Subtitles Portal - Deception (2008) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: Subtitles Portal - Deception (2008) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,612
    Likes Received
    1475 times

    Subtitles Portal - Deception (2008) සිංහල උපසිරැසි සමඟින්


    Deception (2008) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Deception (2008) සිංහල උපසිරැසි සමඟින් (125 min 23 sec)
    Uploaded on 03-16-2017 at 08:50 PM by HEDZ
    English Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. මං මේක කරන්න ගත්තෙත් 2015 වගේ කාලයේදි. එත් වෙන වෙන චිත්‍ර‍පටි කරපු නිසා මේක මෙහෙමම අමතක වෙලා ගියා. පස්සේ ආපහු මේ ලඟදි Hugh Jackman ගේ ලෝගන් ෆිල්ම් එක ආවාම මං මේ නළුවා ඉන්න ෆිල්ම් එකක් කරනන් ගත්තා නේ කියලා පරණ ෆයිල් පිරලා බලද්දි බාගයක් විතර දාපු සබ් එක හම්බුනා කවුරුත් මේ වෙනකම් කරලා දාලා තිබ්බේ නැති නිසා, ඉතින් කරලා දාලා දෙන්න හිතුවා. කැමැති නම් මුලින්ම උඩ තියන ට්‍රේලර් එක ලොඩ් කරගෙන ඉන්න. මං කියලා තියන කතාව බලලා ට්‍රේලර් එක බැලුවාම කතාව ටිකක් පැහැදිලි වේවි.

    කතාව ගැන කිව්වොත් ජොනතන් මැක්කුවරි (Ewan McGregor) කියන්නේ ගණකාධිවරයෙක්. මොහුගේ රැකියාව තමයි ආයතන වල ගිණුම් වාර්තා සකස් කිරිම. මොහු නිදහස් සේවය කරන කෙනෙක්. ආයතන වලින් මොහුව කුලියට ගන්නවා තමන්ගේ වාර්ෂික ගිණුම් හදන්න. මෙහෙම එක්තරා ආයතනයක ගිණුම් වාර්තා සකස් කර කර ඉද්දි ටිකක් මධ්‍යම රාත්‍රියට ලං වෙනවා. බාරගත්ත වැඩේ කරලාම ඉවර කරන්න ඕනි නිසා රෑය පහන් වෙනකම් හරි ඉදලා මොහු මේ වැඩේ කරන්න හිතනවා. මේ වෙලාවේ ඔහුගේ කාර්යාල කාමරයට තවත් පුද්ගලයෙක් ගොඩ වෙනවා. ඔහු නමින් වයිට් බොස් (Hugh Jackman). ජොනතන් විසින් වයිට්ව දකින්නෙත් එදාම තමයි නමුත් දෙන්නා කතාවට වැටිලා බොහෝම කුළුපහා වෙනවා. ජොනතන් කියන්නේ තනිවම වැඩි ආශ්‍ර‍යක් නැතුව ජිවත් වෙන කෙනෙක්. ඉතින් මේ අලුත් යාළුවා වයිට් සමගින් මොහු යාළුවෙනවා. මොවුන් දෙන්නා එකට කන්න බොන්න වගේම වයිට් විසින් ජොනතන්ව රාත්‍රි සමාජජාල වලට පවා එක්කන් යනවා. ජොනතන් මේ අලුත් යාළුවා හම්බුනාට හිත යටින් ගොඩක් සතුටු වෙනවා. දිනක් වයිට්ට රාජකාරි වැඩකට ලන්ඩන් යැමට සිදුවෙනවා. නමුත් මෙහෙදි වෙන සිදුවිමකින් දෙන්නාගේ ජංගම දුරකථන මාරු වෙනවා. මේ බව දෙන්නා දැනගන්නේ වයිට් විසින් ලන්ඩන් ගියාටත් පසුවයි. එදිනම රාත්‍රියේ වයිට් ගේ දුරකථනයට ඇමතුමක් එනවා. මැක්කුවරි විසින් මේක අරගන්නවා එතකොට එහා පැත්තේ කාන්තා හඩකින් ''අද රෑ නිදහස්ද? හමුවෙන්න පුලුවන්ද'' යැයි අසනවා. ජොනතන් විසින් එක පාරටම පුදුම වුනත් වයිට් කියන්නේ ටිකක් සල්ලාල පුද්ගලයෙක් නිසා මේ වගේ ඇමතුමක් ඔහුගේ දුරකථනයට ආපු එක අරුමයක් නැති නිසාත් ඔහු මෙයට කැමැත්ත පල කර යනවා. එහිදි ගැණු ළමයෙක් ඔහුට මුණ ගැහෙන අතර දෙන්නා එකට රැය ගෙවනවා. පහුවදාම ජොනතන් විසින් වයිට්ට කතා කරන්න උත්සහා කරනවා. ඔහුගේ දුරකථනයට මේ ආපු ඇමතුම ගැනත් ඔහු ගිය එක ගැනත් සේරම කියනවා. වයිට් එවිට පවසන්නේ ඔහු එක්තරා සමාජයක ලියාපදිංචි වි ඇති බවත් එක දුරකථනයකින් හමුවිමක් ලැස්ති කරගැනිමට හැකි බවත්ය. මේ සමාජයේ නිතිරිති වගයක් තියනවා. මුලින්ම ඇමතුම දෙන කෙනා හොටල් කාමරයේ හා සියළු වියදම දරන්න ඕනි වගේම... සැබැ නම් ගම්, ආදරය කිරිම් කිසිවක් බැහැ. හම්බුනා වැඩේ කරගත්තා ගියා. ජොනතන් මේ වැඩේට ඇබ්බැහි වෙනවා. කොහොම හරි මෙහෙම අහම්බෙන් හම්බවෙන කාන්තාවක් සමඟ ජොනතන් ප්‍රේමයක පැටලෙනවා. මේ සමාජයේ නිතිරිති සියල්ලම ඔහු බිද දමනවා. කොහොම හරි මේ කාන්තාව හමුවෙන්න ගිය රැයක සියල්ල උඩුයටිකුරු වෙනවා... ජොනතන්ගේ ජිවිතය එහෙම පිටින්ම අවුල් ජාලයකට පත්වෙනවා වගේම ප්‍ර‍ශ්න ගොඩකට ඔහු මැදිවෙනවා. එතැනින් එහාට කතාව බලන තරමටම හොදයි. ඇත්තටම වයිට් කියන්නේ කවුද? ජොනතන් ආදරය කරපු තරුනියට එදා රෑයින් පස්සේ මොකද උනේ. ජොනතන් පස්සේ පොලිසිය පන්වන්නේ මොන කාරණයක් සදහාද කියන එක ෆිල්ම් එක බැලුවාම දැනගන්න පුලුවන් වේවි.....


    කතාවේ ප්‍ර‍ධාන චරිත කලින්ම කිව්ව නිසා ආපහු මතක් කරන්න ඕනි නැහැ නේ. මෙහි ප්‍ර‍ධාන නිලිය චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Michelle Williams විසින්. මේක ඒ කාලේ සබ් දාන්න හේතුවක්ම උනේ උඩ මං කිව්ව සමාජයක් වගේ එකක් ගැන මට දැනගන්න දකින්න ලැබුන විස්තරයක් නිසා. ප්‍ර‍මුඛ පෙලේ ආයතන වල වැඩ කරනවා නම් සමහර විට ඔබත් දන්නවා වෙන්න ඇති. කොහොමත් අපිට පේන මිනිස්සු නෙමෙයි ඇතුලාන්තයෙන් ජිවත් වෙන්නේ ඒ නිසා පරිස්සමට ආශ්‍ර‍ය කරන එක කෝකටත් හොදයි. හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්.



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    720P 790MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    720P 790MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Tags: crime, drama, jayani, mystery, thriller

    Deception (2008) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,466
    Likes Received
    56 times
    Thanks.....

  3. #3
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,341
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts