා...ඒ හොදට ඉගෙන ගන්න ලොකු රස්සාවක් කරන්න ලොකු කොලෙජ් එකක ගිහින් ඉගෙන ගන්න... ආකශ් හා ශූති ජිවත්වුනේ තනක්පූර් කියලා බොහෝම ඇත ගමක...දෙන්නාගේ පුංචි කාලේ ඉදන් තිබ්බා ආදරේ තරුණකාලේ වෙනකම්ම එනවා. නමුත් ආකශ් ආදරයට වඩා තෝරගන්නේ තමන්ගේ ජිවීතය ගැන...ඔහු තීරණය කරනවා මොම්බායි වලට ඇවිල්ලා හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරන්න. මේ නිසා ඔහු ශූතිටත් නොකියාම ගමින් පිටවෙනවා. කාලයත් එක්ක ආකශ්ට දැනෙනවා තමන් මේ ලොකු නඟරේ තනිවෙලා කියලා...ඒ වගේම ඔහු තරුණ කාලේ කරපු වැරැද්ද ඔහුට තේරුම් යනවා. නැවතත් ඔහු ගමට යනවා එතකොට ශූති ලාගේ මුළු පවුලම ගම දාලා ගිහිල්ලා... මෙහෙම ඉද්දි තමයි අහම්බෙන් යන ගමනකදි නැවතත් ශූතිව ආකාශ්ට මුණ ගැහෙන්නේ....එතැනින් එහාට කතාව බලලාම ඉන්නකෝ. කතාව ෆුල් සීනි බෝල ටයිප් උනත් කතාවේ අවසානය බලද්දි නම් මගේ හිතටත් මොනාදෝ වෙලා ගියා...කතාවේ අන්තිම ඒ තරම්ම සංවේදියි... ගිහින් එන්නම් එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන...
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Sanam Re (2016) සිංහල උපසිරැසි සමගින්
(
click here to watch and comment)
Bookmarks