Story Of the Infinity Gems...


+ Reply to Thread
Results 1 to 4 of 4

Thread: Story Of the Infinity Gems...

  1. #1
    Top Contributor chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about
    Join Date
    Dec 2015
    Posts
    157
    Likes Received
    0 times

    Story Of the Infinity Gems...





    Story Of the Infinity Gems...
    ==============================================

    අවුරුදු 10ක් ෆිල්ම් 18ක් පුරාවට marvel එක ගේම ගැහුවේ මේ එක කතාවක story එක back කරන්න කියලා හිතනකොට පිස්සු වගේ නේ ? ඔවු කතාව ඇත්ත ...අපි කතාව ගැන පොඩ්ඩක් බැලුවාම මේ thanos කියන හාදයා universe එකේ එහා කොනේ ඉඳන් මෙහා කොනටම මෙච්චර දුරක් earth එකම හොයාගෙන එන්නේ ඇයි ? මොකක්ද හේතුව ? ඇතටම මන් කලින් post එකේදී පොඩි සඳහනක් කරා thanos ඇයි මේ මෙච්චර වන්නම් නටලා ගේම ගහන්න එන්නේ කියල...ප්‍රධානම හේතුව තමයි පුංචි gem 6ක් ..පුංචි ? පුංචි වුනාට පුතේ මේ gem 6 තමා විශ්වයේ powerful ම creation එක ..powerful කියන වචනෙට තේරුමක් තිබුනොත් ඒ තේරුමටත් එහා ගියපු power එකක් මේ gem 6 සතුව තියෙනවා...infinity ප්‍රමානයක් ..ඉතින් ඉන්ෆිනිටි කියන්නේ ගානක්ද ? ප්‍රමාණයක් ද ? නෑනේ ..(scientific මගුල් හිතන්නෙපා -_- ) ඒ වගේ තමයි මේ gem සතුව ඇති බලයත් අන්න එහෙමයි ...එහෙමනම් මේ gem 6ම එකතු උනාම ලැබෙන බලය... ? හිතාගන්නවත් බෑනේ ... ? අන්න ඒකයි අපි මේවාට infinity gem කියන්නේ ..කොමික් වල මෙව්වා මුල් කාලේ soul gem විදියටත් හැඳින්වුවා ...අද අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු කෙටියෙන් ..සහා මම ජේම් එකේ පාට අන්තිමට කොහේ තිබුනේ අරම මේම මේ අපි වර්තමානේ වෙනකොට ගොඩක්ම දන්නා සීන් ලොකුවට කතා කරන්නේ නෑ මචන්..මොකද ඒවා කොහොමත් අපි දන්නවා නේ ..දන්නේ නැති අය film ටික බලලා ඉමු මුලින්ම..නැත්තන් ලල් එක නැති වෙනවා ..

