වෙල්ලස්සේ අභිමානය යළි ගොඩනගමු.


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: වෙල්ලස්සේ අභිමානය යළි ගොඩනගමු.

  1. #1
    Senior Member thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10's Avatar
    Join Date
    Apr 2012
    Location
    කියන්නෙම නෑ
    Posts
    189
    Likes Received
    114 times

    වෙල්ලස්සේ අභිමානය යළි ගොඩනගමු.

    විසි එක් වැනි සිය වස තාක්ෂණය විසින් මුළු දියත ආක්‍රමණය කර ඇති අවධියකි. ගමෙත් ,නගරයත් මානව සමාජය නොවනස්ව වර්ණවත් විසිතුරු ලොවකට රැගෙන ගොස් ඇතැයි පැවසීමමුසාවක් නොවනු ඇත. වත්මන් තරුණ පරමුණ එහි අතරමං වී ඉබාගාතයේ සරමින් සිටිති. වසර දහස් ගණනක් තිස්සේ පැවැතුන සිය උසස් හැදියාව (සංස්කෘතිය අභිමන් යටගියාව ) ඉතිහාසය ඔවුන්ට අමතකව ගොස් ඇත්තේ කනගාටු ලෙසය.
    වෙල්ලස්සේ ජනිත ඔබටද එය පොදුවේ බලපා ඇතැයා සිතේ.එහි වත්මන් ඇතැම් තරුණ තරුණියන් වුවද ඇතැම් විටක තම ගමේ නම පවා පලකිරීමට නොමනාපයක් දක්වන අවස්ථාවන් එයට සාධක සේ දැක්විය හැක. එසේ සිදුවී ඇත්තේ ඔවුන්ට තම අබිමන් යටගියාව (අභිමානවත්) පිළිබඳ අවධානයක් දැනීමක් නැති හෙයිනි.

    වෙල්ලස්සට ඇත්තේ අභීමානවත අතීතයකි. ඒ පිළිබඳ ඔබ දැනුවත්නම් ඔබ යට සඳහන් හීනමානයෙන් බිදෙනු ඇත. මේ ලිපියේ අරමුණ ඒ අඵිමාණවත් යටගියාව පිලිබඳ මදක් ලුහුඩින් අවබෝධ කිරිමය.
    එය වු කී වසර පන්දහසනට ඈත කලකප සිට අභිමානවත් එඩිතර, බුද්ධිමත් පරපුරක්උරුමකරගත් ඉසුරුමත් පින් බිමක්. 1818 නිදහස් සටනට පෙර වෙල්ලස්ස මැදින් ගමන් කර ඇති ඉංග්‍රිස් මේජර් හන්ස් එහි ඉසුරුමත් බව පිළිබඳ මෙසේ සඳහන් කර ඇත. "බදුල්ලේ හා කතරගම ඇති බිම් කොටස මගේ අදහසේ හැටියට ලංකාවේ උද්‍යානය යැයි කිවිය හැක." එය හරහා පයින් එන්නට ලෑබීමෙන් මෙම ප්‍රබෝධමත් විමී නිෂ්පාදනය අතිනුත් සුන්දරත්වය අතිනුත් උසස් යැයි කිව හැකිය. සියල්ල අතින් බලන කල වෙල්ලස්ස සුන්දර බිමකි. වී, ගම්මිරිස්,පුවක් , අදී වගාවන්ගෙන් පීරි තිබේන සැප සහසුකම් තිබේන බව පෙනෙන ගම් වලින් ග්‍රහණ වුවකි. (පහළ ඌව සගරාව -විමල් අමරසේකර සංස්කරණය 1966-7-17පිටු) මේ ප්‍රකාශනය තුළින් ද එහි අතිත ඉසුරුමත් බව පැහැදිලි වෙයි. නිරෝගිමත් ,ඉතා ශක්තිමත්, එඩිතරමත් , ජනතාවක් මෙහි විසු බව ද එයින් තවත් තරුණකි.
    එහි අභිමාවත් යටගියාව (ඉතිහාසය) පිරිස්සා බැලීමෙන් මේ වැදගත් කරුණු සනාථ වෙනු ඇත.
    කිතුවසර පෙර 3000 දී පමණ ලක්දිව පාළනය කල මහ හෙළ රාවණායන්ගේ උප රාජධානියක් සේ මේ පෙදෙස හැදින්වු බව ජනශ්‍රැතියේ සඳහන් වේ. මාරගල්ල නම් වු එය රාවණගේ නැගණිය වු සූපර්ණකා විසින් පාලනය කෙරෙනි. ගිනිකොනදිග තැනිතලාවේ උතුරු පෙදෙස සම්පුර්ණයෙන් ම එම රාජධානියට අයත්ව පැවැතිනි. කිතුවසර පෙර තුන්වන සිය වස වන වාටද (අනුරාධපුර යුගයේ මුල්) රාවනා පරපුරට අයත් ජනයා මෙහි විසු බව සනාථ කර සෙල් ලිපියක් අම්පාර පෙදෙසය අයත් රාස්සගල කත්දේ ගිරිතලයක ඇති සෙල්ලිපි අතර වෙයි. එහි"පරැමක අගිය පුත පරඅමක තෙකඩශ ලෙනේ යනුවෙන් සඳහන්වේ. ප්‍රමුඛ අගියගේ පුත්‍ර ප්‍රමූඛ තෙංජගේ ලෙනේ යන්න එහි සිංහල අර්ථය වේ. " (ශිලා ලිපි සංග්‍රහය 435 ලිපිය උපුටා ගැනිම 2004.09.01 දිවයින බදාදා සංග්‍රහය) මෙහි "අගි "යනු ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයකි. ඉන්ද්‍රජිත් රාවණයන්ගේ තෙංජ ( තෙකඩංශ) යනු අගියගේ පුත්‍රයාය. ඒ අනුව තෙංජ රාවණායන්ගේ මුනුබුරකි.
    වත්මන් අම්පාර පෙදෙස ස එකල මාරගල්ලයක් රජදහනට අයත් වු පෙදෙසකි. මේ සෙල්ලිපියෙන් ගම්‍ය වන්නේ රාවණයන්ගේ පරපුර ගිනිකොන දිග නැතිතලාවේ උතුරු පෙදෙසේ විසු බවයි. රුහැණූ රජපරපුරේ කාවන්තිස්ස යුගයේ සිට මේ දක්වා පෙදෙස "වෙල්ලස්ස" නමින් හැදින්විණි.
    කිතුවසරට පෙර හයවන සියවස වන විට ලක්දිව ගිණිකොන දිග වයඹ හා උතුරු මැද තැනිතලා බිම් යක්ෂශේත්‍රීක හෙළයෙන් පාලනය කළහ. උතුරු පෙදෙස හා බටහිර පෙදෙස නාග හෝ ත්‍රිකයින් විසින් පාලනය කරන ලද අතර කඳුකරය දේව ගෝත්‍රිකයින් විසින් පාලනය කෙරෙනි. ගිණිකොන දිග තැනිතලාවේ යක්රජ සහනේ ප්‍රධාන නගරය ලංකාපුරය හෙවත් මහියංගනය වුයේය. වයඹ හා උතුරු මැද ප්‍රධාන නගර තම්මැන්නාව හා සිරසවත්ථුපුර නම් විය. මේවායේ නායකයින් වසරකට වරක් ලංකාපුරයට හෙවත් මහියංගනයට රැස්වී සිය පාලන තන්ත්‍රය පිළිබ සාකච්ඡා කිරීම සිරිතක් කරගෙන තිබිණි.
    කිතුවසරට පෙර 588-585 වැන්නේ බුදුරජාණන් වහන්සේප්‍රථම වර ලක්දිව වැසියේ මහියංගන මහානාග වනෝද්‍යානයට රැස්වී සිටි යක්ෂ ගෝත්‍රිකයින්ට දහම් දෙසිමේ අරමුණ ඇතිවය. ගැඹුරු වු බුදු දහම අවබෝධ කර ගැනීමට හැකි තරම් මුහුතුරාගිය උසස් බුද්දියක් එකල යන්ෂගෝත්‍රික ජනතාවට තිබුණු බව එයින් ගම්‍ය වු සත්‍යය විය. දහම් දෙසීමෙන් පසු තෙරුවන් සරණ ගිය ඔවුහු ලක්දිව ප්‍රථම බෞද්ධයින් වීමේ ගෞරවය හිමිකර ගැනීමට සමත් වුහ.
