ගැහැණු ලමුන්නේ පරිස්සමට ජීවිතය ඉතිරිකර ගන්න
-
ගැහැණු ලමුන්නේ පරිස්සමට ජීවිතය ඉතිරිකර ගන්න
ගැහැණු ලමුන්නේ පරිස්සමට ජීවිතය ඉතිරිකර ගන්න

සියල්ල සිදූවූපසු ඒගැන ලිවුවාය කියලා ලැබෙන දෙයක්නැත. දැන් ශෝකප්‍රකාශ කියවීමේ කාලයද අවසන්ය.සොයුරියනි අපි ඔබ දෙදෙනා වෙනුවෙන් හදවතින්ම දුක්වෙමු. අපි ඔබ නොහදුනන්නෙමු.
නිසැකවම ඔබ ජිවතුන් අතර සිටි දිනෙක අප මුණගැසුනානම් අපි කිසිවක් කථානොකරනු ඇත. අප අතර නිසැකවම පරතරයක් තිබේ . එය සමාජ පරතරයකි. ලංකාවේ ඔබේ වයසේ කොල්ලන් කෙල්ලන් ඔබ ඔය සමරන්නට සැරසුණ තරමේ උපන්දිනසාද ගැන අසාවත්නැත. ඒනිසා ඔබ අපේ පැලැන්තියේ උන්ව තුට්ටුවකටවත් මායිම් නොකරනු ඇත. නමුත්, ඒ අවාසනාවන්ත ඉරණම වෙනුවෙන් මුළු රටම දුක්වෙයි. ඒවෙලේ ඔබ දුම්රියට මගහැරුනානම්, ඔබ සාදයට දිවගියා නම් ඔබ අප මුණනොගැසෙනු ඇත. නමුත් දෙවියන්ට ඔබව අවශ්‍යව තිබුණානම්, අප දුක්වුවාය කියා කරන්නට දෙයක්නැත. ඔබ අප නොදන්නා ඉසව්වක ඉපදී සිට, නොදන්නා ඉසව්වක ජිවත් වෙමින් අපි සියල්ලන්වම හඩවා නික්මගිය පසු අපි තවමත් ඔබනිසා ලියමින් සිටිමු.
නමුත් අප වරදවා ගතයුතු නැත. මේ කථාවේ කොතැනකවත් අපි ඔබට චෝදනා නොකරමු. මේ වසන්තයයි. සමනලුන්ට සිත්සේ ඉගිලී යා හැකිය. අහසේ ඉමක් කොනක් නොපෙනේ. ඒනිසා ඔබ ඉගිලීගියා කියා, ඔබට චෝදනා කරන්නට කිසිවෙක්ට නොහැක. නමුත් ඔබ සමාජයට කියාදුන් පාඩමක් තිබේ. දැන් අපි කියවාගත යුත්තේ එයය. මෙය සිහින දකින්නටපෙර ජීවිතය දකින්නට උගතයුතු කාලයයි. ඇත්තටම අපි මේ උත්සහකරන්නේ පරිස්සමට කෝච්චි පාරවල්වලින් පැනයන්න කියන්නට නොවේ. පරිස්සමට ජීවිතය ඉතිරිකර ගන්නැයි කියන්නටය.
නංගියේ මල්ලියේ මේ මහපොළවේ බොහෝදේ සිදුවෙමින් තිබේ. ඔය උපන්දිනසාද අතර සිහිනලොවේ සිත්සේ පියාබන වයසේම කෙල්ලෝ ඈත පිටිසර ගම් දනව්වල කටුමං දිගේ කිලෝමීටර් ගණන් ඇවිද යනු අප ඇසින් දැක තිබේ.කහපෑ සුදුගවුමට නොගැලපෙන තරමේ විසිතුරු සිනාසහිතව වසන්තයේ පීදුන කෙල්ලෝ බොහෝදුක් විදිනා අයුරු මාදැක තිබේ. උන් උපන්දින සාද ගැන දන්නේ නැත. උන්ට ලැබුන ලොකුම තෑගී ලැබුනේ කොටහලු මගුලදාය. ලොකුම තෑග්ග පුංචි බෝල කරාබු කුට්ටමකි. අනිත්වා ගවුම් රෙදි , කුඩ , ලේන්සු වගේ ඒවාය. ඒ අම්මලාගේ ලොකුම හීනය කසාදයටපෙර කෙල්ලගේ බෙල්ලට මාල පොටක් පළදනා එකය. ඒ මිනිස්සු එහෙම හීන අහුලනා බව නොදන්නා පැලැන්තියක කවුරුත් ඉපදෙන්නේ පස්මහබැලුම් බලා නොවේ. ඒනිසා මේ කරන්නේ චෝදනාවක් නොවේ , පුංචි යෝජනාවකි.
සමහර විට , මෙය කොළඹ ඉපදුන කෙනෙකුගේ මෝඩ ලිපියක් විය හැකිය. නමුත් මියගිය දෙදෙනා නොව, ජීවත්ව ඉන්නා මේ ලෝකයේ ඔබදැන් මෙතැන්සිට මතකතබා ගතයුතුය. රාත්‍රී සාදයක, පෙම්වතුන් හා සැමරුම් එකතුකරන්නට තරම් පැහුණ දැනුමක් අවුරුදු දහඅටකට නැත. ශරීර සමග කරනා ගනුදෙනුවලට දුක් කදුළු අයිතිනැත. සාමාන්‍ය යෙන් දුකට වමනේ යන්නේද නැත. මරණය සහ ජීවිතය අතර වූ අවකාශය පුරවාගන්නට අවබෝධයක් අවශ්‍යව තිබේ. එය ගම්වල කෙල්ලන්ට තරම්වත් කොළඹ කෙල්ලන්ට නැත. අහසේ හුලං අකුණු මන්දාරම් ගැන ඒ කිරිල්ලියන්ට උගන්නන එක අයිති කාටද ? දැන් ඒ මරණය වෙනුවෙන් ශෝක පණිවිඩ එවන නළුනිළියන්ගේ ගොං පාට් අතර හිතන්නට තියෙන්නෙත් ඒකය.
නංගියේ මල්ලියේ සියල්ල පසෙකලා ඒ මරණයෙන් ඔබ උගතයුතු කථාවක් තිබේ. ඒ මේ වසන්තය මනරම් බව සැබෑය. නමුත් මල්පුදීන්නේ වසන්තයට නම්, මල් පුදිනා තුරු බලා සිටිය යුතුය. එයට නිසි කලවයසක් තිබේ. පිපෙනා මල් සොදුරු වන්නේ එවිටය. විකුණන්නටම බේත් ගසා විකසිත කරවනා රෝස මලකට වඩා, ගමක බඩවිටක ඇළදෑලක නිසිකලට පිපෙනා බෝලිද්ද මලක් බොහෝ සොදුරුය.
උපුටාගැනීමකින් හා මාගේ අදහස්ද එකතුකර සැදු ලිපියකි.

-
නියමයි ජනිත් අයියා! rep ++++
-
-
Junior Member
Good work Bro..... I'm Tharin malli
-
-
-
-
පට්ටයි ජනිය සලකන්න බෑලු .වටයක් ගිහින් ඇවිත් සලකන්නම් ............
-
-
Posting Permissions
- You may not post new threads
- You may not post replies
- You may not post attachments
- You may not edit your posts
Forum Rules
Bookmarks