    හරි එහෙනම් මෙන්න මේකයි කතාව ..infinity gem වල origin ස්ටෝරි කිහිපයක්ම තියෙනවා...ඒ අතරිනුත් comic books වල එන thanos විසින්ම අපිට කියන කතාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු අපි....බොහොම ඈත කාලෙක..ඈත කාලයක් ලෙස කියන්නේ කාලය කියන සංකල්පය හැදෙන්නත් කලින් නෙමසිස් කියලා කෙනෙක් existence එකේ හිටියා...ඇතටම මෙයා නයි ඔමිනිපොටෙන්ට් වර්ගයට අයිති කෙනෙක්...ඒ කියන්නේ මෙයා විශ්වයේ මෙතෙක් කල් existence එකේ හිටපු ඉතාමත් ප්‍රබලම ජීවියෙක් ..කොයිතරම් ද කිව්වොත් මෙයාට කොයිතරම් powers තොගයක් තියද කිව්වොත් ඒ මොනවද කියලවත් ගණන් කරගන්න තියා හිතන්නවත් බෑ...ඒත් මේ කාලේ universe එකේ existence එකේ හිටපු එකම කෙනා, දෙය මෙයා විතරයි.ඒ වගේම මෙයා බොහොම තනියම හුදෙකලාව හිටපු නිසා බොහොම දුකෙන් හිටියේ..ඉතින් මේ lonliness එකට end එක දෙන්න මෙයා තවත් life forms වලට ජීවය දුන්නා...ඒත් ඒක මෙයා හිතපු තරම් හොඳට වුනේ නෑ මොකද මෙයාගේම මේ creations ටික ටික evil වෙන්න ගත්තා ..මෙයාට එරෙහිව යන්න පවා පුළුවන් තරමට පරිනාමය වෙන්න ගත්තා...මෙන්න මේ නිසා මෙයාට මෙයා හදපු creation ඔක්කොම ආයෙම විනාස කරන්න සිද්ද වුනා...නැවතත් මෙයා අර කලින් වගේ පරණ විදියට මුළු විශ්වයේම තනි වුනා.මෙයා කොයිතරම් කාලයක් තනි වුනාද කිව්වොත් මෙයා අවුරුදු බිලියන ගානක් මෙහෙම ඉඳලා තීරණය කළා මෙයාගේ existence එක නැති කරගන්න. සරලවම කිව්වොත් කොස්මික් level එකේ suicide එකක් .. :')

    මේකෙදි ඉතාමත් ලොකු පිපුරුමක් සමඟ universe එක ආයෙමත් reborn වුනා...මේ universe එක විතරක් නෙවේ මුළු multiverse එකම .ඒත් මෙයාගේ power එක ඒතරම් ලේසීයෙන් existence එකෙන් නැති කරන්න බෑ...මෙයා නැතිවෙලා ගියාට මෙයාගේ power එක එකතු වෙලා දැනට existence එකේ තියන සෑම universe එකකම reality 7 කින් ජෙම් 7ක් හැදුනා...ඇත්තටම අපි කතා කරන්නේ mind , reality ,time ,power , soul , space ජෙම් ගැන විතරක් වුනාට හත් වෙනි gem එකකුත් කොමික් වල සඳහන් වෙනවා ..ඒ තමයි ego gem එක . මේ ego කියන gem එකේ තමා නෙමෙසිස් ගේ consciousness එක තැන්පත් වෙලා තියෙන්නේ ..මේ gem එක අපි කවුරුත් නොදන්නා ultra verse කියලා realm එකක තමයි තැන්පත් වෙලා තියෙන්නේ... ultra verse එක සමග crossover වෙන එක කොමික් ස්ටෝරියක තියනවා loki මේ ego gem එක උස්සලා අනිත් gem 6ත් එකතු කරලා නෙමසිස් ව ගෙන්නන සීන් එකකුත් . කොහොම හරි මුන් මේ ego gem එක විනාස කරලා අනිත් infinity gem ටික විශ්වය පුරාම විසිරුවන scene එකක් තමයි ඒ origin එකේ සඳහන් වෙන්නේ...

    ඊලඟට අපි දන්නා legit ම origin එක තමයි අපිට mcu එකේ අපිට අහන්න ලැබෙන theory එක ..ඒකේ සිද්ද වෙන්නේ මෙන්න මෙහෙමයි මේ විශ්වය මහා පිපිරුමකින් නිර්මාණය වෙනකොට ඊට ඈත අතීතයේ සිටම විශ්වයේ තිබුන singularities 6ක් තිබුනා ..මේවා තමයි සියල්ලගේම ආරම්බය සහ පැවැත්මේ මූලික සංකල්ප වුනේ ..ඉතින් පිපිරුමෙන් පස්සේ
    විශ්වය නිර්මාණය වුන මුල්ම සමයේ cosmic entities කියලා විශ්වයේ සිටින පැරනිතම සහා බලවත්ම ජීවීන් විශේෂයක් මේ singularities 6 තියන තත්ව ගැබ් කරලා මේ ඉන්ෆිනිටි stone එහෙම නත්නම් infinity gem නිර්මාණය කරා .. ඇත්තටම Death, Entropy, Infinity and Eternity කියන හතර දෙනා තමා මේවා හදලා තියෙන්නේ.ඉටර්නිටි කියන්නේ සරලවම කිව්වොත් යුනිවර්ස් එකේ සෝල් purpose එක represent කරන කෙනා ඒ කියන්නේ යුනිවර්ස් එකේ පැවැත්ම , ඉන්ෆිනිටි කියන්නේ යුනිවර්ස් එකේ දැනට තියෙන හැම දෙයක්ම expand වීම represent කරන කෙනා ...(universe එක ටිකෙන් ටික grow up වෙන එක ) universe එකේ විනාශය වීම දක්වාම ...එන්ට්‍රොපි සහා ඩෙත් කියන්නේ අර දෙන්නාගේ කවුන්ටර් පාට් කිව්වොත් හරි...ඉටර්නිටි සහා එන්ට්‍රොපි යුනිවර්ස් එකේ ලයිෆ් එක සහා පැවැත්ම represent කරනවා වගේම එන්ට්‍රොපි සහා ඩෙත් යුනිවර්ස් එකේ විනාශය නියෝජනය කරනවා ..එන්ට්‍රොපි කියන්නේ end එක ඩෙත් කියන්නේ death එක represent කරන අය...මන් කලින් පෝස්ට් එකේ කිව්වා thanos මේ ඔක්කොම කරන්නේ මිස්ට්‍රෙස් ඩෙත් ව impress කරන්න කියලා ...ඉතින් thanos chaos එකක් කරලා විශ්වය විනාස කරන්න යන්නේ ඒකයි ...mcu එකෙත්
    avengers 1 ක්‍රෙඩිට් scene එකක පොඩි සඳහනක් යනවා ඒ ගැන ..

    මේ මන් කතා කරන දෙවැනි origin එකේ හැටියට ඇයි මේ ඉන්ෆිනිටි ජෙම් හැදුවේ කියලා ප්‍රශ්නයක් තියෙනවා...ඒත් මන්නම් හිතන්නේ යුනිවර්ස් එකේ බැලන්ස් එක පාලනය කරන්න පුළුවන් දෙයක් නිසා. මේ gem හදපු එක පොඩ්ඩක් legit කියලා හිතෙනවා .

    මේ එකම පවුලේ 4 දෙනාටම විවිධ අරමුණු තියෙනවා...විනාශ කරන්න, ජීවය පවත්වා ගන්න , කාලය පාලනය කරන්න වගේ ..ඔවු මෙයාලාට විවිධ අරමුණු තිබුනා වුනාට මෙයාලාගේ පැවැත්ම තමා විශ්වයේ සමබරතාව තීරණය කරේ ..ඉතින් මෙයාලා හදපු මේ gem 6 තමා විශ්වය පුරාම විසිරව ගිහින් විවිධ කොමික් කතා මාලාවන්ගෙන් වගේම මේ mcu එකේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ .
    ..

    Space gem:

    මෙම gem එකෙන් අවකාශයේ ඕනෙම තත්වයක් පාලනය කරන්න වගේම වෙනස් කරන්න පුළුවන්..සරලවම කිව්වොත් physics laws මේකට අදාලම නෑ මේක පාවිච්චි කරන කෙනා සිතන ආකාරයෙන්ම space එකට අදාලම ඕනේ දෙයක් alter කරනන හැකියාව මේ gem එකට පුළුවන්..උදාහරණයක් විදියට මේ gem එක තියෙන universe එකේ ඕනෙම තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්න power එක හම්බෙනවා තව වස්තු දෙකක් අතර තියෙන දුර වෙනස් කරන්න පුළුවන් ඒ වස්තුව කුමන ප්‍රමාණයක දෙයක් වූවත් ,ඒ වගේම තෝරාගත් ඕනෙම දෙයක් එකවර කිහිප තැනක තියන්න පුළුවන්.
    කොමික් වල අපි මේ ජේම් එක දම්පාට එකක් විදියට තමයි දකින්නේ ..mcu එකට එනකොට මේක tesseract කියලා වෙනම cube එකක තමා contain වෙලා තියෙන්නේ...අපි movie එකක නම් අන්තිමට මේක දැක්කේ ඔඩින්ගේ වෝල්ට් එකේ දී..

    වරක් thanos quest කියන කොමික් issue එකේ දී thanos space gem එක හොයාගෙන universe එක පුරාවට යනකොට මෙයාට Runner කියලා විශ්වයේ පැරනිම ජීවියෙක් ළඟ මේ gem එක තිබිලා හම්බෙනවා .Runer ඇත්තටම විශ්වය පුරාම වේගයෙන් ගමන් කරනවා කියලා dial එක හිතාගෙන හිටියාට thanos මුල ඉඳලාම meter කරන් ඉන්නේ මේ Runner ට තියෙන ability එකක් නෙවෙයි මේ Space gem එකෙන් එන power වලින් තමයි මු මේ දේවල් කරන්නේ කියලා..සරලව කිව්වොත් space gem එක විසින් runner ගේ mind එක කියවලා...runner හිතලා ඉවර වෙන්නත් කලින් runner ට ඕනේ තැනට ගෙනියනවා..ඇත්තටම runner ඒ වෙනකොට teleport වීමක් වෙන්නේ .

    අපි mcu එක පැත්තට ආවොත්

    Time gem :

    Time gem එකෙන් ඇත්තටම කාලය කියන aspect එක පාලනය කිරීමක් තමයි වෙන්නේ ..මේ gem එකේ power එක පාලනය කරන කෙනෙක් ට කාලය පුරාවට ගමන් කරනවා වගේම කාලය තුලින් දකින්නටත් පුළුවන් හැකියාවක් තියෙනවා ..තව කාලය නවත්තන්න ,slow කරන්න speed කරන්න ..දෙයක් හෝ කෙනෙක් ව බලන් ඉද්දි වයසට යවන්න වගේම පොඩි එකෙක් කරන්න උනත් පුළුවන්.තව ටයිම් ලයින් එකේ විවිධ කාල වල එකම වෙලාවේ exist වෙන්න පුළුවන් හැකියාව මේ gem එකෙන් ලැබෙනවා .
    mcu එකේ නම් මේ time gem එක අපිට දකින්න පුළුවන් වෙන්නේ doctor strange ගේ අයි ඔෆ් ඇගමොටෝ කියන නෙක්ලස් එකේ තියෙන කොලපාට gem එක විදියට..

    Power gem :

    Power gem එක තමයි ඇත්තටම කිව්වොත් අනිත් gem පහේම foundation එක වෙන්නේ ඒ මොකද කිව්වොත් marvel universe එකේ හැටියට මුළු විශ්වයේම තිබෙන සහා තියෙන්න පුළුවන් සියලුම ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ මේ gem එක ඇතුලෙ .අන්න ඒ නිසාම මේ power gem එකට battery එකක් විදියට ක්‍රියා කරන්න පුළුවන් අනිත් gem 5 ටම...ගොඩක් වෙලාවට මන් කලින් mention කරා වගේ space gem එකට එකවර විශ්වයේ කිහිප පලක එයාගේ owner ව teleport කරන්න power gem එකේ අමතර energy එක උවමනා වුන අවස්ථා ගොඩාක් තියෙනවා ..
    power gem එක gauntlet එකේ නැතුව thanos අනිත් gem 5 ම use කරාට වැඩක් නෑ මොකද ඒ gem වලට ඒ වයේ full capacity එකට එන්න බැහැ.දැන් හිතා ගන්න පුළුවන්නේ ඇයි thanos මුලින්ම xandar වලට ගිහින් power gem එක අරගෙන ඊට පස්සේ space gem එක හොයාගෙන එන්නේ කියලා ? ..