    බුදුදහම වැළදගත් යක්කුලේ හෙළයෝ බුදුන්වහන්සේගේ දැන්වත් කිරිම අනුව නව ජනපදයක් පිහිටුවා ගත්හ.එය "ගිරිනිල්" නුවර විය. මහා පර්වත වලින් ගහණ කඳුවැටියක් වු ගිරිනුවර මාරගල්ල රජදහනට අයත් විය. අනුරාධපුර යුගයේ එය "නිල්ගල"නම් වෙයි. මේ කරුණ් පිළිබඳ සලකා බැලීමේදි ලත්දිව ප්‍රථම බෞද්ධයින් වීමේ මෙන් මැ ප්‍රථම බෞද්ධ ගම්මානය ආරම්භ කිරිමේදී ගෞරවය ද වෙල්ලස්සේ ජනතාවට හිමි වේ.
    ලක්දිව පරාධිත වූ සෑම අවධියක මැ එය නිදහස් කර ගැනීමේ සටන් ආරම්භ කර ඇත්තේ වෙල්ලස්සේන් බව ඉතිහාසය හැදැරිමේදි අකාවරණය වේ. එය ලක්දිව වෙනත් ප්‍රදේශ වලින් දක්නට නොලැබෙන විශේෂත්වයකි. ඒ අනුව ශ්‍රේෂ්ඨ රණකාමීන්ගෙන් සමන්විත වු අභිමානවත් සටන් ඉතිහාසයක් වෙල්ලස්සට ඇත්තේය. එය කෙසේදැයි ලුහුඩින් විමසා බැලිම වැදගත්වේ.
    කිතුවසරට පෙර 3000 සිට වසර 2457 ක කාලයක් අඛන්ඩව පවත්වාගත් හෙළයින්ගේ නිදහස් නිවහල් රජ්‍ය පාලනය ප්‍රථම වරට විදේශකයෙකු හට පරාධීත වුයේ කිතුවසරට පෙර 543 වැන්නේ දීය. ඒකල ලක්දිව බට දකුණු ඉන්දියානු විජය නම් සිංහල ගෝත්‍රික රජවරුන් ඝාතනය කර බලය අල්ලා ගැනීමෙන් පසුව ය. ලක්දිව ප්‍රථම නිදහස් සටන ඇරඹියේ මෙම සිංහ ගෝත්‍රික රජවරුන් ඝාතනය කර බලය අල්ලා ගැනීමෙන් පසුව ය. ලක්දාව ප්‍රථම නිදහස් සටන ඇරඹියේ මෙම සිංහ ගෝත්‍රික පාලනයට එරෙහිවය. ඒ සඳහා වෙල්ලස්සේ රණවිරුවන් දායකත්වය ලබා දුන්නේ කෙසේ දැයි විමසා බලමු.
    වසර 38ක කාලයක් විජයගේ පාලනයෙන් පසු උපතිස්ස නුවර (පසුව අනුරාධපුරය) පාලනය ඔහු ඥාති සහෝදර පඬුවස් දෙව් හට පැවැරිණි. එසමයේ උතුරු ඉන්දියාවේ සිට ගෝකණණ තොටින් (වර්ථමාන ත්‍රිකෝණාමලය) ලක්දිවට පැමිණි ශාක්‍ය වංශික භද්දකචිඡානා කුමරිය ඔහුගේ මෙහෙසිය වුවාය. පසුවභද්දකචිඡායනා සොයා පැමිණ ඇගේ සහෝදරියින් සයදෙනෙක් මහවැලි ගඟඅසබඩ ජනපද පිහිටුවාගෙන එහි විසුහ. එයින් සොහෝයුරයන් දෙදෙනෙක් මහවැලි ගඟ පහළට පැමිණියේ ගලඔය හා කිරිදිඔය අතර එක් ජනපදයක්ද කිරිදිඔය හා වළවේ ගඟ අතර ජනපදයක් ද පිහිටුවා ගත්හ. ගලඔය හා කිරිදිඔය අතර දිඝායුග්‍රාමය නම් වු අතර කිරිදිඔය වළවේ ගඟ අතර රා්හණ ගම නම් විය. දීඝායු කුමරු ඒ සමිපයේ විසු යක්ෂගෝත්‍රිකයින් සමඟ සුහදත්වය ඇත් කරගනිමින් එම කුමරියක් සරණ පාවා ගත්තේය. ඇය දීඝගාමාණි නම් පුතකු ලද්ධිය. දීඝගාමිණි යක්ෂ ගෝත්‍රය හා ශාක්‍යය වංශය එක්වීමෙන් ජනිතවුවකු හෙයින් හේ නියම හෙළ දරුවෙකු වුයේය.
