මේක ටිකක් අළුත් Revshare වෙබ් අඩවියක්. නමුත් හොඳ ස්ථාවර සැලසුම් ඇතුව හදපු වෙබ් අඩවියක් නිසා අළුත් බව ප්‍රශ්නයක් නෙවෙයි. මේ වෙබ් අඩවිය එංගලන්තයේ RevShare සම්බන්ධ දැවැන්තයෙක් වෙන Ashish Nake ගේ නිර්මාණයක්. ඒකත් බය නැතුව මේ වෙබ් අඩවියේ ආයෝජනය කරන්න පුළුවන් තවත් එක හේතුවක් වෙනවා.

මේ වෙබ් අඩවිය අළුතෙන් RevShare වලට අත ගහන අයට වගේම 'පොඩි මිනිස්සුන්ට' ඒ කියන්නේ ආයෝජනය කරන්න මහ ලොකු සල්ලියක් අතේ නැති අයටත් ගොඩක් සුදුසුයි. නමුත් $100 කට වඩා වැඩි මුදලක් යොදවලා මේක කරගෙන යන්න කියන එක තමයි මගේ නම් අදහස. එතකොට වඩාත් සාර්ථක ප්‍රතිලාභයක් ඉක්මනින් ගන්න පුළුවන් වෙනවා.

මේකෙ අපිට මිලදී ගන්න පුළුවන් පැකේජ් වර්ග 3 ක් තියෙනවා. ඒවා පිළිවෙළින් $2, $25, $50 මිල ගණන් වලට තමයි ගන්න පුළුවන්.
නමුත් $50 adpacks වලට අනිත් adpacks වර්ග දෙකටම වඩා වැඩි ප්‍රතිලාභයක් ගෙවන නිසා අපි හැම තිස්සෙම බලන්න ඕන $50 adpacks ම ගන්න. ඒව ගන්න සල්ලි නැත්නම් විතරක් පොඩි adpacks වලට ගියාට වරදක් නෑ.


ටිකක් ප්‍රතිලාභ නම් අඩුයි. නමුත් ප්‍රතිලාභ අඩු වෙන්න අඩු වෙන්න වෙබ් අඩවියේ තියෙන ස්ථාවර බව වැඩි වෙනවා. මේ කියලා තියෙන පැකේජ් කල් පිරෙන්න යන කාලයත් ටිකක් වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලෙට. තව ටිකක් මේ වෙබ් අඩවිය ගැන පහළ තියෙන විදිහට විස්තර කරන්න පුළුවන්.

ඩොලර් 2 කින් ආයෝජනය කරන්න පටන් ගන්න පුළුවන්. (වෙන වෙබ් අඩවි වල පැකේජ් $1 ට තිබුණත් $5 ක් දාලා මිසක් ආයෝජනය කරන්න දෙන්නෙ නෑ.)
දවසකට $5 ඉඳලා $250 වෙනකන් Cashout කරන්න පුළුවන්.
කිසිම සාමාජික ගාස්තුවක් අය කරන්නේ නෑ.
Sales Commission එක විදිහට 10% ක් ගෙවනවා.

මේ විදිහට අතේ තියෙන ගාණ දාලා පටන් ගන්න පුළුවන් නිසා තමයි මේක හැම කෙනෙකුටම හරියන එකක් කියලා මම කලින් කිව්වෙ. එහෙනම් අපි ගිණුමක් හදා ගන්න හැටි බලමු. පහළ තියෙන Signup එක ක්ලික් කරන්න. ඉන් පස්සෙ උඩ දකුණු පැත්තෙ තියෙන ලා කොළ පාට Signup කියන කොටුව ක්ලික් කරන්න. එතකොට Signup පිටුවට ඔයාලව අරගෙන යයි.







1) ඔයාගේ වාසගම Last Name ඉස්සරහින් ටයිප් කරන්න. (space තියන්න එපා. එක නමක් විතරක් දුන්නම ඇති.)

2) ඔයාගේ මුල් නම First Name ඉස්සරහින් ටයිප් කරන්න. (මේකටත් space තියන්න එපා. එක නමක් විතරක් දුන්නම ඇති.)

3) ඊළඟට Email ලිපිනය ටයිප් කරන්න.

4) ඊළඟට Username ඉස්සරහින් ඔයාගේ නම ටයිප් කරන්න.

5) දැන් තියෙන්නේ Password එක ටයිප් කරන්න. ඒක ටිකක් වැදගත්. හැම වෙබ් අඩවියකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහේ එක පාස්වර්ඩ් එකක් හදා ගන්න මෙන්න මෙහෙම. පාස්වර්ඩ් එකේ එක ඉංග්‍රීසි කැපිටල් අකුරකුත්, එක ඉලක්කමකුත්, එක symbol එකකුත් (+$# වගේ) අඩුම තරමින් තියෙන්න ඕනේ. එතකොට පාස්වර්ඩ් එක කඩන්න අමාරුයි. දැන් මෙතන ඉඳලා හැම වෙබ් අඩවියකම ගිණුම් හදනකොට ඔය දීපු පාස්වර්ඩ් එකම පාවිච්චි කරන්න. එතකොට අමතක වෙන්නෙ නෑ. (උපරිම අකුරු 15 යි. ඊට වඩා එපා.)

6) කලින් ටයිප් කරපු Password එක ආයෙත් ටයිප් කරන්න.

7) Payment Processor එක තෝරන්න. Payza තමයි පෙන්නනව ඇත්තෙ. ඒක වෙනස් කරන්න එපා. වෙන එකක් තියෙනව නම් Payza තෝරන්න.

8) Payment Processor ID ඉස්සරහින් කලින් හදාගත්තු Payza ගිණුමේ ඊමේල් එක දෙන්න. (Payza ගිණුමක් නැත්නම් මෙතනින් හදා ගන්න.)

9) Captcha එක විදිහට ඉස්සරහින් පෙන්නන ඉලක්කම හරි ඉංග්‍රීසි අකුර හරි ආපහු ටයිප් කරන්න.
අන්තිමට තියෙන Terms and Conditions වල ඉස්සරහ කොටුවේ හරි ලකුණ දාන්න.
දැන් Register ක්ලික් කරන්න.




10AP ගැන හැමෝම අහන දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකට මුලින් උත්තර දීල ඉන්නම්.

මේක කරන්න අමතර දැනුමක් තියෙන්න ඕනෙද?
10AP කරන්න කිසිම අමතර දැනුමක් ඕන වෙන්නෙ නෑ. FB ලොග් වෙලා කමෙන්ට් එකක් දාගන්න, පෝස්ට් එකක් දාගන්න පුළුවන් නම් මේකත් ලේසියෙන්ම කරන්න පුළුවන්.

COMPUTER එකක් නැත්නම් කරන්න බැරිද?
මේකට computer එකක්ම තියෙන්න ඕනෙ නෑ. smartphone එකෙනුත් කරන්න පුළුවන්.

දවසකට කොච්චර වෙලාවක් යනවද?
දවසකට විනාඩි 10 ක් වගේ තමයි යන්නේ. හැම තිස්සෙම ලොග් වෙන්න දේකුත් නෑ. දවසකට එකම එක පාරක් ලොග් වුණාම ඇති.

කොච්චර සල්ලි දාන්න ඕනෙද?
පුළුවන් උපරිමය දාන්න කියන එක තමයි මේකට දෙන්න තියෙන හොඳම උත්තරේ. $10 කින් වුණත් පටන් ගන්න පුළුවන්. නමුත් $50 ට වඩා දාන්න පුළුවන් නම් වඩා හොඳයි. $250 ක් වත් දාගන්න තිබුණොත් ලැබෙන ප්‍රතිලාභය අති විශාලයි.

සල්ලි දාන්න පුළුවන් කොහොමද?
තමන්ගෙ debit card එකෙන් සල්ලි දාන්න පුළුවන්. හැබැයි ඒක internet payments කරන්න පුළුවන් විදිහේ එකක් වෙන්න ඕනේ. ඒ ගැන වැඩි විස්තර මෙතනින් ගිහින් කියවන්න.

සල්ලි දාන්න පාවිච්චි කරන්න ලේසිම ක්‍රමය මොකක්ද?
Payza තමයි ඉතින්. Payza ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් හදා ගන්න. ඊට අමතරව Bitcoin වලිනුත් සල්ලි දාන්න පුළුවන් කැමති අයට.

හොයන සල්ලි ආපහු ගන්නෙ කොහොමද?
දාපු විදිහටම තමයි ඉතින්. Payza වලින් දැම්ම නම් Payza වලින් කෙළින්ම අපේ බැංකු ගිණුමටම සල්ලි ගන්න පුළුවන්. Bitcoin වලින් දැම්මොත් Bitcoin wallet එකට සල්ලි ගන්න පුළුවන්.

සල්ලි දාලා මොනවද අපි කරන්න ඕනෙ?
දවසකට ඇඩ් 10 ගාණෙ ක්ලික් කරන එක තමයි. කොච්චර සල්ලි දැම්මත් දවසකට ඇඩ් 10 යි බලන්න තියෙන්නෙ. වැඩිපුර බලන්න පුළුවන්, ඒත් වැඩිපුර බැලුවට වැඩියෙන් මොකුත් ලැබෙන්නෙ නෑ. අමතක නොකර දවසකට එක පාරක් හැමදාම ඇඩ් 10 ක් බලන එක කරන්න ඕනෙ.

ඒ වගේම දවස ගාණෙ එන ආදායම එකතු කරලා අළුත් adpacks ගන්න ඕනෙ. ($50 ට වඩා සල්ලි දාපු කෙනෙක් නම් ගිණුමේ තව $50 ක් එකතු වෙනකල් ඉඳලා තවත් adpack එකක් ගන්න ඕනෙ. $2, $25 ඒවා ගන්න එපා. ඒක පාඩුයි.)

එයාලා අපිට අමතර ගෙවන්න සල්ලි හොයන්නෙ කොහොමද?
අපි බලන ඇඩ් වලින් එයාලට එන ආදායමෙන් තමයි. අපිටත් ඕන නම් මොනවහරි promote කරගන්න, එයාලට වෙනම සල්ලි ගෙවලා promote කරගන්න පුළුවන්.

සල්ලි හොයන්න නම් අපි මේකට තව අය අළුතින් හඳුන්වලා දෙන්න ඕනෙද?
කොහෙත්ම නෑ. කිසිම referral කෙනෙක් නැතුව තනියම තමන්ට මේක කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමන් කැමති නම් විතරක් තව දන්න අයව අළුතින් හඳුන්වලා දීලා අමතර මුදලක් උපයන්න පුළුවන්. (10AP වල 10% ක commission එකක් ගෙවනවා අළුතින් කෙනෙක්ව හඳුන්වලා දුන්නොත්.)

කොච්චර සල්ලි හොයන්න පුළුවන්ද?

මෙන්න මේක තමයි වැදගත්ම දේ. මේක තීරණය වෙනවා තමන් මුලින් දාන සල්ලි ප්‍රමාණය අනුව වගේම සල්ලි ගිණුමේ තියාගෙන ඉන්න කාලය අනුව. ඒ වගේම අළුත් අය හඳුන්වලා දෙන කෙනෙකුට නම් ref ලා ගාණත් ආදායමට බලපානවා.

මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ අපි 10AP වල පුළුවන් තරම් වැඩි වටිනාකමක් තියෙන adpacks තමයි සල්ලි දීලා ගන්න බලන්න ඕනෙ. මොකද වැඩි වටිනාකමක් තියෙන adpacks වලට ලැබෙන ප්‍රතිලාභයත් ගොඩක් වැඩියි. 10AP වල වැඩිම වටිනාකමක් තියෙන්නෙ $50 adpacks වලට. ඒ නිසා අපි ගන්න ඕනෙ $50 adpacks ම විතරයි. ($50 ට අඩුවෙන් දාන අය $25 ඒවා ගන්න මුලින්. $50 හරි ඊට වඩා හරි දානවා නම් $50 ඒවම ගන්න.)

දැන් අපි බලන්න යන්නෙ $50 adpacks අරගත්තම කොච්චර ගාණක් අතට එනවද කියලා.

$500 ක් දාලා $50 adpacks 10 ක් අරගෙන මාස 06 ක් කරගෙන ගියොත් අන්තිමට ඔයාට $1,630 ක් payout කරන්න පුළුවන්. (ref ලා එක්කෙනෙක්වත් නැතුව)

$1000 ක් දාලා $50 adpacks 20 ක් අරගෙන මාස 06 ක් කරගෙන ගියොත් අන්තිමට ඔයාට $3,320 ක් payout කරන්න පුළුවන්. (ref ලා එක්කෙනෙක්වත් නැතුව)



උපුටා ගැනීම : sathsayura