    Mind gem :

    Mind gem එක ගැන කතා කරොත් අපි සරලවම මේක දාගන්න කෙනාට universe එකේ ඉන්න සියලුම දෙනාගේ mind වලට එහෙම නැත්තන් subconscious එකට එකවර connect වෙන්න පුළුවන්.මේ gem එකේ power එකෙන් ඕනෙම කෙනෙක් ගේ mind එක alter කරන්න පුළුවන් හැකියාව තියෙනවා.තව මනස කියවන්න පාලනය කරන්න වගේම rewrite කරන්න උනත් පුළුවන් හැකියාව තියෙනවා ..තව ඕනෙම කෙනෙක්ගේ mind එක විනාශ කරන්න උනත් පුළුවන් එයා මොන තරම් dial එකක් වුනත් .Mind gem එක නම් mcu එකේ අපි මුල ඉඳලාම දැකපු එකක්..මොකද thanos ගාව ඒක තිබුනා thanos loki ට mind gem එක contain වෙලා තියන scepter එක දුන්නාම.. loki ඒකෙන් හෝක් අයි , එරික් සේල්විග් වගේ අයව තමන්ගේ යටතට ගන්නවා අපි දැක්කා අපි .කොහොමහරි hydra එකෙන් shield එක invade කරයින් පස්සේ gem එක ඇතුලුව scepter එක ස්ට්‍රකර් ඇතුලු hydra scientist ලා ගාව තිබුනේ...ඒකෙන් scarlet witch ව සහා quick silver (mcu version ) හදනවා අපි දැක්කානේ ..පස්සේ ඕක use කරලා tony & bruce vison ව හදනවා...එවෙලේ තමා scepter එකෙන් mind gem එක එලියට ගන්නේ ..කෝම නමුත් මේ මොහොත වෙනකොට gem එක තියෙන්නේ vision ගේ නළලේ :')

    Soul gem :

    soul gem එකට වෙනත් කෙනෙක්ගේ soul එක එහෙම නැත්තන් ආත්මය තමන්ට ඕනේ විදියට පාලනය කරන්න පුළුවන්...සරලවම කිව්වොත් living වගේම dead වුනත් පාලනය කරන්න හැකියාව මේ soul gem එකෙන් posses කරනවා ..
    තව පට්ට කතාවක් මේ ගැන තියෙනවා සමහරු මේක අහලත් ඇති ඒත් සමහරු දන්නේ නැතුව ඇති ..soul stone එක soul world කියලා ල inter dimensional ලෝකෙකට connect වෙනවා ..මේ තුල එක එක අයගේ souls හිර වෙලා තියෙනවා ..ඇතටම ඒ soul gem එක විසින් හිර කරපු අය හෝ soul gem එක පාලනය කරන්න ගිහින් කෙල වුන අය වෙන්න පුළුවන්...මන් අර කලින් මතක් කරා වගේ කොස්මික් එන්ටිටි ලා 4 දෙනා මේක හදපු විදියට මේකේ purpose එක souls trap කරගන්න එක තමයි . මේක මුලින්ම marvel කොමික් එකට හඳුන්වලා දුන්නේ warlock issue 1 කියන comic එකෙන් ..ඒකේ විදියට හයි එවලූශනරි කියන ජීවීන් විසින් මෙයාට soul gem එක දෙනවා counter earth එකේ මෙයාලාගේ mission එකකට ..(ඒ කතාව පස්සේ කියන්නම් ඉතින්..ඉන්ෆිනිටි gem ගැන අද )

    Reality gem :

    ඔන්න ඉතින් අන්තිම infinity gem එක තමයි මේ reality gem එක ..ඒ වගේම මගේ මතය හැටියට මේක තමයි මේ gem 6න්ම දරුණුම gem එක ..ඇයි ඒ ? මෙන්න මේකයි කතාව මේකේ තියන power එක තමයි මේක පළඳින ඕනේ කෙනෙක්ට existence එක / යථාර්ථය වෙනස් කරන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්ම.මේ gem එක සියලුම universal laws , තර්ක ඔක්කොම තමන්ගේ ස්වාමියාගේ කැමැත්ත මත වෙනස් කරනවා.අනික පුතේ මේ gem එක use කරන එකත් එහෙම ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙවේ මොකද හරියට මනසේ power එක නැති වුනොත් මේක පළඳින එකා පිස්සෙක් වෙලා තමයි නවතින්නේ ..thanos එක කොමික් එකක the collector ගෙන් මේ gem එක පන්නලා collector ට එරෙහිවම use කරනවා collector වටේ තිබුන reality එක corrupt කරනවා..අන්තිමට ඩයල් එකට පිස්සු හැදෙනවා.. collector වගේ primordial being කෙනෙක්ටත් ගේම දෙන්න පුළුවන් power එකක් මේකට තියෙනවනම් ඉතින් පිස්සු කොර නේ ..

    ආයේ mcu එක පැත්තට එමු .. අපිට මේ reality gem එක දකින්න ලැබෙන්නේ thor 2 එකේදී ...reality gem එක mcu එකේ හැ ටියට තව දුරටත් gem එකක් විදියට solid state එකේ නෙවෙයි තියෙන්නේ..ඒක liquid එකක් විදියට පොලොව යට තියෙන toomb එකක තමයි තියෙන්නේ jane frost ඒක හොයාගන්නකන්.අපි මේකට කියන්නේ aether කියලා .කොහොම හරි thor එකේ අන්තිමට මේක collector ට දෙන බව අපි දැක්කා..ඊටපස්සේ අපි leaked footage එකක thanos collector ව හොයාගෙන ගියපු scene එකකුත් දැක්කානේ ..මේක mcu එකේ හෝක්ස් එකක්ද දන්නේ නෑ අපිව නොමග යවන්න..or thanos ගාව gem එක ඇති .

    මම thanos වුනානම් මම gem හොයාගෙන එන්නේ පිළිවෙලකට , මට තියන අවශ්‍යතාව මත..මුලින්ම මම ගන්නේ ශක්තිය ලබා ගන්න පුළුවන් power gem එක ඒ කියන්නේ orb එක ..ඒක අනික ගන්න ලේසිම එක..xandar වල තියෙන්නේ...එහෙට ගිහින් ඒක අරගෙන ඊලඟට මම හොයන්නේ ලේසියෙන්ම transport වෙන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න ඕනේ නිසා space gem එක ..මගේ ළඟ power Gem එකත් තියෙනවා මන් කලින් කිව්වා වගේ මට දැන්
    ඊලඟට use කරන ඕනේ gem එකක full potential එක ගන්න පුළුවන් power gem එකෙන් .ඉතින් space gem එකත් හරි දැන් ..dimension හරහා උනත් teleport වෙන්න පුළුවන්...සමහර විට wakanda වල සහා titan වල යන වලිය එකම වෙලාවේ යන එකක් වෙන්නත් පුළුවන්.හරි මම ඒ අතරේ collector ගෙන් aether එකත් ගත්තා කියමු..මන් එකපාරම ඒක use කරන්න යන්නේ නෑ මොකද ඒකෙන් මාව posses වෙලා corrupt වෙන්න පුළුවන්...ඒ නිසා ඒක ගෞන්ට්ලේට් එකට දාන්න කලින් මන් එනවා wakanda වලට මගේ mind gem එක හොයාගෙන ..mind possessing power එක ලැබෙනවා කියන්නේ dial එකට ආයේ තව මොකුත් ඕනේද? ඔන්න ඊළඟට තමයි මම aether එක gauntlet එකට දාගන්නේ..thanos ට reality එකත් පාලනය කරන්න පුළුවන් කියන්නේ. සහා හොයාගන්න නැති soul stone එක වුනත් reality එක alter කරලා gauntlet එකට දාගන්න පුළුවන්...මේක මට ආව theorya ක් හොඳේ ..මැරෙන්න හදන්න එපා එහෙම වෙන්නේ කොහොමද ගගා :') මාත් මනුස්සයෙක්...marvel එකේ එවුන්ම තමයි ඉතින් වෙන දේ දන්නේ .. :')

    ඉතින් ඔන්න අපි infinity gem 6ම ගැන කෙටියෙන් කතා කරා නේ ...