    වඅඩිවියටපත් දීඝගාමිණි අනුරාධපුරයට ගොස් සිය නැන්දනියගේ එනම දියණිය වු චිත්‍රා සමඟ විවාහ වුයේය. ඔවුහු පණ්ඩුකාභය නම් පුත්කුමරකු ලද්හ. පණ්ඩුකාභය යක්ෂ ගෝත්‍රික රුහිරයෙන් උපන් අයෙකු නිසා ඔහු මරා දැමිමට සිංහ ගෝත්‍රිකයේ උත්සහා කළහ. එහෙත් යක්ෂ ගෝත්‍රික චිත්තරාජ හා කාලවේල ඔහුට නිරන්තර රැකවරණය ලබා දුන්හ. අනුරාධපුරයෙන් දොරමඩලාවට රුගෙන ගිය කුඩා පණ්ඩුකාභය දසවිය තෙක් එහි වැඩුණේ සිංහ ගෝත්‍රකයින් ඔහු මරාදිමිමට කල ප්‍රයත්නනයත් හමුවේය. මේ තත්වය නිසා පණ්ඩුකාභය දොරමඩාගමෙන් පිටවී සිය මුතතුවන්ගේ දිගාමඩුල්ල රජදහනටම පැමිණයේ එහි විසු යක්ෂ ගෝත්‍රික පණඩුල ආචාර්යවරයාගෙන් අධ්‍යාපනය ලබාගත්තේය. පණ්ඩුලගම මරගල කඳු වැටිය සමීපයේ පිහිට් ගම්මානයකි.
    පණඩුල ඇදුරුසිය ඥාති දරුවට ගිල්ප ඉගැන්වීමෙන් පසුසිය පරපුරට සිංහ ගෝත්‍රකයින් කළ විනාශය විස්තර කර දුන්නේය. ඉන්පසු යක්ෂ ගෝත්‍රික රණකාමි සේනාවක් සංවිධානය කළ දුන් ඔහු අනුරාධපුරයට ගොස් තමන්ට උරුම රජනම ලබාගන්නා ලෙස දැන්විය විජාතික සිංහ ගෝත්‍රිකයින් ගෙන් පක්දිව නිදහස් කර ගැනීමේ ප්‍රථම සටන සිගාමඩුල්ලනේ ඇරඹු පණ්ඩුකාභය අන්රාධපුරයට ගොස් සිංහ ගෝත්‍රිකයාන් සමුල ඝාතනය කර නැවතත් ලක්දිව යක්ෂ ගෝත්‍රික හෙළ රාජයක් පිහිටුවිය. කිතුවසට පෙර 437 වැන්නේ ඇරඹේ කව හෙළ රජය විවිධ බාධාවන් මධ්‍යෙය් කිතුවසට පෙර 205 වැන්න දක්වා වසර 232 ක කලක් අඛන්ඩව පැවතිණි.
    දෙවැනි පෑ තිස්ස රජුගේ පාලනයෙන් පසු (කිතුවසට පෙර 307) රජරට පාලනය දුර්වල වී ගිය හෙයින් වරින් වර ඉන්දියානු සොබලුන්ගේ ආක්‍රමණ සිදුවිණී. අවසාන කිතුවසරට පෙර 205 වැන්නේ මුටසීව රජු කණිටු පුත්අසේලගෙන් රාජ්‍ය පැහැරගත් එළාර නම් සොළි රජ වසර 44ක් පුරා රජරට පාලනය කළේ දෙවන වරටත් රට පරාධිතකැමිණි.
    එම අවධියේ අනුරාධපුරයේ සිට රුහුණට පැමිණියේ එහිදී සිය ගැබීගත් බිසව ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නට වුවාය. එහිදී ඇය පුතකු ලද්දීය යටාල නම් තැනදි ජනිවු හෙයින් ඔහුට යටාලතිස්ස යැයි නම් තැබූ මහානාගයෝ එයින් පසු ඉපැරණී දිගාමඩුලු ජනපදයට ගොස් එහි මහගම නමින් සිය රාජධානිය පිහිටුවා ගත්හ. මහානාගෙන් පසු යටාලතිස්ස මහගම පාලකයා වුයේ ය. වෙල්ලස්සේ ජනිත වු ප්‍රථම රජු ද ඔහුය.
    එකල දකුණු දෙස කනරගම හා සඳුන්ගම නමින් ශාක්‍යය වාංශික රාජ්‍යයන් දෙකක් විය. යටාලතිස්ස ඒ රජදහන් කෙරෙහි අවධනය යොමු නොකලේ සියරජසහන පමණක් පාලනය කෙළේය. යටාලතිස්සගෙන් පසු රාජ්‍ය භෘරගත් ඔහු පුත් ගෝඨාභය කතරගම සහ සඳුන්ගම රාජ්‍යයන් සමඟ සටන් කොට ඔවුන් පරාංය කරමින් ඒවා මහගම රාජ්‍යයට සවිබල කරගත්තේය. ඉන්පසු දිගාමඩුලු ජනපදයේ තිබුණු මහගම රාජ්‍යය කතරගම ගෙනා ගෝඨාභය එහි සිට මුළු දකුණු ලතම පාලකය කෙළෙය. එය රුහුණු දනව්ව නම් විය.
    රුහුණු දනව්වෙ අග නගරය කතරගම වියත මහානාගපුත් කාවන්තිස්ස ජනිත වුයේ කතරගමදීය. ගෝඨාභය කනරගම සිටිය දි කාවන්තිස්ස දිඝාමඩුල්ල පාලනය කෙළේය. එහිදි විහාරමහා දේවිය මෙහෙසිය කරගත් ඔහු ගෝඨාභයගෙන් පසු කනරගමට පැමිණ එහි සිට රුහුණ පාලනය කෙළේය. දුටුගැමුණු කුමරු සහ සද්ධාතිස්ස කුමරු ජනිතවුවෝ කතරගම දීය. වෙල්ලස්සේ ජනිත වු සිව් වැනි සහ පස්වැනි රජවරුන් වුවෝ ඔවුහුය.
    දුටුගැමුණු කුමරු රුහුණේ පාලනයභාරගන්නා විට රංරට සෙළි පාලනයට දසක හතරක පමණ කලක් ගතවී තිබිණි. සෙළීන් පන්නා දමා රට නිදහස් කර ගෙන එක්සත් රටක් ගොඩනැගිම දුටුගැමුණු කුමරුගේ එනම අභීලාශය විය. ඒ සඳහා රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරිම අතවශ්‍යය කරුණකි. ඒ උදෙසා සද්ධාතිස්සයන් දිගාමඩුල්ලට යැවු ගැමුණු කුමරු පියාණන් විසින් පුහුණු කරවන ලද දසමහා යෝධයින් සමඟ එක්ව සේනාව සංවිධානය කිරිමේ නිරතවිණි.
    විදේශිය පාලනයෙන් ලක්දිව නිදහස් කර ගැනීමේ දෙවන සටන දුටුගැමුණු රජු විසින් අරඹන ලද්දේ වෙල්ලස්සේ ගුත්තහාල නුවර යදඟනා පාටායෙනි. එම ස්ථානයට එක් රොක්වු වෙල්ලස්සේ විරෝධාර රණවිරුවෝ මහත් පෙරහරින් කිරිගම (බඩල්කුඹූර) මැදගම උයන්තොට (මැදගම) තුන්ගම් කසට පිටිය (දැවිබරාව) (මහියංගනය) අදි ගම්මාන පසුකොට කසාතොටින් මහවැලි නදිය තරණය කලේ පොළොන්නරුව විජිතපුරයට වන්හ. එහි සිටි සොළීන් පන්නා දමා විජිතපුරයගත් ගැමුණු සේනාවේ අනුරාධපුරයට පිවිස සිවි සාළිස් වයස් එහි රජකළ එළාර නම් සොළියා වනසා රජරට නිදහස් කර ගත්තේ දෙවැනි නිදහස් සටන නිමා කළහ.
    කිතුවසරට පෙර 103 වැන්නේ ඇරඹී වලගම්බාවන්ගෙන් රට සොළින් ගෙන් බේරා ගැනීමේ සටන වෙල්ලස්සෙන් ඇරඹි තෙවනි සටන සේ සැලකිය හැකිය. වලගම්බාවන් රජරට ලබාගෙන (කිතුවසරකට පෙර 103) ඉතා කෙටි කලකින් ම සොළි හු රජරට ආක්‍රමණ්‍ය කළහ. ඔවුන්ගේ විශාල සේනාවට මුහුණ දිමට නොහැකි වු ඔහු රජරට හැරදමා රුහුණේ උතුරු පෙදෙසට පැමිණියේ වසර 13ක් එහි සැඟවි සිටිමින් සේනාව සංවිදානය කෙළේය. ඒ අනුව වෙල්ලස්සේ වනාන්තර වල තිබුණු ගිරිලෙන් බොහෝ සංඛ්‍යෘවක් බොදු වෙහෙරබවට පෙරළිය. වැල්ලවායේ රක්හිතකන්ද ලෙන් විහෙර එයට සාධන වේ. අනතුරුව සේනාව සදඟ අනුරාධපුරයට ගිය වලගම්බාවෙන් කිතුවසරට පෙර 87 වැන්නේදී සොළීන් පන්නාදමැ රජරට යළි හෙළ රජයක් පිහිටුවීය. වෙල්ලස්සේ රණකාමි ජනතාව සහභාගි වු තෙවැනි නිදහස් සටන එය විය.
    කිතුවසින් 1050 වන විට රජරට සම්පුර්ණයෙන් මැ සොළීන්ය නතුවී තිබිණි. මේ අධියේ අනුරාධපුර විසු සිංහල ප්‍රභූවරු බෝහෝ දෙනෙක් රුහුණට ගොස් සැඟවි ගත්තා. මේ අතර මුගලන් හා ලෝකිතා යන දෙදෙනා වුහ. ඔවුහු රුහුණු රට මුලසලගම (වත්මන් මොනරාගල නගරය පිහිටි මුප්පනේ ගම වේ) වාසය කළහ. ඔවුන් දෙදෙනාගේ පුත් වන කීර්ති කුමරා ලක්දිව සෙළින් ගෙන් මුදාගන්නා උපාය සොයමින් සිටියේය. එවකට මරගල විසු බුද්ධ රාජ සහ දේවචල්ල යන රණශුරයින් දෙදෙනා ඔහුට ආරක්ෂෘව ලබා දෙමින් ඔවුහු සමඟ සිටියහ. වෙල්ලස්සේ රණකාමි දේශප්‍රේමී ජනයාද ඔහු වට රොක් වුහ. 1055 දී හෝ රුහුණු රට රජු වශයෙන් ප්‍රකාශයට පත් කරමින් නව පාලනයක් රුහුණූ ඇති කළේය.
    ඔවුහු අපට හිරිහැර කිරීම අත්නොකළහ. ඉන්පසු කතරගම රජකල ලෝකේශ්වර සහ කාශ්‍යප යන රජවරුන්ද යුද කොට ඔවුන් පරාජය කෙළේ විජයබාහු නමින් කතරගම බසිය රාජධානිය පිහිටුවා ගත්තේය. සොළීන් පක්දාවෙන් පලවා හැරීමේ සටන අරඹනු ලැබුවේ එතැන් සිටය.
    රණකාමයෙන් හා දේශප්‍රේමයෙන් ඔද වැඩිගිය රුහුණු රට වැසියෝ ඔහු වටා රොක් වුහ. සේනා සංවිධානය කළ හෝ සියලු බාධා මැඩලමින් මාර්ග තුනකින් සේනා මෙහෙයවමින් රජරට ආක්‍රමණය කොට සොළීන් පළවා හැර ලක්දිව නිවහල් නිදහස් එක්සත් රාජ්‍යයක් ගොඩ නැගීය. ඉන්පසු පොළොන්නරුව සිය රාජධානිය බවට පත්කර ගත් හෝ එහි ප්‍රථම රජු බවට පත්වු‍යේය.
    විදේශීය බලවේගයන්ගෙන් ලක්දිව නිදහස් කර ගැනීමේ සිව්වන සටනද වෙල්ලස්සේන් ඇරඹි වග සටඑන් කරන්නේ මහත් අභිමානයෙනි.
    වසර දහස් ගණනක් තිසිසේ අඛණෟඩව පැවැතුන නිවහල් බව, අවංක හා සත්‍යය වාදි බව යන විශේෂ ගුණෘංගයන් ප්‍රතිපත්තිගරුක බව අවංක හා සත්‍යයවාදි බව යන විශේෂ ගුණාංගයන් විසින් පෙළෙවනු ලැබු වෙල්ලස්සේ විරෝධාර ජනතාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වාදින්ට එරෙහිව පස්වන නිදහස් සටන ඇරඹුවෝ 1817 ඔක්තෝම්බර් මාසයේදිය. සටන කෙතෙක් උග්‍රවීද යැයි කිවහොත් "පෙරදිග අප සටන් කෙළේ අපේ ගරු නම්බුව අභිමානය රැකගැනීම උදේසාය." යනුවෙන් කියමින් හඩා වැටිමට තරම් සුද්දෝ බියෙන් වෙවුලා ගියහ.
    එහෙත් අනපේක්ෂීත ලෙස ඉන්දියාවෙන් ලැබුණ යුද සහාය නිසා දිරිමත් වු ඉංග්‍රිසි හමුදාවෝ ඉතා ධෘද්‍රන්ත ලෙස සටන මැඩපැවැත්වුවෝ සශ්‍රිකත්වයෙන් පිරි තිබුණු වෙල්ලස්ස බිම මුඩු බිමක් බවට පත් කරමිණි. ඔවුහු නිරායුද අහිංසක පිරිමින් කුඩාවාගේ සිට මහල්ලා දක්වා කෙළොසමින් කුරිරු ලෙස මරා දැමුහ. වැව් අමුණු දස දහස් ගණනක් කඩා බිඳ දැමුහ. ගහකොළ පවා බිම හෙබිහ. දන ධාන්‍ය පැහැර ගත්හ. මේ අති මිනිස් සාත්‍යයට බියපත් වු වෙල්ලස්සේ අහිංසකයෝ ගම්බිම් හැරදමා වන ගත වුහ.
    නිදහස් සටන පැරදුණ ද ඔවුහු අපට හිරිහැර කිරිම අත් නොහළාය. අපේ ශක්තිය ,ධෛර්යය , මැඩලීම උපක්‍රමශිලිව කටයුතු කළහ. වසර දහස් ගණක් තිස්සේ හෙළයන් පාලනය කළ මීරා මධ්‍යාසාර වෙනුවට ගත, සිත, දුබල කරන අරක්කු වැනි සැර මධ්‍යාසාර වලට අප පුරුදු කළහ. එහින් අපේ සිතේ ශක්තිය ශරීර ශක්තිය හීන කළහ. "බුත්තල වැදිරට" වැනි ලේකම් කොට්ඨාශ ඇති කොට අපි වැද්දන්සේ සමාජයට හදුන්වා දෙම්න් හීනමාන අප අකර වර්ධනය කළහ. මේ නිසා දියුණු යැයි සම්මත සමාජය තුල අපට සිදු වුයේ උකටලීව කොන් වී සිටිමටය.
    අප නිදහස් ලා සැත්තෑ වසර ලැබීමට ආසන්න නමුත් සුද්දන් විසින් අපට සිදුකල අසාධාරණ විනාශය නිවැරදිව කිරිමට මෙතෙක් කිසිදු ප්‍රයනත්යක් ගෙන නොතිබිව කනගාටුදායකය. අප තවත් නිහඩව සිටිමුද? යි සිතා බැලීමට දැනු කාලය එළඹ ඇත.
    අවදිවෙමු, එක්සත්ව, එක්සිත්ව එකමුතු වෙමු, වෙල්ලස්සේ අභිමානය යළි ගොඩනගමු.


    එකමුතු වෙමු https://indrakeela-wellasse-handa.blogspot.com
    Last edited by thushan10; 07-15-2017 at 06:43 PM.

  2. #2
    Senior Member KNN is on a distinguished road KNN's Avatar
    Join Date
    Jan 2016
    Location
    wrestling ලෝකෙ
    Posts
    156
    Likes Received
    0 times

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts