Mine (2016) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: Mine (2016) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,447
    Likes Received
    1475 times

    Mine (2016) සිංහල උපසිරැසි සමඟින්

    Mine (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




    අබිෂ් ධනංජය විසින් අප වෙත එවු ලිපිය

    සතියකට ආසන්න නිහැඬියාවක අනතුරුව මේ ගේන්නේ ටිකක් වෙනස් අන්දමේ හමුදා චිත්‍රපටයක්...මේක කරන්න අරං සති දෙකකටත් කිට්ටුයි....බාගයක් කරලා නතර කරලා තිබුණා...බාගේ බාගේ කරපුවනම් පහක් හයක් වගේ තියෙනවා...ඒවත් පුළුවන් විදිහට කරලා දෙන්නම්...මේක වෙනම භාෂාවක නිර්මාණය වුවක්...මේක ගැන වැඩි විස්තරයක් මං හොයන්න ගියේ නෑ...දැනට බලපු අයත් ඇති කොහොම වුනත් ලස්සන කතාවක් තියෙන්නේ..දෙගිඩියා වෙන් වගේ බලන අයට මුලින් ට්‍රේයිලර් එක බලලා ඉන්න කියලා කියනවා..මොකද පස්සේ කියයි "අපෝ මේක මෙලෝ රහක් නෑ කියලා" වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමුනේ...

    කතාවේ සෙබළුන් දෙන්නෙක්ව යොදවනවා සහරා කාන්තාරයට...ත්‍රස් නායකයෙක්ව ඝාතනය කරන්න කියලා...කොහොම නමුත් මෙහෙයුම අසාර්ථක වෙනවා...මෙයාල කඳවුරට කතා කරලා කියනවා මෙයාලව අරගන්න එන්න කියලා...එත් එයාලට මෙයාල ඉන්න තැන හොයා ගන්න බැරි හිංදා මෙයාලට නැඟෙනහිර පැත්තට වෙන්න තියෙන ගමකට එන්න කියනවා...මෙයාල කාන්තාරය මැද්දෙන් වැලි කුණාටු අතරින් යනකොට බිම් බෝම්බ තියෙනවා කියලා කියවෙන බෝඩ් කෑල්ලක් ගහගෙන එනවා... හැබැයි කෙනෙක් මේක විශ්වාස කරනවා අනිත් කෙනා විශ්වාස කරන්නේ නෑ...ඔහොම යනකොට එක්කෙන්ක්ට බෝම්බයක් පෑගෙනවා...පෑගුනහම ඉතිං මොකුත් නොවී තියෙන්නේ නෑනේ...(මොකද වෙන්නේ කියලා බලලා දැනගන්නකෝ)...එයාට විතරක් නෙමේ අනිත් කෙනාටත් බෝම්බයක් පෑගෙනවා...හැබැයි එයා කකුල බෝම්බෙන් ගන්නේ නෑ...ඉතිං ඕකයි වෙන්නේ...අනිත් කෙනාට බේරෙන්න පුලුවන් වේවිද...එහෙනම් නොබලපු අය බලන්න අනිත් එක තමයි කමෙට් දාන්න කියලා ඉල්ලන්නේ නෑ...මොකද විවිධ හේතුන් නිසා එක කරන්න බැරි වෙන්න ඇති..එත් ඔයාලට පුළුවන් එක දෙයක් කරන්න ZooM.lk ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්න...එක කරන්න බැරි කමක් නෑනේ...මොකද ෆේස්බුක් එකේ නැති කෙනෙක් නෑනේ... බයින්න බලන් ඉන්න අයට බනින්නත් පුළුවන්... අපි වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි උදව්වක් තමා එක...එහෙනම් මං ගියා නැවත හමුවෙමු...හැමෝටම ජය!



    නිශාදි වික්‍ර‍ම විසින් අප වෙත එවු ලිපිය


    මේ චිත්‍රපටිය ඉතාලි ඇමරිකානු බාෂා දෙකෙන්ම නිකුත් වුන සිනමාපටයක්. හමුදාමය චිත්‍රපටි වලට ආස කරන අයට වගේම අනිත් සංවේදී කතා නරඹන්න කැමතිඅයටත් මම මේ කතාව නිර්දේශ කරනවා ඉහලින්ම. IMDb 6.7 අගයක් ගත්ත මේ සිනමා පටයේ Armie Hammer, Annabelle Wallis ආදී නළු නිලියන් රංගනයෙන් එකතු වෙනවා.කතාව වෙන්නේ මෙහෙමයි, ඇෆ්රිකාවේ මෙහෙයුමකට ගිය සෙබළු දෙදෙනෙක් ඒ මෙහෙයුම කරගන්න බැරි වෙලා ගරිල්ලා සංවිධානේකට අහුවෙන්නේ නැතුව බේරෙන්න ගිහින් කාන්තාරේ අතරමන් වෙනවා. මෙයාලගේ රේඩියෝ එකෙන් තමන් ඉන්න තැන ගැන මුලස්ථානයට දැන්වුවත්,එයාලට ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. පස්සේ මේ මිතුරන් දෙදෙනා ගම්මානයක් හොයාගෙන කාන්තාරේ ඇවිදගෙන යනවා.එයාලට මිනි ඔලු කට්ටක රුපයක් තියෙන තහඩු කෑල්ලක් මගදී හමු වුනත් එයාල ඒ ප්‍රදේශයේ තියෙන භයානක බව නොසිතාම ඉදිරියට යනවා. එහෙම යද්දී එකවරම වලලා තිබ්බ බිම් බෝම්බෙකට එක යාලුවෙක් අහු වෙනවා. ඒ එක්කම අනිත් යාළුවා අඩිය තියන්නෙත් බිම් බෝම්බයකට.ඉතින් ඉතිරිය කුමක් වේවිද කියල බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. බිම් බෝම්බයට කකුල තිබ්බ කෙනා ඒකෙන් බේරෙයිද? බිම් බෝම්බෙට අහු වෙලා වැටුනකෙනා මැරෙයිද? ඔක්කොටම උත්තර අවසන් වෙනකල් බලද්දී තේරෙයි.


    • දෙදෙනා විසින් අප වෙත එවු උපසිරැසි දෙකම ගොනුවේ තබා ඇති බැවින්. ඔබ වැඩියෙන්ම කැමැති උපසිරැසි සම්පාදකයාගේ උපසිරැසිය සමඟින් නරඔන්න.



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය හා නිශාදි වික්‍ර‍ම විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Mine (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,462
    Likes Received
    56 times
    දෙන්නටම ස්තූතියි......

  3. #3
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,211
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts