Hindi Medium (2017) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


Saket Chaudhary විසින් අධ්යක්ෂණය කරන ලද Irrfan Khan හා Saba Qamar රංඟනයෙන් දායක වෙන Hindi Medium චිත්රපටිය තමයි අද අරන් ආවේ... මේ චිත්රපටියේ මුල් නිර්මාණය Salt Mango Tree නැමැති මලයාලම් චිත්රපටියයි. මේ චිත්රපටියෙන් පසුව බෙංගලි චිත්රපටියක් නිර්මාණය වෙනවා Ramdhanu කියලා. ඊට පස්සේ තමයි මේ හින්දි චිත්රපටිය නිර්මාණය වෙන්නේ. මලයාලම් හා බෙංගාලි චිත්රපටි ඉන්දියාවේ වැඩි ජනප්රියතාවයක් නැති බැවින් මේ හින්දි මිඩියම් චිත්රපටිය ආදායම් වාර්තා තබමින් තිරඟත වුනා. කෝටි 23ක් වියදම් කරලා හදපු මේ චිත්රපටිය කෝටි 108ක් එපැයුවා. එතැනින්ම පේනවා නේ ජනප්රියතාවය. මොකද ලේසියෙන් චිත්රපටියක් කෝටි 100 කඩඉම පසු කරන්නේ නැහැ. ඒ වගේම මේ රංඟනයෙන් දායක වෙන ප්රධාන නිළිය වෙන Saba Qamar පකිස්ථානු ජාතික නිළියක්. ඇයගේ මේ ප්රථම හින්දි චිත්රපටියද වනවා...
කතාව ගැන කිව්වොත් රාජ් බද්රා හා මිතා බද්රගේ දුව තමයි ප්රියා බද්රා කියන්නේ. ඇයව පලවෙනි වසරට දාන්න තමයි මේ අම්මයි තාත්තායි හදන්නේ. මිතාට ඕනි දුවව දිල්ලි වල තියන හොදම පාසලකට දාන්න. නමුත් මේ පාසල් වල තියන තදබදය නිසාම ඇඩ්මිෂන් දෙන්නේ බොහෝම සුළු පිරිසකට. ලංකාවේ උනත් ජනප්රිය පාසල් වලට තියන තදබදය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඉතින් තමන්ගේ දුවව මේ දෙන්නා හොද පාසලකට ඇතුලත් කරන්න දරන වැයම තමයි මේ චිත්රපටියේ ඇතුලත් වෙන්නේ. හාස්යමුසු කතාවකින් අවසානයේ ජිවිතේට වැදගත් පණිවිඩයකුත් ලබාදෙන චිත්රපටියක් ලෙස මෙය නම් කරන්න පුලුවන්. එහෙනම් අරන් බලන්න තවත් හොද චිත්රපටියකින් හමුවෙමු.
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Hindi Medium (2017) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Bookmarks