    අපි මේ infinity gauntlet කියන්නේ මොකක් ද කියලා පොඩ්ඩක් කතා කරලා ඉමු..මෙහෙමයි..ඉන්ෆි ිටි gem 6 ම එකවර පාලනය කරලා massive energy එකක් harness කරන්න ගන්න weapon එකක්..මේක මුලින්ම දාගත්තේ thanos ..මන් කලින් කතාවේ කිව්වා වගේ mistress death ව impress කරන්න dial එක පිස්සෙක් වගේ පිස්සෙක් වගේ infinity gem හොයාගෙන gauntlet එක assemble කරානේ...මේ ගෞන්ට්ලේට් එකෙන් harness වෙන power එකෙන් universe එකෙන් බාගයක් වුනත් එක swap එකකින් විනාස කරන්න පුළුවන්...ඇත්තටම thanos කොමික් එකක ඒක කරා ...අන්තිමට ගැලැක් ටස් ඇතුලුව ගොඩක් celestial ලාව හිර කරා .. ඊට පස්සේ කොමික් වල නම් adam warlock , gamora , mr . fantastic වගේ අය ඕක use කරලා තියෙනවා නේ...

    අපි පොඩ්ඩක් mcu එක පැත්තට එමු.. thor ragnarok බලපු අය හෙන උබතොකෝටික සිද්දියකට මූණදුන්නා...odin ගේ වෝල්ට් එකේ දී ඔය gauntlet එක දැ කපු hela කිසිම ගානක් නැතුව fake කියලා බිමට දාලා යනවා ..ඒ කියන්නේ gauntlet දෙකක් තියනවාද ?
    මගේ theorya ඕව් ...දෙකක් තියෙනවා... ඒත් odin ගේ වෝල්ට් එකේ තිබුනේ fake එකක්...ඒකට හේතු දෙකක් තියනවා..

    1) ඇස්ගාඩ් වල වගේම අනිත් enemy ස් ලාට message එකක් දෙන්න...ඔඩින් ගාව තමයි අච්චර powerful ඉන්ෆිනිටි gem gauntlet එක තියෙන්නේ කියලා..dial එක ගාව එහෙම රෙද්දක් තියෙනවා කියන්නේ මොකෙක්වත් asgard දිහා බලාගෙන බත් කන්නවත් කැමැති වෙයිද ? ඒ වගේම ඔය අනිත් enemies ලා gauntlet එක හොයන එක නවත්වයි..

    2) තව එකක් තමන්ගේ king ගාව infinity gem gauntlet එකක් තියනවා කියන්නේ ..dial එක මොන තරම් champion කෙනෙක් ද කියන එක තමන්ගේ රට වැසියන්ට නිකන්ම හිතෙනවා නේ...එතකොට තමන්ගේ reign එක ගැන question කරන්න කවුරුවත් එන්නේ නෑ නේ ...

    නිකන් bullshit theory එකක් වගේ වෙන්න පුළුවන්..ඒත් මතක තියාගන්න මචන්ලා odin කියන්නේ හැම වෙලේම ෆෙයා විදියට play කර dial එකක් නෙවේ...hela ව use කරපු එක...loki ව adopt කරපු එක හොඳම උදාහරණ තමයි....හොර ගෙඩියා ... :')

    කොහොම උනත් ආයෙම ඉන්ෆිනිටි gem කතාවට එමු.. අපි කතා කරානේ ඉන්ෆිනිටි ජෙම් වල තියෙන power එක ගැන ... ඔන්න ඔය නිසාම තමයි කීයටවත්ම gem 6ම විශ්වයේ එක තැනක තියෙන එක බයානක වෙන්නේ ...living tribunal කියන තව ඔමිනිපටේන්ට් වර්ගයේම තවත් dial එකක් declare කරා infinity gauntlet එක disassemble කරන්න එක කොමික් එහෙක..(living tribunal කියන්නේ මුළු universe එකටම ජජ් ,ජූරි,එක්සිකියුෂනර ් වගේ dial එක )

    තවත් පුංචි දේවල් ටිකක් තියනවා කතා කරන්න ..මේ gem 6 ගැන ...කීයටවත් මේ gem එකක් තව එකකට එරෙහිව use කරලා විනාශ කරන්න බෑ.. මතක තියාගන්න විනාශ කරන්නයි බැරි එක විතරයි හොඳද ..හේතුව මේ gem එකිනෙකට universe එකේ එයාලට අදාළ aspect එක (mind ,soul ,space ,reality ,time ,power ) control කරනවා සම්පූර්ණයෙන්ම .
    මේවා හරියට ඒ එක එක තත්වයට අදාළ control panel එකක් වගේ..space gem එක විනාස කරනවානම් mulu space එකම existence එකෙන් නැතිවෙලා යන්න ඕනේ so ඒක වෙන්න බෑ...
    සහා මේ infinity gem වල power වැඩ කරන්නේ ඒ gem origin වුන universe එකේ තියන aspect වලට විතරයි ..වෙන universe වලට අදාලම නෑ ..

    ඔන්න ඕකයි scene එක ඉතින්...තව post එක දික් කරන්නේ නෑ ..අදට මෙතනින් නවතිනවා...මේ ඉතාමත් ශේප් පැහැදිලි කිරීමක් කරේ....ඉන්ෆිනිටි gem ගැන...මන් මුලදී කිව්වා වගේ...mcu එකේ ෆිල්ම් වල තිබ්බ ඉන්ෆිනිටි gem ගැන ක්‍රෙඩිට් සීන් අරවා මේවා විස්තර කරේ නෑ ...ඔයාලා මුල ඉඳලාම කතා ටික බලලා ඉන්න නැත්නම් ඉන්ෆිනිටි වෝ එකට ආතල් එකක් නැති වෙනවා...

    මාවල්ම දානවා කියල අවුල් ගහන්න එපා...මේටිකේ ගොඩක් අය ට ප්‍රශ්න තියේනම පැත්ත marvel ..ඉතින් තව මාසෙකට ආසන්න කාලයක් නේ infinity war එකට ...අපි පොඩ්ඩක් marvel පැත්තට බර දෙනවා...ලබන සතියේ DC එකකුත් වැටෙයි සමහරවිට...

    අනික එක එක කොමික් කතා වල එක එක තියරිස් තියනවා...කෙනා ගෙන් කෙනා දකින විදිය වෙනස්...ඒ දේවල් මත සමහර තියරිස් වෙනස් වෙන්න පුළුවන්...කිසි ප්‍රශ්නයක් නෑ .. මචන් උබලා දන්නා දේවල් අපිත් එක්ක බෙදා ගනින් ..කොමන්ට් කරපන්...ප්‍රශ්න අහපන්....ඉතින් අදට මෙච්චරයි...හම්බෙමු ආයෙම....ජය වේවා ...



    උපුටාගැනීම - Hype Zone Page

  2. #2
    Junior Member Danushka Eranga is an unknown quantity at this point
    Join Date
    Nov 2015
    Posts
    1
    Likes Received
    0 times
    mmmm good work bro

  3. #3
    Junior Member Thilina915 is an unknown quantity at this point
    Join Date
    Sep 2012
    Posts
    1
    Likes Received
    0 times
    බොහොම ස්තූතීයී.මේකට සමබන්ධ කලින් පෝස්ට් එක මොකද්ද

  4. #4
    Member dilanlakmal is on a distinguished road
    Join Date
    Jun 2013
    Posts
    60
    Likes Received
    0 times

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts