Headshot (2016) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න අදත් ආවේ සුපිරි ෆිලුමක් අරගෙන...මේකේ ට්‍ර්යිලර් එක බලපු දවසේම හිතා ගත්තා මේක මම්ම තමයි කරන්නේ කියලා...ඔන්න ඉතිං ආසාව හරි දැන්... මුලින්ම නවීනයට ස්තුති වෙන්ඩ ඕනේ මේක ඉල්ලුව ගමන් බෑ නොකියා දුන්නු එකට...මේක මං ඊයේ දවල් දෙන්න හිටියට ලයිට් නොතිබුන හේතුව නිසාත් හරියට ලිපියන් වගේම උපසිරැසියේ ලයින් ටිකක් අඩුව තිබුණ හිංදා අද තමයි ඔන්න දෙන්නේ...කොහොම නමුත් පෝස්ටරේ දැක්ක ගමන් කියන්න පුළුවන්මේ ක කොහොමට හිටීද කියලා...පොඩි විස්තරයක් කියන්නම්...මේක අයත් වන්නේ ඉන්දුනීසියානු සිනමාපටයන්ට. ප්‍රධාන චරිතය රඟදක්වන්නේ අපි කවුරුත් දන්න 2011 වර්ෂයේ නිකුත් වුණ Redemption එකෙයි...එකේ දෙවෙනි කොටස 2014 වර්ෂයේ නිකුත් වුණ The Raid 2 කියන දෙකේම රඟපාපු අයිකෝ (Iko Uwais) තමයි... දැනට IMBD දර්ශකයේ IMBD 7.3 ක ඉහළ අගයක් ලබාගෙන ඉහළින්ම තියෙනවා... මිනිත්තු 118ක් පුරා දිවෙන මෙම සිනමාපටයේ ඇක්ෂන්, කොමඩි (ඇත්තෙම නැති දේ), ත්‍රිලර් වර්ගයන්ට අයත් වෙනවා...සටන් ජවනිකා නම් ඉතාමත් තාත්විකයි කියන්න දෙයක් නැති තරමටම...

කතාවේ වෙන්නේ මේකයි...මුහුදු වෙරළට තරුණයෙක් ගහගෙන ඇවිත් තියෙනවා...මේක දැකපු මනුස්සයෙක් මෙයාව ඉස්පිරිතාලේට ගෙනියනවා...මෙයා ඇහැරෙන්න මාස දෙකකට පස්සේ... කොහොම වුණත් මෙයාට කිසිම දෙයක් මතක නෑ...අඩුම තරමේ මෙයාගේ නමවත් මතක නෑ...පස්සේ මෙයාට දොස්තර "එයිලීන්" "අයිෂ්මැල්" කියල නම දානවා...කොහොම හරි මෙයාව මැරුව කට්ටිය දැන් ගන්නවා මෙයා මැරිලා නෑ කියලා..ඔතන ඉදලා මෙයාව මරන්න කට්ටියක් එවනවා...එදා මෙයාගේ දොස්තර "එයිලීන්" ජකර්තා වලට යනවා...මරන්න එන කට්ටිය දැන ගන්නවා මේ දොස්තර තමයි මෙයාට උදව් කරන්නේ කියලා...මරන්න ආපු කට්ටිය දකිනවා අයිෂ්මැලුයි අර දොස්තරයි බස් එකට නඟිනවා...හැබැයි නඟින්නේ දොස්තර විතරයි...ඉතිං මේ කට්ට්ටිය බස් එක පස්සෙන් පන්නලා බස් එකේ ඉන්න ඔක්කොමලව මරලා දාලා දොස්තරවයි තවත් ගැහැණු ළමයෙක්වයි මෙයාල ඉන්න තැනට අරගෙන යනවා... කොහොම හරි අයිෂ්මැල් දැනගෙන බස් එක ළගට යද්දී ඔක්කොම වෙලා ඉවරයි...මෙතන හිටිය අයිෂ්මැල්ව පොලීසියෙන් අල්ලගෙන යනවා...ඔතන ඉදලා තමයි ගේම පටන් ගන්නේ...එහෙනම් බලන්න...සටන් ජවනිකා බලන්න ඕනේ නම් මෙන්න ෆිල්ම්...තව දෙයක් සමහර අය HD කොපි කලින් බාලා එහෙම ඇති... මේ උපසිරැසිය MkvCage විතරක් නෙමේ HD සහ WEB කොපි සියල්ලටම හරියන විදිහට හදලා තියෙන්නේ... ගැටළුවක් වුණොත් මුහුණු පොතෙන් පණිවුඩයක් එවන්න...එහෙනම් මං ගියා..නැවත හමු වෙවු..ජය!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Headshot (2016) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)