Megan Leavey (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ආයුබෝවන් සියළුදෙනාටම. 2017 වසරේ නිකුත් වුණ තවත් චිත්‍රපටියක් අරගෙනයි මම අද ආවෙ.ඇත්තටම කිව්වොත් අපේ ඇඩ්මින් සහෝ මට මේක කරන්න බාර දීලා ගොඩක් කල් වෙනවා. නමුත් රැකියාවේ කටයුතු බහුල වීමත් එක්ක දිනෙන් දින උපසිරසිය කරන එක කල් ගියා. ඒ පිළිබඳව මුලින්ම සියළුදෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා. වැඩිය කතා නැතිව චිත්‍රපටියෙ පොඩි විස්තර ටිකක් බලලා චිත්‍රපටිය බලන්න යමු එහෙනම්.

චිත්‍රපටි දර්ශකයේ 10/7.1 රේටින්ස් ලබාගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියනවා.සත්‍ය සිදුවීමක් පදනම් කරගෙනයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. අපි කතා පැත්තට පොඩ්ඩක් ගියොත්, මේගන් ලීවි කියන්නෙ තමන්ගෙ පවුල අවුල් වුණ, තමන්ගෙ හොඳම යාළුව මිය ගිය එක ගැන දුක් වෙවී ඉන්න තරුණියක්. ජීවිතේ එපා වුණ තැන ඇය හමුදාවට බැඳෙන්න තීරණය කරනවා. ඊටපස්සෙ ඇය මැරීන් බලකායට බැඳෙනවා. එතන දි කරපු වැඩකට දඬුවමක් විදියට එයාට මැරීන්ලගෙ නිල සුනඛයින්ගෙ කූඩු සුද්ද කරන්න සිද්ද වෙනවා. එතනදි තමයි එයාට රෙක්ස් ව මුණගැහෙන්නෙ. මං එතනින් එයාට කතාව කියන්න යන්නෙ නෑ. අනුවේදනීය ලස්සන කතාවක්.හැමෝටම බලන්න කියල ආරාධනා කරන ගමන් යන්නයි මේ සූදානම. බාර ගනිපු තව එකක් තියනවා ඒකත් ඉක්මණටම අරගෙන ආයෙත් එන්නම්.

ආ... කියන්න අමතක වුණා. සියළුදෙනාට ලැබුවා වූ අළුත් අවුරුද්ද සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රුවන් S. මහ නාන්නේරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Megan Leavey (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)