A Bad Moms Christmas (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




ආයුබෝවන් කට්ටියටම මේ මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි උපසිරැසිය විදියට මං අරන් ආවේ ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකේ පලවෙනි කොටස වෙන Bad Moms චිත්‍ර‍පටිය ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. බලලා නැත්නම් සුම් එකෙන්ම සබ් එක දිලා තියනවා අරන් බලන්න පුලුවන්. පළවෙනි චිත්‍ර‍පටිය බැලුවේ නැහැ කියලා දෙවැනි එක බලන්න බැරි වෙනවා කියලා ගැටළුවක් නැහැ. හැබැයි මුල් එක බලලාම බැලුවොත් ආයේ ෆන් එකේ බලන්න පුලුවන්

පලවෙනි කතාවේ වගේම මේ කතාවෙත් මෙහි ප්‍ර‍ධාන චරිත තුන වෙන Mila Kunis,Kristen Bell හා Kathryn Hahn රංඟනයෙන් දායක වෙනවා. මේ පාර කතාවේ වෙන්නේ මේ තුන්දෙනාගේම අම්මලා එනවා නත්තල් සමරන්න කියලා තමන්ගේ දුවලාගේ ගෙදරට. ඒ තුන්දෙනාටම අම්මාලා නිවාඩුවට ගෙදර එන එක නම් අල්ලන්නේ නැහැ. මොකද අම්මලා ඇවිල්ලා නිකම් ඉන්නේ නැහැ මේ අයට එයාලාට ඕනි විදියට නත්තල් සමරන්න කියලා කරදර කරනවා. මේ අය ඉතින් මේ පාර යුධ ප්‍ර‍කාශ කරන්නේ තමන්ලාගේම අම්මලා වෙනුවෙන් තමයි. පැය එකහාමාරක් හිනා වේවි බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් විදියට මේක කියන්න පුලුවන්. හැබැයි ඉතින් මේක පවුලේ හැමෝටම නම් බලන්න බැහැ. දන්නවා නේ ඉතින්...



Bad Moms (2016) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රිවිඳු හිරන්‍ය රත්නායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

A Bad Moms Christmas (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)