Fantastic Beasts and Where to Find Them (2016) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 4 of 4

Thread: Fantastic Beasts and Where to Find Them (2016) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,649
    Likes Received
    1475 times

    Fantastic Beasts and Where to Find Them (2016) සිංහල උපසිරැසි සමඟින්

    Fantastic Beasts and Where to Find Them (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)


    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    හැරි පොටර් ප්‍රේක්ෂකයෙක් නම් ඔයා ෆැන්ටෑස්ටික් බීස්ට් එනකල් මඟබලාගෙන හිටියා කියලා මම දන්නවා. මාත් මේකේ මුල්ම පෝස්ටරය නිකුත්වුන වෙලාවේ ඉඳලා කවදා එයිදෝ කිය කිය බලන් හිටියේ. ජේකේ රෝලිං තමයි සුපුරුදු පරිදි කතාව ලියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඇගේ ප්‍ර‍ථම තිර රචනය වන්නේ මේ චිත්‍ර‍පටය. සුපුරුදු පරිදි චිත්‍ර‍පටයේ බ්ලූරේ පිටපතට තමයි උපසිරැසිය අදත් ගෙනාවේ.2015 අගෝස්තු මාසයේ එංගලන්තයේ ලීව්ඩ්ස්ටන් වර්නර් බ්‍ර‍දර්ස් ස්ටුඩියෝවෙදි රූගත කිරීම් පටන්අරගෙන අවසන් කරලා තියෙන්නේ 2016 අගෝස්තු මාසයේදි. චිත්‍ර‍පටයට ඇ.ඩො.මි.180ක් වියදම් කරලා තියෙනවා. එවගේම දැවැන්ත ඇ.ඩො.මි.811ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නට ඔවුන්ට හැකියාව ලැබුනේ හැරි පොටර් ප්‍රේක්ෂකයෝ කවදාවත් නැතිවෙන්නේ නෑ කියලා ඔප්පු කරමින්.

    කතාවට අදාල සිදුවීම් සිද්ද වෙන්නේ 1920 නිව්යෝක් නගරයේදි. නූට් ස්කමැන්ඩර් එංගලන්තයේ ඉඳලා ඇමරිකාවට එනවා. ඇරිසෝනා වලට යන්න. නිව්යෝක් වලදි ඔහු බැංකුවක් අසල නවතිනවා මැරි බෙයාබෝන් කියලා කාන්තාවකගේ කතාවක් අහන්න. ඇය සාමාන්‍ය මනුස්සයෙක්. ඒ කියන්නේ අපිරිසිදු ලේ නැත්නම් නෝ-මැජ් කියලා කියන්නේ. එතන එහෙම ඉන්න අතරේ ස්කමැන්ඩර්ගේ බෑග් එකෙන් අපූරු සතෙක් එලියට යනවා. මේක දකිනකොට ඒ සතා බැංකුව ඇතුලටම ගිහින්. කොහොම කොහොමහරි ස්කමැන්ඩර්ගේ බෑග් එකේ හිටපු සත්තු ගොඩක් බෑග් එකෙන් එලියට පනිනවා. හරිම විකාරයක් වෙන්න ගන්නේ එතකොට තමයි.

    කොහොමහරි ස්කමැන්ඩර්ට කොවාස්කි කියන නෝ-මැජ්, ගෝල්ඩ්ස්ටීන් කියන මකූසා එකේ නිළධාරිනිය, ඇගේ නංගිගේ උදව්වෙන් අර පැනලා ගියපු සත්තු ටික අල්ලගන්න උත්සහ කරනවා. වැඩේ ලේසි වෙන්නේ නෑ. ඒ අතරේ ස්කමැන්ඩර්ට මරණ දඬුවම නියමවෙනවා. මේ හේතුව නිසාම.කතාව ගැන එච්චරයි කියන්නේ. චිත්‍ර‍පටය බලන්නනේ ආවේ ඔයා. නැතුව කතාව කියවන්න නෙවෙයිනේ ������ එහෙනම් බලන්නකෝ. ඊළඟ චිත්‍ර‍පටයෙන් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Fantastic Beasts and Where to Find Them (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member didula nimesha is an unknown quantity at this point
    Join Date
    Apr 2017
    Posts
    1
    Likes Received
    0 times
    how i get subtitle

  3. #3
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,341
    Likes Received
    813 times

  4. #4
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Posts
    160
    Likes Received
    0 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts